වෙන කොහේවත් නෙමේ ඕං.. මේ දවස්වල කවුරුත් යන.... ගිහින් ඇවිත් ෆොටෝ එකක් එක්ක විස්තරේ දාන... පොත් ප්‍රදර්ශණේ බලන්නම තමා.
දවල් දවසෙ ඉතින් කෝඩ් ලියන්න බග් හදන්න තියෙන හන්දා හවස් වෙලා තමයි යන්න හම්බවුණේ.
ඊයෙ.. ඒ කියන්නෙ 20 වෙනිදා තමයි ගියෙ. ටක් ගාලා හතර දෙනෙක් සෙට් කරගත්තා.. ගියා..
ඇතුළට යන්න කලිනුත් හොඳ රසවත් සීන් එකක් වුණා. ඒකත් කියලම ඉමු.
ඔන්න අපේ තියෙන වාසනා බල මහිමය හින්දා බී එම් අයි සී එච් ගේට්ටුව ළඟට එනකොටම පොලිස් මාමෙක් ගැහුවෙ නැතෑ බෝඩ් එකක් පාක් එක ෆුල් කියල.
ඉතින් මොකෑ කරන්නේ... රිංග ගන්න තැනක් හොය හොයා අපි වටේ යන්න පටන් ගත්තා.
ඔන්න තියෙනවා වී අයි පී පාක්එක. ඉඩත් තිබේ. ඒත් මොනා කරන්නද අපි වැදගත් නෑලු නේ.
තව ටිකක් යනකොට තියෙනවා සිරිමාවෝ එක පිටිපස්සෙම ගේට්ටුව.
එතනත් ඉන්නවා පොලිස් මාමෙක්.
එතකොටම අපිට ඉස්සරහින් ගිය කාර් එකත් ඒකෙන් දැම්මා. පොලිස් මාමත් මොකද්ද අහල ඇතුළට යන්න කිව්වා.
මාත් එක්ක හිටිය අනික් එකා තමයි අසිතයා. මෑන් ටක් ගාල කිව්ව දාපන් දාපන් අවුලක් නෑ කියල.
ඕං මං හිමීන් සැරේ රිංගෙව්වා. පොලිස් මාමත් අත දාල නතර කළා.
එයා කතා කරන්න කට අරිනකොටම අසිතයා කිව්වෙ නැතෑ මෙහෙම.
"ආ... අපි... තමයි දැන් අර කියල ගියෙ බඩුටිකක් ගේන්න...."..... "ටක් ගාල එනව කියල ගියෙ....."...... "දැන් චුට්ටකට ඉස්සෙල්ල......".... කියල සට සට ගාල දෙ තුන් පාරක් කිව්වා..
මාව නිකන් ෆුල් හොල්මන් වෙලා ගියා.. ඇයි යකෝ මූ අඩුගානෙ මටවත් කිව්වෙ නෑනෙ මෙහෙම කරමු කියල.
මම දත්මිටි කාගෙන හිටිය ඕනෙ මඟුලක් වෙච්චදෙන් කියල.
පොලිස් මාමටත් මුකුත් හිතාගන්න බැරිවෙන්න ඇති.. ඒ අතරෙ අපිත් ෂේප් එකේ ඇතුළෙ.
බැලින්නං ඒක තමයි ස්ටෝල් කරන කට්ටියගෙ පාර්ක් එක.
ඒ අස්සෙ අසියා උගෙ තියරි එක කියනවා.
එතන පොලිස් මාමල කීප දෙනෙක් ඉන්න හන්දා එහෙම කිව්වම එයාට හරියටම හිතාගන්න බෑලු. වෙන එක්කෙනෙකුට කියල යන්න ඇති වගේ හිතෙනවලු. අනික ඒ වගේ හෙන කන්ෆිඩන්ස් පිට කිව්වම එයාට මේ කියන එක විශ්වාස නොකර ඉන්න බෑලු... ඒ වගේ හෙන ගොඩක් දේවල්..
ඔන්න පොරවල්. මට නම් හිතාගන්න බෑ ඔය ටික ඔය විනාඩියට හිතල කියන්න.
හැබැයි අසියා හිටියෙ නැත්නම් මම තාමත් වටේ යනවා.. හික්..
ඔන්න ඒ සීන් එක ඉවරවෙලා අපි ඇතුළට ගියා.... ටිකටුන් නැතුවම.. හික්... ස්ටෝල් කරන එවුන්ගෙන් ටිකට් ගන්නවායැ.
අපිත් එක්ක ආපු අනිත් දෙන්නා නියමිත පිළිවෙළට ඉස්සරහින් ඇවිත්. ටිකට් එහෙම අරං. අපි ගාවට ආවා. ටිකට් දෙකක් අරන් වරෙං කියනකොටත් උන් දෙන්නා ඇතුළට ඇවිල්ලා. මොනා කරන්නද රු10 නේ කියල ටිකට් වැඩෙත් අමතක කරල දැම්මා.
ඊළඟ ප්‍රධාන රාජකාරිය මොකද්ද...
පොත් ගන්න එකද??
මොන පිස්සුද ...පොත් ඉවරවෙන එකක් නෑනෙ ඔය ටිකට. ඒවගේද කෑම එහෙම ඉවර වුණොත්. හික්...
එහෙම හිතපු අපි පැයකට ආසන්න කාලයක් ඒ වැඩේටත් ගත කළා.
දැන් වෙලාව හතට විතර ඇති. ඒත් සෙනඟ එච්චරම අඩු පාටක් පේන්න තිබුණෙත් නෑ. මුලින්ම අපි ගියෙ ලිපි ද්‍රව්‍ය තිබුණ කුටියකට. හැම තැනම වගේ අඩුතරමින් 20% ක වකත් ඩිස්කවුන්ට් තියෙනවා.
ලොබි එකෙන් ඇතුළට යන තැනම ඔයාලට ඕනෙ නම් තමන්ගෙ රූපෙ චිත්‍රයට නංවාගන්න පුළුවන් රු 300 ක් වගේ මුදලක් දීල.
නිකන් මිනිස්සු බය කරන්නෙ මොකටද කියල හිතල අපි එතනින් ෂේප් එකේ මාරු වුණා.
ඊට පස්සෙ ඔක්කොම වගේ කුටිවලට ගියා. ඒත් මම පොත් ගත්තෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ පොත් තිබුණු සරස ප්‍රකාශකයන්ගේ කුටියෙනුත් විජේසූරිය මහත්තයගෙ පොත් තිබුණු විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රෙයනුත් විතරයි.
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොත් මම ආසම කරන බසකින් ශෛලියකින් ලියලා තියෙනවා. මම ගත්තු ඔක්කෝම කෙටිකතා සංග්‍රහයන්.
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ හැම පොතකටම 30% ක අඩු කිරීමක් ලබාදෙනවා. විජේසූරිය මහත්තයත් හිටියා. ඒත් කතා කරන්න නම් යන්න වුණේ නෑ.
රෑ නවයට කිට්ටු වෙනකන් අනිත් කුටිවලත් ඇවිද්දා. බොහොමයක් දෙනා පොත් මිලදී ගන්නවා. රෑ වුණා කියල වෙනසක් නෑ.
කියන්න අමතක වුණා... ඒ අතරෙ ලොබි එකේ සංගීත සාජ්ජෙත් ජයටම යනවා.
මේ තියෙන්නෙ මං ගත්තු පොත්පත් ටික. (හැමෝම දාන එකේ මාත් ඒ විදියටම තියල ෆොටෝ එකක් ගත්තා.. හික්....)
විශේෂයෙන් පොත් සාප්පුවකට ගිහින් පොතක් පතක් ගැනෙන්නෙ නැති කාලෙක සහ කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරන ඊ බුක් වලටම යොමු වෙච්ච කාලෙක... පොතක් පතක් ගැනෙන්නේ මේ ප්‍රදර්ශණය හින්දම තමයි.
දැන් ඉතින් ටික දවසක් යනකල් වැඩ තියෙනවා.... හැබැයි ආපහු වතාවත් සති අන්තයෙදි යන්නත් හිතේ තියෙනවා.