Monday, December 26, 2011

හුටා.... යතුර ඇතුළෙ

මේක මෙහෙම ලිව්වට සිද්ධිය වෙච්ච වෙලාවෙ නම් මගේ කන් දෙකෙන් ගින්දර පිටවෙනව වගේ තමයි මට දැනුණෙ. ඒත් කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල තමයි දාන්නෙ.

ගිය සතියෙ අපි කට්ටියම නුවරඑළි පැත්තෙ රවුමක් යන්න දාගෙන හිටියේ. ඒ විස්තරෙත් දාන්න ඕනෙ වෙන වෙලාවක. ඒ යන ගමන් තමයි මේක වුණේ.

උදෙන්ම පිටත්වෙලා යටියන්තොට හරියට එනකොට උදේ 8.30ට විතර ඇති. අපි උදේට කන්න හොඳ තැනක් බල බලා තමයි ආවෙ. හරියටම අවිස්සාවේල්ල හැටන් පාරෙ 26වෙනි කණුව ළඟ. පොඩ්ඩක් පහලින් කැළණි ගඟ ගලා බහින ලස්සන තැනක්. අපිත් ඉතින් පහළට බැහැලා ලෑස්ති කරගෙන ආපු කෑම එහෙම කාලා ඉවරවෙලා ආපහු උඩට නැංගා. මේ තියෙන්නෙ එතන ෆොටෝවක්.



මෙන්න මේ වෙලාවෙ කාරෙකෙන් එළියට අරන් තිබුණ බඩු ටිකක් ආපහු දාන්න ඕනි වුණා. ඉතින් මම අන්ලොක් කරලා ඩිකියෙ දොර ඇරලා යතුර තිබ්බා උඩ තියෙන ට්‍රේඑක උඩින්. එහෙම තියලා බඩුටික ඇතුළට දාලා ඩොග් ගාලා දොර වැහුවැ නැතෑ......

දොර වැහෙනවත් එක්කම මට මීටර් වුණා හුටා.. යතුර ඇතුළෙ නේද කියලා... මේ අස්සෙ දිගට හරහට එලාම් එකත් වදිනවා. ටක් ගාලා වෙන දොරක් අරින්න හැදුවත් ඔක්කෝම ලොක් වෙලා. මොකද අන්ලොක් කළාට ඩ්‍රයිවින් සීට් එක ළඟ දොර ඇරියෙ නැත්තම් තප්පර 15 කින් ආපහු ඉබේම ඔක්කොම ලොක්වෙනවා.

මොහොතක්න් මාව නිකන් කූල්වෙලා ඊට පස්සෙ කන් දෙක යටිපතුල් වලින් එහෙම තාරුකා විසිවෙනව වගේ දැනෙන්න ගත්තා. 
ලේසියෙන් ගෙදර ගිහින් අමතර යතුරු ගේන්න පුළුවන් දුරකත් නෙමේනෙ ඉන්නෙ. අපේ ෆෝන් බෑග් ඔක්කොමත් ඇතුළෙ. කරකියාගන්න කිසිම දෙයක් නෑ.

අපිත් එක්ක තව යාළුවො දෙන්නෙකුත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්ගෙ යතුරුවලිනුත් දොර ඇරගන්න හැදුවට අඩුගානෙ යතුරු දාගන්නවත් පුළුවන් කමක් වුණේ නෑ.
අන්තිමට පොඩ්ඩක් එහාට මෙහාට ගිහින් විපරම් කරල බලනකොට දැනගන්න හම්බවුණා තව කිලෝමීටර් 2-3ක් එහා ගරාජ් එකක් තියෙනව කියල. ඉතින් බල බලා ඉන්නෙ නැතුව මමයි යාළුවෙකුයි ටක් ගාලා එතන හොයාගෙන යන්න පිටත්වුණා. ඔන්න ඉන්නව ඇංජිමක් ගලෝගෙන බාසුන්නැහැ කෙනෙක්.

බාසුන්නැහැ මාර වැඩක්නේ වුණේ..... යතුර ඇතුළෙ දාලා දොර වැහුවනේ.... මොනවහරි කරගන්න පුළුවන්ද.....

හප්පා මහත්තයා... මාර කේස් එකක්නේ... ඕක කොහොමද කරන්නේ.... මට නම් අමාරුයි.

මාර වැඩේනේ... ගොඩදාගන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බැරිවෙයිද.

ඔයා යන්න තව කිලෝමීටර් 5-6ක් විතර... ගිහින් මෙන්න මෙතන ... අහවල් බාසුන්නැහේ හම්බවෙන්න .... මම කිව්ව කියල කියන්නකො... එයා ඔයවගේ වැඩවලට දස්සයා... මොනවහරි කරගන්න පුළුවන්වෙයි.

දැන් ඉතින් මොකෝ කරන්නේ... අපි එතනටත් යන්න පිටත් වුණා. යනකොට එයා තේ එකක් බොන්න ගිහිල්ලා... එනකන් විනාඩි 10 ක් විතර ඉඳලා .. අපි විස්තරේ කිව්වා... දැක්ක ගමන් මට හිතුණා මෙයා නම් වැඩකාරයෙක්... අනිවා වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා. ටිකක් විතර වයස.. එක්කෙනෙක්. අපෙන් පොඩි විස්තරයක් එහෙම අහල කම්බි කෑල්ලකුත් අරන් අපිත් එක්ක යන්න පිටත් වුණා..

එන ගමන් බාසුන්නැහේ කියනව...

මහත්තයා මේ සමහර වැඩ නඩු යන්න වෙන වැඩ... අන්තිමට කියයි මෙන්න මෙයා තමයි දොරවල් ඇරල දුන්නෙ කියල. ඔයගොල්ලො දුර හින්ද තමයි මම එන්න හිතුවෙත්.... මේ පැත්තෙ කෙනෙක්ගෙ නම් කීයටවත් කරන්නෙ නෑ කියල.

කතාව සම්පූර්ණ ඇත්ත. හොරෙන් උස්සපු වාහනයක් වුණත් මේ විදියට අන්ලොක් කර ගන්න පුළුවන්නේ ... ඒකයි. අන්තිමේදී බඩුයි හොරුයි ගෑවිච්ච ඔක්කෝමයි උසාවි.

එන ගමන් මම කල්පනා කළේ මෙයා කොහොම මේ වැඩේ කරයිද කියලයි. ලොක් එක කඩන්න දෙන්නත් බෑ... ඩැමේජ් කරන්න දෙන්නත් බෑ... මොකද ඒක හදන්න යන වියදමෙන් ගෙදර ගිහින් යතුර ගේන්න පුළුවන්නේ...

මේ අතරෙදි මට මතක් වුණේ යූ ටියුබ් විඩියෝ එකක්... ඒකෙ පෙන්නනවා බීඩින් එක හරහා නූලක් දාල නොබ් එකේ ගැටයක් ගහල තප්පර 5න් අන්ලොක් කරන සීන් එකක්... ඒත් ඉතින් ඒවගේ වැඩක් මෙතන කරන්න පුළුවන් වෙයිද.....

ඔන්න ආවට පස්සෙ බාසුන්නැහේ කම්බියත් අරන් වැඩේට බැස්ස. අපිත් ඉතින් ළඟටම වෙලා බලන් ඉන්නවා මොකද්ද වෙන්නෙ කියල...

මේක නම් ප්‍රසිද්ධියෙ කියන්නත් හොඳ නෑ.... හැබැයි ඉතින් දොර ඇරගත්තට ස්ටාර්ට් කරන්න බෑනෙ යතුර නැතිව.. අනික සිකියුරිටි සිස්ටම් එකයි ඉමොබිලයිසර් කීඑකක් හින්ද ඒ යතුරම ඕනෙ ස්ටාර්ට් කරන්න. වෙන කපපු ඒවායින් බෑ. හැබැයි ඉතින් බෑයි කියල දේකුත් නෑ... ලංකාවෙ කීයක් නම් වාහන උස්සනවද දවසකට...

ඔනෙ කෙහෙම්මලක්.. මෙන්න මෙහෙමයි වැඩේ කළේ....

ඉස්සෙල්ලාම වීදුරුව ළඟ පහල රබර් බීඩින් එක උස්සන්න ඕනෙ.. ලේසියෙන් කරන්න පුළුවන්... ඩැමේජ් එකක් නැතුව.

ඊට පස්සෙ පේනවා දොරයි වීදුරුවයි අතරින් පොඩි කම්බියක් රිංගවන්න පුළුවන් තරමේ ඉඩක්. එතනින් පුළුවන් අමුතු හැඩේකට කොක්කක් ගහපු ඒ කම්බිය පහළට රිංගවන්න. විනාඩි 10ක විතර ට්‍රයි එකක් දීල එකපාරටම දොරේ නොබ් එක උස්සගන්න එයාට පුළුවන් වුණා.... 

අම්මෝ මට ඒ වෙලාවෙ දැනිච්ච සන්තොෂෙනම් මේකෙ ලියන්න බෑ....ඩැමේජ් එකක් නැතුව වැඩේ කරගන්න පුළුවන් වීම ගැන...

කොහොමහරි ඉතින් එයාවත් ආපහු ඇරලවලා.. ගණන් බේරලා.. ආපහු යන්න පිටත් වෙනකොට පැය දෙකක් විතර ගතවෙලා....

අන්තිමට මට කියන්න තියෙන්නේ මේකයි...

ඔයාලටත් ඔය වගේ වැඩක් වුණොත් ලොක් එක කඩන්නවත් වෙන මොනවත් ගලවන්නවත් දෙන්න එපා. කියල තියෙන මෙතඩ් එකෙන් වැඩේ ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන්.... මම නම් ඕක දැනගත්තෙ එදාමයි..

ඊට පස්සෙ හැම වෙලාවෙම මට යතුර මතක් කරන්න නම් කට්ටිය හිටියා ඇතිවෙන්න.... කනක් ඇහිල ඉන්න හම්බුණේ නෑ......

41 comments:

  1. අෆෝ ඔනි නැ ඔය ගැන නම් කතා කරලා.. මං ඔහොම කටු 3-4 පාරක්ම කැවා.. අපේ තාත්තා ලොක් කරගන්න එකේ සීමාවක් නැ.. මට පුලුවන් ඔනි වාහනයක් ටික් ගාලා අරින්න :D

    ReplyDelete
  2. ඒකනේ..මං වැරදිලාවත් බයික් එකේ යතුර ඇතුලේ තියෙද්දී දොරවල් වහන්නේ නැත්තේ...
    (බුදු අම්මෝ බනියා තමා එහෙනං අර කිව්ව ගාල්ලේ කාර් හොරා..)

    ReplyDelete
  3. මේක පෙන්නන්න ඕන අපේ මහත්තැන්ට... උන්ද තමයි ඔව්ව කොරගන්නෙ.... එහෙම කිව්වට ඉතින් ඉතිහාසෙටම එක පාරයි..... එදා නං හොඳ කට්ටක් කෑව.... පොඩි උන් හොඳටම පුංචියි... උන් අඬනව බඩගිනි වෙලා... එහෙන් වතුර ටිකක්වත් අතේ නෑ..... හයියෝ වින්ද දුකක් අදාල ආයතනයෙන් එනකං...
    බොහොම ස්තුතියි ඈ

    ReplyDelete
  4. පින්තූරෙ මාර ලස්සනයි මගේ ගමත් ඔයිට කිට්ටුව තමයි අපේ මහගෙදර පල්ලෙහායින් ගගකුත් ගලනවා හැබැයි මම නම් නම දන්නේ නෑ මොකද අපි එහෙ යන්නේ අවුරුද්දකට එක සැරයයි.සමහරවිට ඔයාලා අහලා ඇති ඇලි හත ගැන අන්න එහෙට ගොඩක් කිට්ටුයි.ගමේ නම "මාගල".මට මතකයි යටියන්තොට පේරුපල්ල යටිවල වගේ ඔයි අහල පහල ගම් වලත් අපේ නෑයෝ ඉන්නවා කියලා.සුන්දර මතකෙකට මාව අරන් ගියාට බොහෝම ස්තූතියි.

    මම මේ බ්ලොග් එකට ආපු මුල්ම පාර.කථාවත් මරු මට හිතාගත්තෑකි මේක වුනාම කට්ටියගේ මූණු කොහොම තියෙන්න ඇතිද කියලා.ලියන විදියත් මරු දිගටම ලියන්න මම දිගටම එනවා....ජය වේවා...

    ReplyDelete
  5. මට ඔය මංගල්ලෙම උනා අපි දෙන්නගෙ මංගල්ලෙට පස්සෙ දවසෙ, ඇම්බැක්කේ දේවාලෙ ලඟදි!!! හොඳ වෙලාවට වැඩ දන්න කෙනෙකුත් ලඟ හිටපු නිසා ගොඩ ගියා... ලොල්

    ReplyDelete
  6. ඕඅකට ලේසිම කම්බි හැන්ගර් එකක්. මම දවසක් ඩික්මන් රෝඩ් එකේ කස්ටෙක් හම්බුවෙලා උගේ ගෙදරින් එළියට බැස්සටත් පස්සෙ තමයි දැක්කෙ යතුර ඇතුලෙ දාල දොර වහල කියල ( රිමෝර්ට් කොහෙද ඒ කාලෙ ). පස්සෙ ටක් ගාල සර්වන්ට් ඇන්ටිගෙන් ඉල්ලගත්ත කම්බි හැඟර් එකක්, විනාඩි පහයි බඩු ඕපන්. හැබැයි ඕක සමහර අළුත් කාර් වලට බෑ. විශෙෂයෙන්ම ස්මාර්ට් කී තීන ඒවට.

    ReplyDelete
  7. කොළබින් පිටදී උනොත් නම් මාර අමාරුවක වැටෙන්නේ! එක පාරක් අවිස්සාවේල්ල හරියේදී ඔය වගේ සිද්දියකට මුණ දුන්නා... අපෝ එදා නම් සංසාරේ එපා උනා මට! ඕකට තියෙන හොදම විසදුම, අමතර යතුරක් පර්ස් එකට දා ගැනීම!

    ReplyDelete
  8. අහ්හ් මරු මරු දැනගත්ත එක හොදයි. එත් හොද වෙලාවට මටම කියලා වාහනයක් තාම නැහැනේ හිකිස්‌.

    ReplyDelete
  9. රබර් බෝලයක් විදලත් කොරන්න පුලුවන් කියලා කියනවා එව්වනම් අනේ මන්දා.. මමත් මේ බොහොම මෑතක ඔය පරිප්පුව කෑව නට් වෙන්න.. කොහොමහරි වෙනම විදිහකට හදපු ගැජමැඉක් එකකින් තමා ඇරියේ.. මම නම් දොරේ උඩින් තමා වයර් එක ඇතුල් කලේ... අලුත් වාහන වල ස්මාර්ට් කී නම් ඇතුලේ තියෙද්දී ලොක් වෙන්නේ නෑ.. බීප් එකක් දෙනවා. ඒ ගැන අත්දැකීමක් නම් මේ ඊයෙත් තියෙනවා. ඒත් ඒ අතරමැද ආපු සමහර වාහන වලනම් යතුර ඇතුලේ තිබුනොත් වීදුරුව කපන්නම වෙනවා..

    ReplyDelete
  10. කාර් හොරෙක් මේක දකින්නෙ ට්ති වෙයි කියලා ප්‍රාර්තනා කරමු...
    දැක්කොත් එහෙම ශෝක්....

    අඩේ මටත් බැරිද දන්නෙ නෑ කාර් එකක් හොරකම් කරගන්න... ;)

    ReplyDelete
  11. ඇත්තටම තාම නම් මට රෝද 4ක් නැ... ඒත් ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා මේක නම් එහෙම උන දවසකට... ස්තුතියි ඇ...

    ඒක කරන හැටි විඩියෝවකුත් හදලා දැම්මානම් මරුවට තියෙවි...

    ReplyDelete
  12. මම නම් ගන්න ඉන්නේ බයික් එකක් නිසා ඔය පුරස්නේ ඇති වෙන එකක් නෑ. ඕක ඉගෙන ගෙන ඔය වගේ වෙලාවකඋදව් කරන්න ගියොත් එයාලා අපි ගැන මොනවා හිතයීද?
    @ නිසුපා
    කාර් හොරෙක් මේක දකින්නෙ නැති වෙයි කියලා ප්‍රාර්තනා කරමු...
    කියලා නෙවෙයි ලියන්න තිබුනේ
    මම හැර වෙන හොරැ මේක නොදකිත්වා කිවලා.

    ReplyDelete
  13. Bunny - ලංකාවේ වැසියනි.. බනියගෙන් ප්‍රවේශම් වෙයව්.

    මාරයාගේ හෝරාව - ඔව් බං.. බයිසිකලේ ගියාම ඔය මොනවත් නෑ.. හරි බනිය මාට්ටු.

    Miyuru - හිහී.. හැමෝටම අත්දැකීම් තියෙනව වගේ.

    ගැමියාගේ පත් ඉරුව - ඔව් ඔව් .. හරිම ලස්සන පැත්තක් ඒක. කියල වැඩක්නෑ මූණු නිකන් කජුලෙලි වගේ තිබ්බෙ.

    ගීතක - මංගල්ලෙට පස්සෙ දවසෙ ඔච්චර අප්සෙට් ගියාද බොල.

    ඉන්දික උපශාන්ත - ඔය එන්නෙ වැඩ කාරයො එළියට.

    ReplyDelete
  14. Nelum - දැන් තියෙන යතුරු පර්ස් එකට දාන්නත් බෑ. ගෙඩියක් වගේ තියෙනවනෙ. වෙන කොහේ හරි හංග ගන්න වෙන්නේ.

    වර්ණා - හපෝ ටික දවසකින් ඕනෙ වෙයි.

    lahirucc - අම්මෝ වීදුරුව නම් කපන්න දෙන්නෑ... ගෙදර ගිහින් යතුර ගේනව මිසක්.

    නිසුපා - නිසූ.. බනිය සෙට්කරන් කාර්එකක් උස්සමු.

    දේවා ගේ අඩවිය - අපි වගේ පත ලෝන් එකක් ගහල ගමු මල්ලී එකක්.

    බට්ටි - මොනවද ඉතින් හොඳ වැඩකාරයෙක් කියල හිතයි... තව බිස්නස් එන්නත් බැරි නෑ.

    ReplyDelete
  15. එකනේ... පිටි පස්සේ සාක්කුවට දානවනම් තමයි නුවන් ප්‍රශ්නේ.. නැත්තම් පර්ස් එකට දාන එක එතරම් අවුලක් නැහැ! මගේ බාප්පා නම් දාගෙන ඉන්නේ එහෙමයි! හැබැයි එයා වොලට් එක අතේ තියාගෙන තමයි යන්නේ! :)

    ReplyDelete
  16. ඔව් එක ඇත්ත නෙළුම්. ඒත් ඉතින් අපිට ලේසි පිටිපස්සෙ සාක්කුවට ඔබා ගන්න එකනේ. ඔයාලට නම් ප්‍රශ්ණයක් නෑ... පර්ස් එක අතේමනේ...හික්.

    ReplyDelete
  17. ලංකාව ලියන්නේ ඔන වැඩකට එන්ටර් වෙන්ඩ පුලුවං පොරවල් ඉන්න මාතෘභූමියක් මචාන්...කරදරයක් නැතුව ගමන ගියානේ..ඒල

    ReplyDelete
  18. අපේ ගෙදර යතුර දාලා දොර වහලා තියෙනවා මං සිය සැරයක් විතර. ඉතිං ඒ හැම පාරම කකුල් අතපය හූරා ගෙන ගේ ඈතුලට බහිනවා වහලෙන්...

    ReplyDelete
  19. Raj - අනිවා... ලොවෙත් නෑ.. ලංකාවෙ විතරමයි. ඔච්චර පොරවල් ඉඳලත් අපි ඇයි හැමදාම එකතැන.

    මාළු - ඒ කොහොමද බං එහෙම වෙන්නේ.. උඔ ඇතුලෙන් ලොක් කරලා වහලෙන් එළියට ගියොත් මිසක්.

    ReplyDelete
  20. වෙන්න පුළුවන් ලොකු ඇබැද්දියක් තමයි වෙලා තියෙන්නෙ ! හොඳ වෙලාවට හරි උදව්වට කෙනෙක් හිටියෙ..! හැබැයි ඒකෙන් ආපු අත්දැකීම හොඳයි.. මගේ යාළුවෙක් ඉන්නවා එක්ස්ට්‍රා කී එක තියා ගන්නෙ යතුරු දමා ගන්නම පුළුවන් පොඩි පර්ස් එකක.. ඒක එල්ල ගන්නවා බෙල්ට් එකේ කාර් එක අරන් යන වෙලාවලට ..

    ReplyDelete
  21. පුදුම වැඩනේ මේකාටත් වෙන්නේ. අරුන් ටිකට නුවන් අයියව කන්න තරම් කේන්තියක් එන්න ඇති නේ. :)

    ReplyDelete
  22. එන්ජිම පණගැන්විලා තියෙද්දීම දොර ලොක්වෙච්චහම කොහොමද සැප ?

    ReplyDelete
  23. ඔව් වෙනී, දුර ගමනක් යනකොට නං අනිවා ඒ වගේ දෙයක් කරන්නම වෙනවා. පේනවනෙ මෙකනම කීදෙනෙකුට නං වැඩේ වෙලාද කියල.

    මධුරංග - හික් හික්.. ඔව් ඔව් තප්පරේ බැරිවීමට පැය දෙකක් වන්දි. ඔතන හොඳා.. කොහොමද හෝටන්වල වගේ වුණානම්.

    මේසන් බාස් - එහෙම වෙන්නනං බං ස්ටාර්ට් කරලා බැහැල දොර වහල ලොක් කරන්න ඕනා. නැත්තං දොර වැහුවම භූතයෙක් වගේ ඇතුලෙන් බ්‍රේක් පාගන්න ඕනා.

    ReplyDelete
  24. මම වතාවක් ත්‍රිකුනාමලේදි වෑන් එකේ පැති වීදුරුවක් කැඩුව යතුර ඇතුලෙ දාල දොර වහල.

    ප.ලි.
    මාරයා කියපු විදියමයි මමත් කරන්නෙ . . කෝකටත් කියල අමතර යතුර පර්ස් එකේ දාගෙන ඉන්න එක තමා හොඳම වැඩේ

    ReplyDelete
  25. මමත් මෙ ක්‍රමෙ අත් හදාබලලා තියනවා තව ක්‍රම තියනවා ඔහොම උනාම දොර ඇරගන්න. මෙන්න මෙහෙමයි .......
    …එක්කො ඕනෙත් නෑ ..

    ReplyDelete
  26. හොඳ වැඩේ ඔය වගේ වැඩ කරනවට. ඊලඟට තව මොනවා බූට් එකේ දාලා වහයිද කවුද දන්නේ?

    ඔන්න අපේ කාර් එහෙම කවුරු හරි උස්සලා තිබුනොත් මොන රටක හිටියත් කමක් නෑ අල්ලගන්නේ පැණි දොඩම්ව...:D:D

    ReplyDelete
  27. ලංකාවෙ 'ඔටෝමොබයිල් ඇසෝශියන් ' එක වගේ එකක් තියෙනවා මෙහෙ. ඒකෙ මිකැනික්ල ඉන්නව 'රෝඩ් සයිඩ් ඇසිස්ටන්ස්' සඳහා එන. එයාල විනාඩියෙන් ඇරල දෙනව දොර. අරින්න ඉස්සෙල්ල කාර් ඒකෙ අයිතිකාරයගෙන් ලියවිල්ලකට අස්සන් ගන්නව.

    වෙනස තියෙන්නෙ පාරේ යන කොල්ලෙකුට කිව්වනං තත්පරෙන් ඇරල දෙනව, මොන අස්සනක් වත් ඕනෙ නෑ...හිකිස්.

    අලුත්ම සිස්ටම් එක, යතුර නැතුව ලොක් කරන්නම බෑ.

    [කාර් අරින්න මටත් පුළුවන්...ෂ්...ෂ්...කාටවත් කියනව හෙම නෙමේ ඕන්]

    ReplyDelete
  28. ඕනයා - අඩෝ වෙන ක්‍රමයක් තිබ්බෙම නැද්ද බං. අපරාදෙනෙ.

    Loku John - මොකද්ද බං.. කියපන්කෝ...

    Podi Kumarihami - පිස්සුද.. මාව නං එපා.. ඔය බනිය ඉන්නෙ ඒකාව අල්ලගන්න.

    Observer - මම දැනං හිටියෙ නෑනෙ ඔබෝ ඒ විස්තරේ. ටිකක් හොයල බලන්න ඕනෙ. ඔබා ඉතින් වැඩකාරයානෙ.

    ReplyDelete
  29. ඔවා සෙල්ලම් නෑ.....හපෝ....කවුරු හරි දැක්කන්ම් හොරකම් කරනවා කියලා හිතලා පොලෝසියට දක්කයි....

    ReplyDelete
  30. අපෝ ඕක සුලු දෙයක් කම්බි කෑල්ලක් තියෙනව නම්...

    බූට් එක ඇතුලෙ දාලා වහපුවම දැනෙනන් ආතල් එක විඳලා නෑ වගේ............:)

    ReplyDelete
  31. meka loku athara man weemak novwi barapathala wedakuth novei yathura athulata dala wahapuwama karanne kambi keelak dala lock eka pannawa sulu deyak

    ReplyDelete
  32. hora kam karanawa kiyala kiyanne kohomada wahane liya kiya wili langa thiyanawanam

    ReplyDelete
  33. ඒ වෙලාවට ස්වෙයන් ආදරයක් ඇතිවෙනවා නේද?මටත් වෙලා තියෙනවා ඒවගේ ලඟින් යන දේවල්

    ReplyDelete
  34. අඩේ, උඹළගේ වැඩේ ට්‍රිප් යන එක විතරමද බං ?:P

    ලංකාවෙත් ඉන්නවා ලොවෙත් නැති වැඩ්ඩෝ. ලේසියට වංචාවක් කරන්න බෑ කියලා ජර්මන් කම්පැනි එකකින් එවපු ලංගම ටිකට් මැෂිමත් අපේ කොන්දොස්තර මාමලා හැක් කරා ලුනේ !!!

    ReplyDelete
  35. දිල් - නෑනෑ.. අපේ වාහනේ නේ..

    නිශ් - බූට් එකේ තමයි.. ඒත් ඉතින් හැච්බැක් නේ.. අවුලක් නෑ.

    Ano - ඔව් ඒ වෙලාවට දැනෙන දේ තමයි ඉතින්.

    අසරණයා - ඒ ගැන නම් කතාකරල වැඩක් නෑ.

    Chathuranga Perera - හිහී.. අපේ එවුන්ට ඕව සිම්පල්.

    ReplyDelete
  36. සමහර සෙන්ටෙර් ලෝකස් වලට වැඩ කරන මෙතොඩ් එකක්. :

    mobile Call එකක් ගෙදරට දීල කියන්න අමතර යතුර අරගන එකේ door open බොත්තම ඔබන්න කියල. එහෙන් බොත්තම ඔබන වෙලාවේ mobile එක අල්ලන්න car එක ලගට. එතකොට දොර ඇරෙනවා.
    මේ මෙතොඩ් එක වැඩ කලා මගේ යාලුවෙකුගේ Toyota smart cab එකට. original යතුර අතේ තියාගන ට්‍රය් කරලා බලන්න.

    මට ඔය වැඩේ වෙලා තියෙන්නේ එකපාරයි, හැබැයි චාටර්ම place එකකදී. මමයි මගේ ලංකාවේ තව යලුවෙකුඉ යතුර ඇතුලේ දල වැහුව melbourne හන්දිය මැද්දේ busy පාරක් අයිනේ මහා දවල් . කළු එහුන් දෙන්නෙක් කාර් එකක් ඇතුලට කම්බි කුරු ඔබ ඔබ ඉන්නවා දැකල පොලිච්යට call කරලද කොහෙද විනාඩි 5 න් police car එකක් ඇවිත් ඇහුව මොකද කරන්නේ කියල. අපි සීන් එක කියල ල්ය්සෝන් පෙන්නුවහම හිනා වෙලා අපෙන් කම්බි කුර ඉල්ලගන උන් ට්‍රය් කරන්න හැදුව. පොඩි ජෝක් එකකුත් දැම්ම "you are the worst daylight robbers we have seen " කියල

    අන්තිමේදී අර ඔබා කිව්වා වගේ බ්ය්සිකලෙක ගිය කොල්ලෙක් විනාඩියෙන් ඇරලා දුන්න දොර.

    ReplyDelete
  37. ඔව් ඕක මමත් අහල තියෙනවා... වෙලාවක ට්‍රයි එකක් දීල බලන්න ඉන්නේ..මගෙ කී එකටත් වැඩද කියල.
    හැබැයි එදා නම් ගෙදර කවුරුවත් හිටියෙ නෑ. ඒ වගේ වුණොත් නම් සොරි.

    ReplyDelete
  38. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  39. එසේම වේවා!! එසේම වේවා

    ReplyDelete
  40. කාර් එක ගත්තහම යතුර දාලා වහලා මේ තියරිය අනුගමනය කරමි..

    ජය ශ්‍රි කිව්වා !

    ReplyDelete
  41. hapoi hapoi, eeye thawa tiken oya scene ekama wenawa mata, pol wagayak daala thawa junden dicky eka wahanawa yathuwa athule daala :D

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.