Friday, December 16, 2011

සීත ගඟුලෙන් ඉහළට

මෙතෙන්ට එනකන් මඟහැරුණ නම් එහෙම ආපහු කලින් පෝස්ට්එක බලලම එමු. මතකනෙ එදා ඇවිල්ල සීත ගඟුලෙන් නාලා එහෙම ආපහු යන්න පිටත්වෙච්ච හැටි. 

හැටන් පාරෙ වගේ නෙවෙයි රත්නපුර පාරෙ සීත ගඟුල හම්බවෙන්නේ පඩි හයදාහකටත් වඩා නැගංමයි. හැටන් නම් නල්ලතන්නියෙ ඉඳල පැයක් ගියාම සීත ගඟුල. 
ඉතින් අයිස් වතුරෙන් නාල කරල එහෙම අපි මේ යන්නෙ අපේ නවාතැන්පළ වෙච්ච හැරමිටිපානට. වෙලාව රෑ 9ට විතර ඇති. කොහොම හරි පඩි අටසීයක් විතර නැග්ගට පස්සෙ තමයි අපි එතෙන්ට ආවේ.



හොඳ වෙලාවට පඩි ගණන් කොටල තිබුණෙ. නැතුව අපි ගණින්නයැ ඉතින්. මේ කියන්නෙ එතකොට පෝය දවසෙ රෑ. එදාටම තිබුණ චන්ද්‍රග්‍රහණයක් හින්ද හඳෙනුත් චූටි කෑල්ලක් විතරයි පේන්න තිබුණේ.

මේ තියෙන්නෙ හැරමිටිපානෙ විශ්‍රාම ශාලාවෙ කෑම වල මිළ ගණන්. ඇත්තටම බොහොම සාධාරණයි. මෙච්චර දුර උස්සගෙන ඇවිල්ල මේ ගාණට දෙනව කිව්වම හිතාගන්නවත් බැහැ.


මේ වෙනකොට අපේ ප්ලෑන් එක වෙලා තිබුණෙ පැය හතරක් වගේ නිදාගෙන ආපහු පාන්දර දෙකහමාරට විතර ඇහැරෙන්න. මළුවට යන්න තව පැය තුනක වගේ ගමනක් තියෙනව කියල තමයි දැනගන්න හම්බවුණේ. ඒක හින්ද ඉක්මණට රෑට කාලා එහෙම පොඩි නින්දක් දාන්න තමයි හිතුවේ. කෑම කිව්වමයි මතක් වුණේ.... මේ ගමනෙදි නම් පාං එපාම වුණා. ගෙදර ඉඳල අපි ඔක්කෝම එක එක විදියට හදානෙ ඇවිල්ලා තිබුණෙත් පාං. ඒ මදිවට රෑටයි උදේටයි හැම වේලකටම තිබුණෙත් පාං. නඩේ ගුරාගෙ හොඳකම තමයි ඉතින්.

අන්තිමට පාං කාල කාල නිදාගන්න හැදුව විතරයි. කොහෙද ඉඳන් ආපු බුවාලා සෙට් එකක් සින්දු කියන්න පටන් ගත්තා. සින්දු කිවුවට ඒව ඔක්කෝම අහගෙන ඉන්නකොට කේන්තියන ප්‍රයිවට් බස්වල වැඩිපුර ඇහෙන සින්දු. අපිත් ඉතින් ඉවසගෙන පැය බාගයක් විතර ඉන්නකොට විශ්‍රාම ශාලාව බලාගන්න කෙනෙක්ද කොහෙද ඇවිල්ල වැඩේ නවත්තල දැම්මා. ඊට පස්සෙ නිදාගන්න හැදුවත් සීතල වැඩිකමට නින්දයන්නෙම නෑ. විනාඩි දහයෙන් ආපහු ඇහැරෙනවා. කොහොම කොහොමහරි ඒ විදියට පැය තුන හතරක් ගෙවාගත්තා. දෙකහමාරට විතර ආපහු නැගිටලා මූණකට එහෙම සෝදගෙන උණුඋණුවෙ තේ බීල ආපහු නඟින්න පටන් ගත්තා.




දැන් නම් හොඳටම හඳ එළිය හරියට දවල් වගේ. නඟිනවා කිව්වට ලේසි වැඩක් නෙමෙයි. එන්න එන්නම බෑවුම වැඩිවෙනවා. පේනවනෙ මේ.. මේ.. 


මේ තියෙන්නෙ මෑල්ලමළකඳුර. සිරිපා වඳින්න ආපු ආච්චිකෙනෙක් මැරෙන්න ඇති ෂුවර් එකටම මේ හරියෙදි.


වළාකුළු අතරින් පතර තිබුණට හඳ එළියට පළාතම බැබළෙනවා. මෙන්න ෆොටෝ...


පැයකට වැඩි කාලයක් නැග්ගම සිරිපා මළුව පෙනුණේ මෙන්න මේ විදියටයි.


අන්තිමේදී අපි හිමින් සීරුවේ ඇහැළකණුවටත් ළඟාවුණා. මේක තමයි මළුවට කලින් හම්බවෙන අවසාන ගිමන්හල. වෙලාව පාන්දර පහයි.


ඇහැළකණුවෙ කඩෙන් කෝපි බීල මහගිරිදඹේ තරණය කරල, කැඩිල තිබුණ වයර් එකකින් යකඩ වැටෙන් කරන්ට් එකත් වද්දගෙන මළුවට එද්දි වෙලාට පහයි හතලිස්පහට විතර ඇති.


උඩමළුවේ ලස්සන...




ඉරසේවය නම් බලන්න බැරිවෙනව කියල කීප වතාවක්ම යකඩ කටෙන් කියනව ඇහුණත් කවුරුවත් හෙල්ලුණේවත් නැහැ. අන්තිමට බලන්න හම්බවුණේ මෙන්න මේ විදියට තමා.



මේ වෙලාවෙ වටේම හොඳ පැහැදිලිව තිබුණත් පූජාව පටන් අරන් මොහොතකින් මුළු උඩ මළුවම තද මීදුමකින් වැහිලා ගියා. මේ තියෙන්නේ හොඳට පායල තිබුණ ඉර ට වෙච්ච වැඩේ.




උඩමළුවෙ පූජාවටත් සම්බන්ධවෙලා සිරිපා නමස්කාර කරල අපි උඩ මළුවෙන් අයින් වුණා. ඒ අතරෙදි අපේ එකෙක්ගේ නළලෙ එතන දාල තිබ්බ පඬුරු කාසියක රුපියලේ මූණත හිටින විදියට එතන හිටපු ස්වාමීන් වහන්සේ නමක් වන්දවල තිබුණ. හොඳවැඩේ බාගෙට වඳින්න යනවට.
පොඩ්ඩක් එතනිනුත් පහලට බැහැල ආපහු සැරයක් නඩේ ගුරා මතක් කරල පාන් කාලා.... හැටන් පාරෙන් බහින්න පටන් ගත්තා.




මේ තියෙන්නේ ටිකක්දුර බහිනකොට ඈතින් පේස මාවුස්සාකැලේ ජලාශය.




ටික වෙලාකින් ආපහු හැටන් පාරෙ සීත ගඟුල. ආයෙ මොනවද ඉතින් නෑව තවත් සැරයක්.



මේ තියෙන්නෙ සිරිපා පාමුල ජපන් සාම චෛත්‍යය.



මේන් හැටන් පාරෙ මකර තොරණ.



සිද්ධාලේප වෙද මහත්තයගෙ පේයාව එකක් එහෙම බීල, පැයට කිලෝමීටර් දෙක තුනක වේගෙන් අපි දෙක විතර වෙනකොට නල්ලතන්නියට ආවා.

ඔන්න සිරිපා කරුණාව ඉවරයි. එතනින් හැටන් අවිස්සාවේල්ල හරහා හයිලෙවල් එකේ ගෙදර.

දවස් තුනක් විතර යනකන් පඩිපෙළවල් දකිද්දි දත්මිටි කැවුණා. අදනම් බොහෝදුරට ෂේප්.

ලබන සතියෙත් ට්‍රිප් ම තමා. නුවරඑළියෙ හෝටන් පැත්තෙ පොඩි සවාරියක් ගහන්න තියෙනවා... ඒ විස්තරේ ගිහින් ඇවිල්ල කියන්න බැරියෑ...


24 comments:

  1. බොහොම ලස්සන ලිපියක් අය්යේ
    පින්තුර ටිකත් බොහොම අපුරුය්
    අය්යේ ඔය නල්ලතන්නිය පැත්තෙන් නගිනවට වඩා අනිත් පැත්තෙන් නගින එක දුෂ්කර උනත් බොහොම ලස්සනයලු

    ඔබට ජය

    ReplyDelete
  2. අති සුන්දර පිංතුර ටිකක්...මචො සිරිපාහිමේ කටුක සීතලට අහුවෙනව කියන්නේ ජීවිතේට අමතක නොවෙන අද්දැකිමක්...අපි කැලෙන් ගියවෙලේ හිටියේ..ගඟක් මැද ගලක් උඩ..නාන බෙසමක බැහැල හිටිය වගේ මාර අමරු උනා සිතල උහුලන්ඩ ගිනිගොඩක් ගහලත්...එල චාරිකාව බං..ස්තුතී අපිත් එක්ක බෙදාගත්තට

    ReplyDelete
  3. අපිත් සිරිපාදේ කරුණා කරලා ආවට පස්සේ නල්ලතන්නියේ ඊටත් පස්සේ හැටන්වලදී එහෙම ඇවිද්දේ හඳේ ඇවිදිනවා වගේ. ඒ තරමටම කකුල්වලට සනීපයි :))

    ReplyDelete
  4. ඔයා ඉතිං මගෙ ආසාව වැඩි කරනවානෙ,....:(((

    කවදා යන්න වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
  5. සුන්දර අත්දැකීමක්.

    මේ වාරෙත් කරුණාකරන්න හිතෙනවා

    ReplyDelete
  6. වසිලිස්සාDecember 16, 2011 at 4:12 PM

    බ්ලොග් ලියන අය නියම නිවාඩු ගතකරනවා වගේ! අනේ වාසනාවන්!
    අපිට නොදන්නා තොරතුරු තව තව දැනගන්න හම්බවෙනවනේ, ඒ ටිකම ඇති නොවැ

    ReplyDelete
  7. මට මේක කියවනකොට අයෙමත් සිරිපාදේ ගියා වගේ දැනෙනවා බොල.

    ReplyDelete
  8. පින්තුරත් එක්ක දාපු විස්තරේනම් නියමයි අයියේ..

    එක නෙමෙයි අර "මෑල්ලමළකඳුර" කියන තැන මොකක්ද?? මං ගිය වෙලේ එහෙම තැනක් ගැන මතකයක් නෑනේ..

    ReplyDelete
  9. දැන් දාපු එක ගැන නෙමේ අහන්නෙ, අර සිංදුවක් එහෙම මතක් කරල කලින් දාපු එක

    ReplyDelete
  10. මේ..මේ..අයියෙ ඉන්න මම දෙන්නම් ටොප් අයිඩියා එකක්......!!
    ඔයාල හොර්ටන් තැන්නට යනව නම්,,,'ඔහිය' රේල්වේ ස්ටේශන් එක ගාවින් තියනව කෙටි පාරක් කැලේ මැද්දෙන්.....අපි ඒකෙන් තමා පයින් ගියෙ..හෙන ඝණ කැලෑව මැද්දෙන් උඩට නැගගෙන නැගගෙන ගිහින් අන්තිමේදි මතුවෙනව හොර්ටන් තැන්නෙ හෙන එළිමහන් තැනිතලාවකට..එතන පුදුම ලස්සනයි..අතර මග සත්තු ඉන්න පුලුවන් නිසා පොඩ්ඩක් කෑගහල සද්දයක් දාගෙන යන්න...අමතක නොකර බූට්ස් සපත්තු දාන් යන්න...මේවා හැමෝටම කියල දෙන්නෙ නැහැ හරිද..? හී..හී..හී...!!!!

    ReplyDelete
  11. ආයෙමත් අර කරුම ලෙඩේ හැදුනා.
    වෙන මොකවත් නෙමේ බොලව් රුසියාවට වඩා ලොකු ලෙඩේ !!!
    මාත් මෙදා පාර යන එක යනවාමයි !!

    ReplyDelete
  12. චරිත් යශෝද - තැන්කූ..තැන්කූ.. මල්ලි.. ලංකාවෙ ලස්සන බලන්න කොච්චර ඇවිද්දත් මදි.

    Raj - මේ වගේ අත්දැකීම් විඳගන්න එක තමයි ජීවිතේ...

    Hasitha - සනීපදත් අහනවා.. රිකවර් වෙන්න දවස් හතරයි...

    නිසුපා - මේ කාලේ ගියොත් තමයි නිසූපා... දන්නවනෙ තව ටික දවසකින්... වගකීම් වැඩිවෙයි.. වෙලාව නැතිවෙයි.

    පෙදරේරුවා නොහොත් මේසන් බාස් - පෙදරේරුවා.. හැටන් පැත්තෙ කැඩිච්ච පඩි බොහොමයි බං.. ඒ ටික හදපන්කෝ.

    වසිලිස්සා - ඇයි වසිලීස්සා.. බාබායිගා යකින්න හොයාගෙන ගිය ගමන......

    ReplyDelete
  13. Buddhika - අපි යං .. අර නඩේ ගුරා කිව්ව ප්ලේස් එකකට ළඟදීම.

    Dinesh - සමහරවිට බෝඩ්එක තිබ්බෙ නැද්ද දන්නෙ නෑ කොල්ලෝ..

    Observer - ඔබා ඒක දාල තියෙන්නේ මුල කෑල්ලට.. අනික් පෝස්ට් එකේ.. ඒක නියමෙට එතන තියෙනවා.

    වින්චැට්කිරිල්ලි. - ෂා.. ඒ පාරෙන් ගිහින් නෑ.. හැබැයි පට්ටිපොළ ඉඳන් ඇද්ද හැටි තියෙනවා මේ බ්ලොගේම වෙන තැනක.

    මධුරංග - හිහී... ඔව් ඔව් .. වැඩිය කට්ටිය යන්න කලියෙන් යන්න පුළුවන් නම්... දන්නවනෙ අපේ කස්ටිය... මාස දෙක තුනකින් පොලිතින් එහෙම ගොඩ ගැහෙයි.

    ReplyDelete
  14. නියම විස්තරයක් සමග ලිපියක්.

    ReplyDelete
  15. එක මිසක්, දැන් ඒක බලන්න ආපහු යන්න එපෑ

    ReplyDelete
  16. අපිත් හැමදාම සිරීපාදේ වන්දනා කලේ මෙහෙම රත්නපුරෙන් නැගලා.. හටන් වලින් බහින එක.. මොකද ලස්සන වඩිම රත්නපුර පාර.. මද බෑවුම දුර වැඩී.. නහින කොට ඉතින් වෙහෙස වෙලා නිසා හැටවලින් බහින් එක තමයි මරු..

    ReplyDelete
  17. ඇත්තටම ලස්සනයි..මමත් බුදුන්ගෙ සරණින් මේ 24 හිමේ නගින්න හිතාගෙන ඉන්නවා. එතකොට මටත් මේටිකම විදින්න පුළුවන් වෙයි

    ReplyDelete
  18. මං තවම ඔය කන්දේ නැගකල නැහැ නේ.කවද ලැබෙයි දෝ

    ReplyDelete
  19. ලස්සන විස්තරෙත් එක්ක පිංතූර ටික....ආසයි ආයිත් යන්න.....

    ReplyDelete
  20. බොහොම ස්තුතියි විස්තරේටයි, පින්තූර ටිකටයි...හරිම ලස්සනයි... ඒත් දැන් නම් දැරු මල්ලො අතින් කටින් එල්ලගෙන දිග පාරවල් වලින් නම් යන්න වෙන එකක් නෑ... එයාල ගෙදර තියල ගියොත් ඇර...

    ReplyDelete
  21. වෙනී - වෙනී නං ඉතින් නැඟල නැතෑ ඉහේ කෙස් ගාණට.

    Janaranga - අනිවාර්යයෙන්ම

    අසරණයා - මේ වාරෙ කරුණා කරමු එහෙනං

    ඔබ නොදු‍ටු ලොවක් - තැන්කූ....

    Miyuru - ඔව් ඒක නං අමාරු වැඩක් තමා.

    ReplyDelete
  22. සාධු සාධු.. තුන් පාරක් කරැණා කලාට ඔච්චර විස්සර දන්නේ නැහැ බොල..

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.