Monday, June 4, 2012

වරදකරු ස්වාමීනී


සෑහෙන කාලෙකින් මේ පැත්තෙ කැරකිලා යන්න ආවෙ. ලියන්න නං සෑහෙන්න දේවල් සිද්ධවුණාට ලියාගන්න තමයි වෙලාවක් තිබ්බෙ නැත්තේ. කොහොම කොහොමහරි දැං මම මේ ලියන්න යන්නෙත් දැනට මාසෙකට හමාරකට කලින් සිද්දවෙච්ච වස විළි ලැජ්ජා නැති සීන් එකක් තමයි.



දවස හරියටම අප්‍රේල් මාසෙ දොළොස්වෙනිදා. සිංහල අවුරුද්දට ඔන්න මෙන්න. හැබැයි උදේ පාන්දරම අහන්න ලැබුණෙ සෑහෙන කණගාටුදායක ආරංචියක්. 
ඒක තමයි අපි කවුරුත් හොඳින් අඳුනන වෙනියගෙ අම්මා නැතිවෙච්ච ආරංචිය. 
කොට්ටාව පැත්තෙ පොරක් තමයි කෝල් එකක් දීල ඒ බව කිව්වෙ. අවසාන කටයුතුත් එදාමයි කියල තමයි ආරංචි වුණේ.
 ඉතිං වැඩිවෙලාවත් තිබුණෙත් නැති හින්දත් කහවත්තටම යන්න ඕනෙ හින්දත් අපි ඒ වෙලාවෙම පිටත් වෙන්න තමයි හිතුවේ. 
ගමනට සෙට් වුණේ තවත් බ්ලොග්කාරයොම  තුන්දෙනෙක් තමයි. පූසා අභියා සහ වැපා. 
“අම්මෙ වෙනී අයියගෙ අම්ම නැතිවෙලාලු මම පූසයි වැපයි අභියයි එක්ක මළගෙදර යනවා“. කිව්ව විතරයි අම්ම මම දිහා පුදුමවෙලා බැලුවෙ නිකං “මේ අවුරුදු කටේ කොහෙද පුතා මේ සත්තු තුන්දෙනෙක් එක්ක යන්න හදන්නෙ“ වගේ බැල්මක්. 
මොනව කරන්නද පූස මිසක් ඉතිං නම මතක තියෙන එකක් යැ.

ඔන්න කොහොම කොහොමින්හරි කස්ටිය සෙට් කරගෙන හයිලෙවල් එක දිගේ බොහෝම පරිස්සමෙන් මම ඩ්‍රයිව් කරං යනව කියමුකෝ. රත්නපුරේටත් ආවා.. එතනිං පැල්මඩුල්ලට. 
මයින්ද මාමා පාරවල් ඔක්කෝම නියමෙටම කාපට් කරලා කිසි කරදරයක් නැහැ. ටික දුරක් යනකොට හම්බවුණේ නිකං ඉද්ද ගැහුවා වගේ තියෙන හරියක්. 
පාරේ වැඩිපුර වාහනත් නැහැ. මගේ ඉස්සරහින් වාහන තුනක් විතර යනව කියමුකෝ. 
අනිත් පැත්තෙත් වාහන නැති හින්ද මට ඔය වාහන තුන හතර ඉස්සර කරලා දාන්න කොහෙවත් නැති දොල දුකක් පහල වුණා. 
මටත් ආයෙ දෙතුන් පාරක් හිතන්න ඕනෙවුණෙ නෑ. රූං ගාලා දැම්මා. අන්තිමට තිබ්බ කාර්එක ඉස්සර කරනකොටම මෙන්න ඉන්නවා බැබළි බැබලී තරු ගහපු සාලහාමි කෙනෙක්. තව පොඩි රාලහාමි කෙනෙකුයි ට්‍රැෆික් බයික්කුවකුයි එක්ක. 
ඇතුළෙ හිටපු එවුන් කෑගහන්න ගත්තා දාපං දාපං දාපං කියල. මාත් ඉතිං රුං ගාලා වමට දැම්ම. 
හැබැයි දැම්මට වැඩක්වුණේනෑ අර රාළහාමි විසිල් එක ගැහුවෙ පාර මැදටම පැනල. හරියට මං පැනල යයි වගේ. 
දැං ඉතිං හරිනේ. ඕක තමයි කරගන්න ඕනෙවෙලා තිබ්බේ. ලයිසන් කාරිය හොයං හීං සීරුවෙ අපි එතනට කිට්ටු කළා.

මහත්තය මොකද්ද දන්නවද කරපු වැරැද්ද.

ම්හු.. සද්ද නෑ

ඔහොමත් දානවද මේවගේ තැන්වල ආ... මේ දවස් දෙක තුනට මේ ඒරියා එකේ ඇක්සිඩන්ට් නං කීයක්ද. කී දෙනෙක් මැරුණද.

නෑ රාළහාමි අපි මේ මළ ගෙදරක යන ගමං. “කොළඹ“ ඉඳන් එන්නෙ.

හරි ඉතිං කොහේ ගියත් ඔහොම ගියොත්නං යන්න වෙන්නෙ කොහාටද කියල මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. හරි ඕ ගොල්ලො 4ට විතර පොලිසියට එන්න බලන්න. 

කියල ටෙම්පරරි කොලේ දුන්නෙ නෑතෑ අතට. වරද “අන්තරාදායක රිය ධාවනය“ 

මොනව කරන්නද අපිත් ඉතිං පොලීසියට එන පාර එහෙමක් අහගෙන හා කියල ආපහු පිටත් වුණා.
මම හිතුවෙ කොහොමහරි හවස පොලිසියට ගිහින් ෂේප් පාරක් දාගන්න පුළුවන් වෙයි කියලයි. එහෙම හිතල හිත හදාගෙන අපි යන්න ගිය වෙනියගෙ ගෙදරට යන්න පිටත්වුණා.
තුන් හතර තැනකින් පාර අහගෙන කෝම කෝම හරි මළගෙදරට ගියා. ගිහින් අපේ සෝකය එහෙම ප්‍රකාශ කරල, දුක වැඩි කමට හබුං ටිකකුත් කාලම ආපහු එන්න පිටත්වුණා.
පිටත්වුණා කිව්වෙ කහවත්ත පොලීසිය හොයාගෙන. ඒ වෙනකොටත් කහවත්ත පොලීසිය නම කිව්වම බයවෙන පොලිසියක් ගාණට වැටිල ඉවරයි. 
පොලිසිය තියෙන්නෙත් හදිස්සියකදි ලේසියෙන් හොයාගන්න එහෙම පුළුවන් තැනක එහෙමත් නෙමේ. 
අපි කොහොමහරි පොලිසිය පහුකරන් ගිහින් තමයි පාරෙ හිටපු මනුස්සයෙක්ගෙන් ඇහුවෙ කෝ මේ පොලිසිය මේ හරියෙ නේද තියෙන්න කියලත්. 
එතන ඉස්සරහ වාහනයක් දාන්නවත් ඉඩක් තිබ්බෙ නැහැ. කාර් එක ඇතුලෙ හිටපු එවුන්ගෙ කීම අහල මමත් පොර වගේ රුං ගාලා පොලිසිය ඇතුළට දාල නැවැත්තුවා. වාසනාවට වගේ කවුරුහරි ලොක්කෙක් හිටියනං ඒ වැරැද්දට තමයි ඉස්සෙල්ල මොනවහරි හම්බවෙන්න තිබ්බෙ. කොහොමහරි එහෙං මෙහෙං දෙන්නෙක් අපේ දිහා බැලුවා ඇරෙන්න එතනින් එහාට දරුණු යමක් සිද්ධ වුණෙ නෑ. 
පස්සෙ තමයි දැක්කෙ “පොලිස් වාහන පමණි“ කියල ගහල තියෙනව නේද කියලත් දැක්කෙ.
එතනිං එහාට ගිහින් ඔන්න අපි ට්‍රැෆික් අංශෙ කොහෙද කියල අහගෙන ලයිසන් එක එහෙම ආරක්ෂිතව තියෙනවද කියල විපරං කළා. ම්හු.... ලයිසන් එක තියා එතන රාජකාරි කරපු සාලහාමිල වත් තාම පොලිසියට ඇවිල්ල නෑලු.

තවත් පැය බාගයක් විතර වැනි වැනී පූසගෙයි අබියගෙයි වැපාගෙයි නයි අහගෙන ඉන්නවුණා. පස්සෙ කට්ටියගෙම සාමූහික අදහසකට අනුව ආප්පයක් දෙකක් ගිල දැමීමේ පරම පිවිතුරු අදහසින් අපි ආපහු පොලෝසියෙන් පසුබැස්සා.

පැයකට විතර පස්සෙ ඒ ඔක්කොම වැඩ ඉවර කරල ආයිත් වතාවක් අපි පොලිස් ස්ථානය වෙත වාර්තා කළා. ඒ පාර නං වාහනේ පොලිසිය ඇතුළට නොදාන්න මට මොලේ පහලවෙලයි තිබුණේ.

ඒත් ඉතිං අපේ කාල වේලාවේ තියෙන හොඳ කමට තාමක් ලයිසම සහ රාලහාමිලා පොලිසිය පැත්ත පළාතකටවක් ඇවිල්ල තිබුණේ නෑ. දැන්නං කට්ටියටම හොඳටම එපාවෙලයි තිබුණේ. ඔන්න ඔය විදියට අපිට තවත් පැයකට වැඩියෙන් විතර වැපාගෙ පූසගෙ අබියගෙ පොරටෝක් අහ අහා ඉන්න සිද්ධවුණා.

මේ අතරෙදි අපිට ඇහෙනව කනට ඉතාමත්ම මිහිරි සද්දයක්. අපි නොඉවසිල්ලෙන් බල බලා ඉඳපු මහා ට්‍රැෆික් බයික් රාජයාගෙ සද්දෙ. හරි ඒක තමයි බයික් එක.
ට්‍රැෆික් ඕ අයි සී එක්කම හිටපු අනිත් රාලහාමිත් අපිට අඳුන ගන්න පුළුවන් වුණා. ඔන්න ටික වෙලාවකින් නිකං පොඩි වලියක් වගේ සද්දයක් ඇහිච්ච හින්ද අපිං නිකං කිට්ටු කරල බැලුවා. 
වලියක් නෙමේ පොඩි කේස් එකක්. බුවාගෙ බයික් එක දාපු තැන වෙන මොකද්ද වාහනයක් නවත්තලා. පොඩි වැස්සකුත් වැටෙනව වගේ.... ඒකයි මේ තදවෙලා තියෙන්නේ.
මේ ඔක්කොම ඉවරවෙනකං බලං ඉඳලා අපි හිමිං සීරුවේ මෑන් ලඟට කිට්ටු කළා පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවන්ද බලන්න.

මෙන්න මෙයා දැන් හොඳටම වෙනස්වෙලා. අපිට පොලිසියට එන්න කියපු එක මේ චුට්ටට අමතක වෙලා ගිහිල්ලා. දැන් ඉතින් මොනවද කරන්නේ ලියලනෙ තියෙන්නේ ලු. ඒ මදිවට දඩයක් නෑලු උසාවිලු.
දැන් ඉතිං මොනව කරන්නද. යකෝ මේ ටික කලින් කිව්වනං අපි මෙච්චර රස්තියාදු වෙන්නෙ නෑනෙ. සාලහාමිගෙ නෑදෑ පරම්පරාවම අපිට මතක්වුණේ අන්න ඒ වෙලාවෙදි තමයි.

දන්න තරම් දේවල් කිව්වත් වැඩක් වුණේ නෑ. ඕක ඕගොල්ලන්ට ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. රුපියල් 1000යි දඩේ. අනං මනං ටෝක්ස් ගොඩාරියයි.
දැං ඉතිං වෙන මොනව කරන්නද. නැට්ට පිටිං අලි මැරෙන එකේ මේක මොකද්ද කියල හිත හදාගෙන අපි ආපහු එන්න ආවා. 

දැං ඉතිං පලයල්ලකො රුපියල් 1000 ගෙවන්න උසාවි.

පහුවදා සිංහල අවුරුද්ද කලින්ම උදාවුණා වගෙයි මට නං හිතුණෙ.

මේ කතන්දරේ එක දිගට ලියන්න බෑ වගෙයි මට දැං හිතෙන්නේ. ඉතුරුටික දවසකින් දෙකකින් ලිව්වොත් අවුලක් නෑනේ. අනික කහවතතේ මර්ඩර් කේස් එකේ විත්තිකාරයො මාත් එක්ක ඔහොම මෙහෙම හිටපු හැටි එහෙමත් ලියන්න තියෙනවනේ. තව කෑල්ලකින්ම ඒ ටික කියමු නෙහ්.

60 comments:

  1. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. :D

    ReplyDelete
    Replies
    1. ඕව ඔහොමයි. වැරැද්ද නොකරඉන්න තිබුණනම් කියල හිතෙන්නේ පස්සෙයි.

      Delete
  2. //ඔන්න ඔය විදියට අපිට තවත් පැයකට වැඩියෙන් විතර වැපාගෙ පූසගෙ අබියගෙ පොරටෝක් අහ අහා ඉන්න සිද්ධවුණා.//

    මේ දඩේ මදැයි කරලා තියන වැරැද්දට...:D:D:D

    ReplyDelete
  3. ඉතුරු ටිකත් ඉක්මනට ලියලා දාකූ...ගානක් දීලා ශේප වෙන්න තිබ්බනේ ඉතින්.:)

    ReplyDelete
    Replies
    1. තරුගහපු අයට ගාණක් දෙන්න ගිහින් තව පොඩ්ඩෙන් කූඩුවෙ

      Delete
  4. කියන්න හිටපු එකත් ඊලඟ කොටස බලල කියන්නම්.

    ReplyDelete
  5. man hitan hitye abiya dena talk walata hena wada karayek kiyalaa.eka phone cl eken oya wage case goda danna puluwan dial ekak kiyala hitan hitiye balan yanakota nau talk dunnata habalaka deyak wath ne wage :P

    ReplyDelete
  6. ඉතිරිය දමන්ටකෝ..

    මමත් සයිබර් උලෙලට ගියේ දඩයක් ගෙවාගෙනම..

    ReplyDelete
    Replies
    1. දඩ අවුලක් නැහැ. දුරකදි වුණාම තමයි කේස් එක වෙන්නේ

      Delete
  7. හැක හැක හැක හොඳ වැඩේ

    ReplyDelete
  8. කණගාටුදායක සිදුවීමක් විනෝදයට බරව විස්තරකිරීම කොතරම් දුරට සදාචාරයට එකඟද?.

    ReplyDelete
    Replies
    1. මෙකන විස්කර කරල තියෙන්නෙ කණගාටුදායක සිද්ධිය ගැනද කියල ආපහු පොඩ්ඩක් කියවල බලන්න

      Delete
  9. දඩේ ලියපු වෙලේම පොඩි ශේප් පාරක් දාගත්තා නම් ඉවරයි නේ

    ReplyDelete
    Replies
    1. මෙතන ලිව්වෙ නැතිවුණාට හෙන ට්‍රයි එකක් දුන්නා. ම්හු

      Delete
  10. ඔය වෙස් පෙරලෙන වැඩේනම් ඔය මහත්තුරුන්ගේ අනන්තව දකින්න පුලුවන් ලක්ශනයක් තමා

    ReplyDelete
    Replies
    1. හපෝ ඔව්. දැන්නං සෑහෙන්න දුරට කල්පනාවෙන් තමයි පාරෙ යන්නේ.

      Delete
  11. අඩේ මට හරි කනගාටුයි බන් වෙච්ච වැඩේ ගැන..උඩ ඉන්න ඇනෝට තේරුනෙ නැති දේ තමයි..නුවන් මේක සැහැල්ලුවෙන් ලියලා තියෙන්නෙ..ඒ පොලිසි සිද්ධිය එච්චර ගනන් නොගත්ත බව පෙන්නන්න බවයි මට හිතෙන්නෙ..මොනා කරන්නද දැන් ඉතින් වෙච්ච වැඩේට..හොඳ වැඩේ උඹලට එපා කියද්දි ආවට !.ඒ උනාට උඹලා සෙට් එක දකිද්දි මට ඇති වෙච්ච හැඟීම නම් ඒක අත්විඳපු අය දන්නවා ඇති... මන් බොක්ක රත් වෙලා හිටියෙ වාහනෙ කැඩුනා නම් මගදි එහෙම උඹලට අවුරුදු කන්න වෙන්නෙ පාරෙදිමයි..මොකද මිකැනික්ලා හොයනවා බොරු ඔය වෙලාවෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් මට කොහොමත් ඕනෙවුණේ සිද්ධිය විස්තර කරන්නයි.

      ඔව ඔහොම තමයි වෙනි අයිය. කොහොම හරි අපිට හරි වෙලාවට එන්න ලැබුණනෙ.
      ඕක ඇරෙන්න වෙන ප්‍රශ්ණයක් නොවි එන්න හම්බවුණා හොඳ වෙලාවට.
      පාරෙ ඔය හරියෙ ඇක්සිඩන්ට් වැඩී වගේ. පහුගිය දටසක ත්‍රීවීලර් එකක ගිය තුන් දෙනෙක්ම ඔයහරියෙදිම හැප්පිලා මැරුණා කියල තිබුණා.

      Delete
    2. http://burubabe.blogspot.com/ ලියන අපේ රංගි - බූරු බබා - ගේ පුංචි, බාප්පා සහ පුතා..තමයි ඒ ඇක්සිඩන්ට් එකෙන් නැති උනේ..ඒ හරියෙ ඇක්සිඩන්ට් වැඩී..පාර කෙලින් නිසා අරින උන් අරිනවා ලෑල්ලටම..ඉතින් ඔය හරියෙ පොලොස් මාමාලට ඩියුටි වැඩී..

      Delete
    3. හ්ම් ඒක තමයි.. මම ඒ විස්තරේ දැනං හිටියේ නෑනේ. මොනව වුණත් ඔයින් ගියා මදැයි. මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා.

      Delete
  12. ගොනා යන්නේ පොල් පැලේ කන්න කියලා මීටරේට වැටුනේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. කරන්න පුළුවන් දේවල් කළා. ඒත් ගොඩදාගන්න බැරිවුණා.

      Delete
  13. අපො ශ්‍රි ලංකා පොලොසියේ ඉන්න සමහර පාහරක්ගේ හැටි ඔහොම තාමා බං මොනා උනත් උඹලා අපි හැමොම වෙනුවෙන් වෙනී ලගේ මලගමට ගිය එක ලොකු දෙයක් මචො

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව්බං අපෙත් වැරැද්දනෙ. කමක් නැහැ දැං ඒ ඔක්කොම ඉවරයි නෙ. :පී

      Delete
  14. මදැයි රුපියල් දාහකට උසාවි යන්න...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉවසන්නම බැරි වැඩේ.

      Delete
  15. ඒ පාර උඹත් පොරටෝක් දෙන්න වගේ හදන්නේ....

    ReplyDelete
    Replies
    1. සද්ද නැතුව හිටපන් මාළුවෝ. නැත්තං උඹව වතුරෙන් ගොඩට දානවා.

      Delete
  16. අපෝ ට්‍රැෆික් මාමලාගේ රැග් ඒක මමත් ඒක පාරක් කෑවා. එතනත් වෙච්චි රස්තියාදුව ගැන නම් කතා කරලා වැඩක් නෑ. යන්තම් උසාවි නොගිහින් දඩයක් කාල බේරුනා.

    අර මර්ඩර් සීන් ඒක ලියමුකො ඉක්මනට, බලන් ගියාම මෙයැයි ආශ්‍රය කරන්නේ එසේ මෙසේ පොරවල් නෙමෙයිනේ

    ReplyDelete
    Replies
    1. ඔය සිස්ටම් එක හදල තියෙන්නේම රස්තියාදු කරවන්නම තමයි. නැතිනම් දඩෙත් ඔන්ලයින් ගෙවලා ආයිමත් ඔය වැරැද්දම කරන හින්ද වෙන්න ඇති
      ඉක්මනටම දාන්නයි ඉන්නේ

      Delete
  17. කාලෙකින් ඇවිල්ලා දොඩමක් අතෑරලා ගියා නේද..?

    ReplyDelete
  18. පොරටෝක් අහන්න ඉන්න උන පනිශ්මන්ට් එකම මදෑ ඉතින්.. :)

    මමත් මේ ට්‍රැපික් මාමා කෙනෙක්ගෙන් බේරුන එකක් ලිවුවා විතරයි..

    ReplyDelete
  19. ලේ රත් විය. දඩේ ගෙවන්න උසාවි යන්න කියන්නද පොලිසියට එන්න කියල තියෙන්නේ.

    ReplyDelete
  20. ඉතින් ඊට පස්සේ.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  21. හපොයි හපොයි මේ කතාව දවස් ගානක් අහගෙන ඉඳලා, සාකච්ඡා කොරලා, මඩ ගසලා අන්තිමේදි බ්ලොගියෙත් කියවන්න වෙච්චි එකනෙ ඉවසන්න බැරි වැඩේ! ඒ මදිවට කොටස් වශයෙන් :P

    ReplyDelete
    Replies
    1. හහ් හා.... එපාවෙනව .. නැද්ද මං අහන්නේ.

      Delete
  22. ඔය කහවත්තෙ කොයි මර්ඩර් එකේ විත්තිකාරයද... ??

    ReplyDelete
    Replies
    1. හිටපන්කො ඉක්මණට ලියල දාන්නං.

      Delete
  23. ඈ බං අබේපාල මාමත් හිටියා නම් ලයිසන් එක ගන්න පුලුවන් වෙන්නම ඕනෙ නේද ? නෑ නෑ ඔතන අබේපාල මාමා ඉඳලා නෑ ..

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද බං. උගේ වැඩ බලන්නත් මේවගේ එකක් සෙට්වෙන්න ඕනා. කෝ ඇවිල්ල මේවට උත්තර දෙන්න කියාපන්.

      Delete
  24. හප්පා ලංකාවෙ පොලීසි වල තරම් ජෝක්ස් නැහැ ලෝකෙ කොහෙවත්...ලංකාවට ආපු හැම වතාවකම අපිත් ඔය ජෝක්ස් වලට අහුවෙලා තියනවා...

    හප්පේ..මෙයාව දැක්ක කල්...!!!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ එන්න ලැබුණෙ.

      Delete
  25. ගෙට් එකේ වෙච්චි ටිකත් දාපන් මචන්...

    :පී

    ReplyDelete
  26. අපෝ .. ඔය පොලිස්කාරයො මට පේන්න බෑ. ජරා පප්පල. බලාගෙන ගියාම උන් ජරාව නොකන්නෙත් මිනිස්සු අමාරුවෙ දාන්න පුළුවන් වෙලාවට, හිතල මතලම.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. තියෙන කරදරේ හින්දම දැන් මොනව කරන්න කලිනුත් දෙපාරක් හිතනවා

      Delete
  27. ජරාවක් දෙන්න එහෙම බැලුවෙ නැද්ද . නැත්නම් ඉල්ලුවෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ බං. ලොක්කෙක්කෙ ඇල්ලුවේ. ඒ වැඩේ එතන හරිගියෙ නෑ

      Delete
  28. සෑහෙන්න කාලෙකට පස්සේ ආයෙමත්....

    පොලෝසියෙන් වෙච්චි අකරතැබ්බ ගැන කතාකරන්න නම් අපේ ඩුඩ් ද බ්ලොග්වෝකර් තමා නියම කෙනා... පොකට් මනී නැතිවුනාම ලස්සනට එව්වා හොයාගන්න මෙයාලා දන්නවා.ඉරාජ්ගෙ සිංදුව මතක්වෙන්නේ... ලංකාවේ හොඳ පොලිසිය....

    ඉතින් කස්ටිය කූරු ගනන් කලැයි??

    ReplyDelete
    Replies
    1. අඩේ ගැමියා මං වෙනුවෙන් ඇඩ් එකක් දාලා තියෙන්නෙ. තැන්ක් යූ වේවා. ඔව් අප්පා මට පොලිස් අපලයක් තියෙනවා තමයි.

      කෝ මේ දොඩමා මේක කෑලි වලට කඩලා ආතල් එකත් කඩනවනෙ අපේ...


      henryblogwalker the Dude

      Delete
  29. මදෑ පුතා ඉඳල ඉඳලා ගිය දුරක්!!!

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.