කලින්
දවසේ රේල් පාරෙ ඇවිදපු මහන්සියටත් එක්ක අපිට ඇහැරෙනකොට ටිකක් විතර දවල්වෙලා.
අද
ප්ලෑන් එක වුණේ හපුතලෙන් දඹේතැන්න හරහා ලිප්ටන් සීට් යෑම. අපේ හේරා පුතා නං කීප
සැරයක්ම මෙහේ ඇවිල්ල තියෙනහින්දා අත්දැකීමෙන්ම වගෙ කිව්වෙ යනවනම් උදෙන්ම යන්න ඕනෙ
නැත්නම් මීදුම තමයි බලල එන්න වෙන්නෙ කියල.
මොනව වුණත් ඕනෙ එකක් කියල අපි ලිප්ටන්
සීට් බලන්න යන්න පාරට බැස්සා. එතකොටත් හපුතලේ ඉඳලාම හොඳටම මීදුම. හිටපු ගමන් පාර
ක්ලියර් වෙනවා ඒත් එක්කම සම්පූර්ණයෙන්ම වැහිලා යනවා.
මේ තියෙන්නෙ යන ගමන් ගත්ත
ෆොටෝ එකක්. ඔය ඉන්නෙ සේරා තමයි.
පේනවනෙ හතරවටේම තත්වෙ. ඒ කියන්නෙ පේන විදියට
මීදුම් ගුලියක් බලල එන්න තමයි වෙන්නෙ.
මේ
තියෙන්නෙ හපුතලේ සිට ලිප්ටන් සීට් දක්වා රෝඩ්මැප් එක.
දුර කිලෝමීටර් 18ක් විතර. මේ ලින්ක් එකෙන් කෙලින්ම ගූගල් මැප් එක ගන්නත් පුළුවන්.
හපුතලේ
ඉඳන් කිලෝමීටර් 8-10 ක් විතර ගියාම හම්බවෙන්නෙ දඹේතැන්න නගරය. මෙතන තමයි තෝමස් ජේ. ලිප්ටන් මහත්තයාගෙ පරණ තේ
ෆැක්ටරියත් දැන් අළුත් ෆැත්ටරියත් තියෙන්නේ.
ලෝකයේ තවමත් හොඳම
කළු තේ හැටියට සැලකෙන්නේ මේ වතුයායවල්වල වැවෙන තේ තමයි. දඹේතැන්න පහුකරගෙන ඉහළට
යනකොට පහලින් දුවන අපි ආපු මාර්ගය තමයි මේ පහලින් පේන්නේ.
ටිකවෙලාවකට මීදුම
නැතිවෙලා හොඳට පැහැදිලිව පාරත් පෙනෙන්න ගත්තා. ඒත් තවත් උඩට යනකොට ඒ ඔක්කෝම කණපිට
හැරිලා ගියා. ලිප්ටන් සීට් වලට යනකන් දිගටම වාහනේක යන්න බැහැ. තාමත් පාර හදනවා.
ඒත් තව ටික දවසකින් නම් ඔක්කොම වැඩ ඉවරවෙන පාටක් තමයි තිබුණේ. ඒක හින්දා අපිට
ගමනාත්තයට කිලෝමීටර් 1.5 ක් විතර මෙහායින් ඉඳලා පයින් යන්න සිදුවුණා.
ඒත් ඇත්තටම
මේ අන්තිම ටික නම් පයින්ම යන එක තමයි හොඳ. මුළු තේවතු යායම ඇහැ පිරෙන්න බලාගන්න
පුළුවන්. මේ තියෙන්නෙ එතන ඉඳන් උඩහට පාර.
දැන් අපි යන්නෙ අඩි 6000 සීමාවේ. ලිප්ටන්
සීට් පිහිටලා තියෙන්නෙ හරියටම අඩි 6450 ක උසකින්.
මෙතන ඉඳන් තමයි සර් ලිප්ටන් එයාගෙ තේ වතු දිහා බලාගෙන හිටියා කියල කියන්නෙ.
මේ පහළ පින්තූරවල තියෙන්නෙ ලිප්ටන් සීට්.
ඇත්තටම ඒ විතරත් නෙමේ මෙතන ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් (හරියටම කිව්වොත් 360' view point එකක්).
මෙතන ඉඳන් තමයි සර් ලිප්ටන් එයාගෙ තේ වතු දිහා බලාගෙන හිටියා කියල කියන්නෙ.
මේ පහළ පින්තූරවල තියෙන්නෙ ලිප්ටන් සීට්.
ඇත්තටම ඒ විතරත් නෙමේ මෙතන ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් (හරියටම කිව්වොත් 360' view point එකක්).
මෙතනට ලංකාවේ පළාත් 9 න් 5 ක්ම
පේනවාලු. ඒව තමයි ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර,
සහ
මධ්‍යම යන පළාත්. හම්බන්තොට වරාය, සූරියවැව ග්‍රවුන්ඩ් එක, මඩකලපුව, පාසිකුඩා,
කිරිගල්පොත්ත, කිකිළියාමාන, මත්තල එයාපෝට් එක, ගාල්ල, මාතර ඔක්කොම පේනවාලු.
මෙතන 'ලු' යන්නක් දාලා
කිව්වෙ අපිට නම් මඩකලපුව තියා අඩි 2 ක් එහායින් හිටපු එකාව වත් පෙනුනෙ නැති
හින්දයි. මේ විස්තර ඔක්කෝම කිව්වෙ එතන ඉන්න රවී අයියයි. එයා තමයි රු 20 ක ටිකට්
එකක් කඩල දීල එහෙම සියළු තොරතුරු ලබාදෙන්නෙ.
මේ තියෙන්නෙ ලිප්ටන් මහත්තයා වාඩිවෙලා වටපිටාව නරඹපු සීට් එක හෙවත්
ලිප්ටන් සීට් එක නමින් හඳුන්වන ගල් කුට්ටිය.
මෙතන තමයි මීට මාසෙකට විතර කලින් වැස්ස වෙලාවකදි අකුණු ගහන හැටි ෆොටෝ
ගන්න හදද්දි ඒ අකුණු සැරයක්ම වැදිල කොරියන් කපල් එකක් මියගිය තැන. මේ දුඹුරුපාටට
ඇඹරිලා ගිහින් මැරිල තියෙන්නෙ අකුණ වැදිච්ච ගහ තමයි. මේ හට් එක ඇතුළෙ ඉන්නැද්දි
තමයි ඒ අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නෙ.
වෙලාව 10.30ට විතර ඇති. මීදුම අයින්වෙන පාටක් නම් පේන්න නැහැ. රවී
අයියත් කිව්වෙ දැන්නම් කොච්චර වෙලා හිටියත් පහල පේන එකක් නැහැ කියලයි.
මේ දවස්වල
මෙතන බලන්න නම් උදේ පාන්දරම එන්න ඕනෙලු. තව ටික වෙලාවක් යනකොට මීදුම තවත්
වැඩිවුණා. ඒක හින්ද ඉතින් අපිත් ආපහු හැරිල ආවා.