Monday, January 9, 2012

බ්ලොග්කාරයෝ... ගාල්ලේදී....

"A picture is worth a thousand words" ලු නේ... එහෙනං ඔන්න....


මල්ලී... අද උඹල බය වෙන්න එපා...
ගාල්ල අපේ ගම.....
ඕනෙ එකෙක්ගෙන් අහපන් අසේල දන්නවද කියල..... 



වහපන් වහපන් .. අනිත් එවුන් දකියි....



සහන් .... පැට්ටා...




ම්ම්ම්..... 




උගේ ලෝකය..



වල් හාවා....




මැරෙන්න කලින්....
















හාවා කෝක් බොයි...




අබේපාල මාමා... 




ගන්න මල්ලි... ගන්න.. බ්ලොගේ දාන්න හරී.....




දිය කෙළිය...




මේන් මල්ලි නයා.... මේන් සයිස් එක...




කතා කරල වැඩක් නෑ .... මල්ලි මේකා සුදු නයෙක්..... 






අනේ අයියෙ ... තව නයෙක් අරින්නකෝ... පොඩි එකෙක් වුණත් කමක් නෑ...






වෙනිය ගහේ....




පොඩිමෑන්ස්...




නාකියා..











ප.ලි.
මාළුවොත් හිටියා....



සිහින යා.....






කොහොමද බං මේක ඔන් කරන්නෙ...




රුචා







Wednesday, January 4, 2012

යනවනං මේ කාලෙට...

ගොඩක් අය කැමති නෑ මේ කාලෙට යන්න... ඒත් ඉතින් මං නං කැමතිම දෙසැම්බර් ජනවාරි වගේ කාලෙට නුවරඑළි යන්න. 
සීතල මීදුම වැස්ස ලස්සන මේ ඔක්කෝම අඩුවක් නැතුව විඳගන්න පුළුවන්. 



වැඩිය කවුරුත් යන්න අකමැති හින්දම කිසි කරදරයක් නැතුව හැම තැනම යන්නත් පුළුවන්. සමහර කාලවල් වලට නං හෝටන් තැන්න එහෙම පිටකොටුව වගේ.. වාහන පිරිලා.... මිනිස්සු පිරිලා... ගන්න දෙයක් නෑ.

මේ ගමන යන්න ගිහින් තමා අතරමඟදි අපිට අර යතුරෙ සීන් එක එහෙම වුණේ. ඒක බලනවනං මෙන්නපාර.

අවිස්සාවේල්ල හැටන් හරහා කෙලින්ම අපේ නවාතැන වුණේ අඹේවෙල. නුවරඑළියටත් වඩා සීතල එළවළු වතු පිරිච්ච ලස්සනම පළාත. 
මෙහෙ තියෙනවා ගුවන්විදුලි සංස්ථාවෙ නිවාඩු නිකේතනය.


ඕනෙ කෙනෙකුට වෙන් කරවා ගන්න පුළුවන්. ගණනුත් බොහොම සාධාරණයි. මෙන්න මෙතනින් වැඩි විස්තර මිළගණන් ඇතුවම බලාගන්න පුළුවන්.

යන ගමනෙදි ලස්සන දිය ඇළි දෙකක් බලාගෙනමයි ගියෙ. එකක් සෙන්ට් ක්ලෙයාර්. මේක බලන්න වෙන්නෙ තව ටික දවසයි. 
ඉහළ කොත්මලේ හැදුවායින් පස්සෙ පැය දෙකකට වතාවක් පැය බාගයකට වතුර එවනවයි කියලයි දැනට නං ආරංචිය.


අනිත් ඇල්ල තමා ඩෙවෝන්. මේකට නං කරදරයක් වෙන්නෙ නැද්ද කොහෙද. හරියටම නං දන්නෑ ඕං.


මේවත් බලාගෙන හවස දෙක තුන වෙනකොට අපි අඹේවෙලට සේන්දු වුණා. හීතල නං කියල වැඩක් නෑ. ඒ වගේමයි ලොකු පිණි කැට එක්ක එන හුළඟ. කැමරාව එළියට ගත්ත ගමන් ඉවරයි. 
බොහොම අමාරුවෙන් මේ ෆොටෝ දෙක තුන ගත්තෙත්.



ගෝවා..


කැරට් 


එළවළු නං මෙහෙත් මාර ගණන්. 
අපිව දැක්ක ගමන් දෙතුන් ගුණයක් ගාණ වැඩිවුණා වගේ හැබැයි මට නං තේරුණේ. පොඩ්ඩක් ඇවිදලා කැරට් ගෝවා ටිකක් එහෙම අරං අපි ආපහු නවාතැනට ආවා. මෙතන 12 කට නවාතැන් ගන්න පුළුවන් කිසි කරදරයක් නැතුව. කෑම උයාගන්නවනං ඒකටත් පහසුකම්. උයන්න කැමති නැත්තං ඔරිජිනල් කෝකියෙක් හොයාගන්නත් පුළුවන්. අපිනං කළේ ඒක.

පළවෙනි දවසෙ වෙන මුකුත් කරන්න හම්බවුණේ නෑ, සීතල විඳ විඳ හිටියා මිසක්. ඊළඟ දවසෙ උදෙන්ම ගියා නවසීලන්ත ගොවිපළ බලන්න. මේං ෆොටෝ.





ඊට පස්සෙ කෙලින්ම හෝටන් තැන්නට. 
කතාකරල වැඩක් නෑ. පුදුම ලස්සනක්. ඔහොම මෙහෙම ඉන්න අය පේන්නෙත් නැති තරමටම මීදුම. 



බේකර්ස් ඇල්ලට යනකන්ම වරින් වර වැස්ස. ආ... ඊට කලින් පෙන්නන්න ඕනෙ මෙයාව.


පාරත් මඩවෙලා හොඳටෝම... ලිස්සනවා.. පරිස්සමෙන් අඩිය තිබ්බෙ නැත්තං මඩ නාන්නයි වෙන්නෙ.



ඇල්ලෙත් වතුර උපරිමේටම.


හැබැයි එතන ඉඳන් ලෝකාන්තය පැත්තට එනකොට කාලගුණය වෙනස් වෙන බව බොහොම වේගයෙන් අපිට දැනුණා. 
ඒවගේම ලොකාන්තයෙන් පහල කිසි අවහිරයක් නැතුවම බලාගන්නත් ලැබුණා. ඔය පහලින් පේන්නෙ හපුතලේ.


ලෝකාන්තෙ බලල එතනිං පුංචි ලෝකාන්තෙත් බලල ආපහු එනකොට නැවතත් අර වැස්ස මීදුම සහ සීතල. එදත් දවස ඉවරයි... අපි කෙලින්ම නවාතැනට.

තුන්වෙනි දවස කියලත් කිසිම වෙනසක් නෑ ඔන්න. කලින් වගේම තමයි. අපේ ප්ලෑන් එක වෙලා තිබුණෙ ග්‍රෙගරි වැව, හග්ගල, ලවර්ස් ලීප් ඇල්ල බලාගෙන ගෙදර එන එක.
හග්ගල නං මල් තිබුණෙ නෑ. තිබුණ ඒවත් වැස්සට බිම බලාගෙන. 



මුළු නුවරඑළියට හරිම තෙතයි. 
ඒ වගේම තමයි නුවරඑළි බදුල්ල පාර නාය යනව. අපි එතනින් යනකොටත් බැකෝ එකකින් පාරට කඩාවැටිච්ච පස් අයින් කරනවා. වාහන ඔක්කොම පාරෙ දෙපැත්තෙ හිරවෙලා. නවත්තං හිටපු තැනට උඩිනුත් පස් කඩාවැනෙව මහා කන්දක්. අපි ඔක්කොම සිට් බෙල්ට් ගලෝගෙන, දොරවල් අන්ලොක් කරගෙනම හිටියෙ හදිස්සියක් වුණොත් පැනල දුවන්න බලාගෙන. 
මෙන්න නාය ගිය තැන.


ග්‍රෙගරි වැව.

එතනින් කෙලින්ම ගියෙ ලවර්ස් ලීප් ඇල්ල බලන්න. 


ඉස්සර කාලෙ රජකුමාරයෙකුයි කුමාරියෙකුයි මෙතනින් පහලට පැනලලු..... අයියෝ සල්ලි........ 
එදා ඉඳන් මෙතන ලවර්ස් ලීප්.

දුකේ බෑ... දුක වැඩිකමටම එතනිං පස්සෙ අපි කෙලිංම ගෙදර.