Wednesday, February 15, 2012

මිග් එක වැටිච්ච ඇත්ත හේතුව





මේක ගැන හොයන්න කමිටුවකුත් පත් කරලාලු. ඕකෙන් මොනව හොයා ගත්තත් ඇත්තටම වෙලාතියෙන දේ මෙන්න මේකයි. 


හැමදාමත් ඔය මිග්එක පලෙයි ගිහින් එන්න තෙල් ගහන්නේ රුපියල් 5000 ක ලු.


5000ක ගැහුවම කිසි අවුලක් නැතුව ආපහු කටුනායකට ලෑන්ඩ් කරන්න පුළුවන් ලු.


ඉතින් 13 වෙනිදත් ඒ වෙනද වගේම උදෙන්න නැගිටලා ෂෙඩ් එකට ගිහින් ගැහුවලු රුපියල් 5000 ක තෙල්.


ඒත් අනේ 12 වෙනිද රෑ 12 ට සිදු වෙච්ච බොහොම භයංකර සිදුවීමක් හින්දා 5000ට වැදිල තියෙන්නේ තෙල් බොහෝම සුට්ටයි ලු. 


වෙනද කටුනායකටම එන ජෙට් එකට එදා එන්න හම්බවෙලා තියෙන්නේ කුරුණෑගල හරියට විතරයි ලු.


කුරුණෑගල හරියෙදි ජෙට් එකේ තෙල් මීටරේ අන්තිම කට්ටෙ බ්ලින්ක් වෙන්න පටන් ගත්ත ලු.


ඒ වෙලාවෙ තමයි පයිලට් අයියට වැඩේ මීටර් වෙලා තියෙන්නෙ ලු.


මොනව කරන්නද එයා කෙලින්ම සීට් එකෙන් එජෙක්ට් වෙලා පණ බේරං තියෙනවා.


ජෙට්එකට වෙච්ච දේ හැමෝම දන්නවනෙ... ඔන්න ඕකයි වැටෙන්න හේතුව.


ලංකාවේ හුදී ජනතාවගේ පහන් සංවේගය පිණිසයි. නැට්ට පාගං ත්‍රිවිධ හමුදාවට අපහාස කළා කියල එහෙම කියනව නෙමේ ඕං.

76 comments:

  1. මම ඕක පස් වල ස්ටේටස් එකක් විදිහට දැම්මා :D
    මම ලිව්වේ මෙහෙම
    ✰ඉන්ධන මිල ඉහල දැමීම නිසා තෙල් ගැසීමට සල්ලි නොතිබි දුප්පත් පයිලට් කෙනෙකුගේ මිග් යානයක්, ඉහල අහසේදී තෙල් ඉවර වී බිම පතිත වී ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව් බං දැන් මේක හැම තැනම.. මාත් දැම්මේ මට ඇහුණ එකක් තමයි.

      Delete
  2. දේශපාලණය කරන මිනුස්සුත් කාල ඇඳල ඉන්න ඔනෙ.කොහොමද ඔය වැඩේ සිරාවටම උනානම්

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බං.. අහිංසක මිනිස්සු

      Delete
  3. හුටා. මගේ බයික් එකත් වැටෙයිද දන්නේ නෑ තෙල් ඉවර වෙලා....:DDD

    ReplyDelete
    Replies
    1. හික් හික් අය්යත් බයික් එකේ උඩින්ද යන්නෙ?:)

      Delete
    2. ඔව් රෝද උඩනේ යන්නේ...:P

      Delete
    3. Bike 1k tiyenawa kiua nam ivara nay machan :P

      Delete
    4. ඇවිද්ද පය දහස් වටී කියල කියන්නෙ කට කහනවටද.

      Delete
  4. යකෝ මේක අර ලංකා සී නිවුස් එකේ කමෙන්ට් එකක් නේ... මූ ඒක උස්සලා.... :D

    ReplyDelete
    Replies
    1. මන් දැක්කේ ගොසිප්9 එකේ කමෙන්ට් එකක් හැටියට ඉස්සෙල්ලම :-D

      Delete
    2. හරි බොලව් ඒවා මූද දන්නෑනේ ලිව්වේ! :D

      Delete
    3. මාත් දැම්මේ මට ඇහුණ එකක් තමයි. හැබැයි සී නිවුස් එකේ එක දැක්කෙ නෑ.

      Delete
  5. දෑන්නම් අනුන්ගේ වාහනේකට නගින්න කලින් තෙල් තියෙනවද කියල අහන්න වෙනෙවා :D

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ වාහනේකට
      ඇයි පාරෙ බස් නැද්ද?

      Delete
    2. අනිවා. හැබැයි නෑ කිව්වොත් තෙල් ගහල දෙන්න පුළුවන් වෙයිද ඔය ගාණට.

      ඇනෝ - පාරෙ බස් තිබ්බද නැද්ද කියල දකින්න ඇතිනේ.

      Delete
  6. අපේ ගේ ඉස්සරහ ඉන්නවා මාමාට කඩේ යන හෙංචයියෙක් ආටා එකක් එහෙම තියෙන...තෙල් ගහන්න සල්ලි නැතුව දැන් ආටා එක ගෙදර දාලා යන්නෙ.. මිනිහට කට උත්තරත් නෑ..

    ReplyDelete
    Replies
    1. දැන් හැමෝටම කට උත්තර නැතිවේගන එන්නේ

      Delete
  7. ඔන්න අපිනං ඉලඟ සටනට සැරසෙන්ඩයි යන්නේ..පඩි වැඩිකර ගැනිමේ මහා සටන...

    ReplyDelete
  8. ඇයි රිසව් එකට දාගෙන නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන් 5000 ක ගැහුවම අමුතුවෙන් රිසර්ව් දාන්න ඕනෙ නෑලු. කොහොමත් එහෙමයි.

      Delete
  9. Nat Geo චැනල් එකේ යන AIR CRASH INVESTIGATIONS මතක් වුනා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මාත් බලල තියෙනවා ගොඩක් ඒවා.

      Delete
  10. හික්ස්... ඔන්න ඕකලු වුනේ නේද??? :))))

    ReplyDelete
  11. නියමයි පැණි දොඩම්. ඔබේ උපහාසය අදාළ ලොක්කන්ට තේරුම් නොයනවා නෙවෙයි. උන්ට ඒවා දැන් කම්මලේ බල්ලට හෙන ගහනවා වගේ. බලයෙන් මත වෙච්ච හැත්තක්නේ ඉන්නේ. ඇත්තටම මිග් 27 සිද්ධිය ඉතා කනගාටු දායකයි. නියමුවාට තම සීට් එක ඉජෙක්ට් කරගන්න වෙලාව තිබීම වාසනාවක්. ප්‍රහාරක යානාවල නියමුවා සීට් එකට පැරෂූට් එකත් එක්කම සම්බන්ධ වෙලයි ඉන්නේ. අර වාහන වල එයාර් බෑග් ක්‍රියාත්මක වෙනවා වගේ, නියමුවාගේ කකුල් දෙක මැද සීට් එකේ පහල තියන පොඩි ලිවර් එකක් ඇද්ද ගමන්, හිසට උඩින් තියන වීදුරු වගේ පෙනෙන ෆයිබර් කැනපි එක ඉවතට විසිවෙලා නියමුවාව ප්ලේන් එකෙන් එලියට විසි කරනවා. ඊට පස්සේ පැරෂූට් එක ස්වයන්ක්‍රීයව විවෘත වෙනවා. මේ අනතුරට හේතුව සමහරවිට මෙහෙදී එලියට නොඑයි කියන සැකය නිසා මම දන්නා තොරතුරු ටිකක් කියන්නම්. අපි වගේ දුප්පත් රටවල ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කරන්නෙත් දුප්පත් විදිහට. හරියට 19 වැනි ශතවර්ෂයේ හදපු, අර මිකැනිකල් බ්රේක් තියන, හැඬල් එකෙන් ස්ටාර්ට් කරන, කාර් එකකකින් ඩ්‍රයිවින් පුහුණු කරලා, ඔටෝ ගියර් වාහනයක් එලවන්න දුන්නොත් මොකද වෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. අපේ රටේ ප්‍රහාරක ගුවන් යානා නියමුවන් පුහුණු කරන යානයත්, මිග් එකත් අතර මහා බරපතල වෙනස්කම් රාශියක් තියනවා. මිග් එකේ යන්න පුළුවන් පයිලට්ට පමණයි. සහායකයෙක් නැහැ. ඉතින් ආධුනික නියමුවා පියාඹන්නේ බිම සිට ගුවන්විදුලි පණිවිඩ වලින් දෙන උපදෙස් අනුවයි. මේ තත්වය නිසා අනතුරු වීමේ ඉඩකඩ බොහොම වැඩියි. දැනට ඉන්දියානු ගුවන් හමුදාවේ මිග් යානා 500 ක් බිම වැටිලා පයිලට්ලා සිය ගණනක් මැරිලා තියනවා. ඒ අනතුරු වලින් වැඩි ගණනකට හේතුව නියමුවාට යානය පාලනය කරගත නොහැකිවීම. එසේ පාලනය කරගත නොහැකිවී තිබෙන්නේ පුහුණුවීමේ යානය සහ මිග් එක අතර තිබෙන බරපතල වෙනස්කම් නිසා. අපේ තරුණ නියමුවා ඇත්තටම වාසනාවන්තයි. මිග් යානයට ආසන්න ක්‍රියාකාරීත්වයෙන් යුත් යානයක් නියමුවන් පුහුණුව සඳහා යොදා නොගත්තොත් මේ තත්වය දිගටම තියෙයි. මිග් එකට පයිලට්ලා කියන්නේ 'පියාඹන මිනී පෙට්ටිය' (Flying Coffin) කියලා. ඒ තරමට අනතුරු බහුලයි. ඉන්දියන් ගුවන් හමුදාව දැන් මිග් අතහැරලා ඊට වඩා දියුණු යානා වලට මාරුවෙමින් ඉන්නේ. මිග් යානා පාවිච්චි කරන රටවල් සීමිත ගණනක් විතරයි දැන් තියෙන්නේ. මේවා යල් පැනගිය යානා කියලයි විශේෂඥයන් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. වටිනා කියන තොරතුරු ටිකක්...කතාව ඇත්ත කියලා කියන්න පුළුවන්...

      Delete
    2. කවුරුවත් මගේ කරේ නගින්නේ නැත්නම් මට හිතට එන කතාවක් කියන්නම්... තෙල් මිල වැඩි කිරීමේ අවධානම වෙනතක යොමු කිරීමේ සැලසුමක් ලෙස මෙය බිම දැම්මද කියලා මට හිතෙනවා.. මොකද මිග් එක ගැන ලංකා ගුවන් හමුදාවෙත් වැඩි පැහැදීමක් නැති නිසා...

      Delete
    3. මේගැන සෑහෙන්න දැනුමක් තියෙන කෙනෙක් වගෙයි පේන්නේ නම්. කතාව බොහෝදුරට ඇත්ත වෙන්න පුළුවන්.

      Delete
  12. හොඳ වෙලාවට අපේ යානාවලට රෝද තියෙන්නෙ

    ReplyDelete
  13. ඔයත් මාර දේවල් අප්ප දන්නෙ.........:D

    ReplyDelete
  14. හරිනෙ මට කල්පනා උනේ නෑනේ.

    ReplyDelete
  15. මෙව්වා බලදරයෝ දැකලා ඔයාව ඇඹුල් දොඩන් ගෙඩියක් කරයිද දන්නෑ.

    ReplyDelete
  16. coppied from https://www.facebook.com/photo.php?fbid=3332019861568&set=a.2448681058650.146430.1300660603&type=1&theater

    ReplyDelete
  17. ඕක වෙන්න තිබුනේ අපේ ඇමතියෙක් ගිය හෙලිකොප්ටරේකට අප්පා...

    ReplyDelete
    Replies
    1. අයිස් හොයාගෙන සුදු වෑන් එකක් ආවොත් අපිට නං කරන්න දෙයක් නෑ.

      Delete
  18. දැන්නෙ හරියටම උනේ මොකක්ද කියල දැනගත්තෙ...

    ReplyDelete
  19. අප්පා එහෙනම් ඒකයි සීන් එක ඈ . . හික්ස්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හැබැයි ඇත්ත යට යනවා.

      Delete
  20. //ඒත් අනේ 12 වෙනිද රෑ 12 ට සිදු වෙච්ච//

    දොළොස් වෙනිද රෑ මොකද වුනේ ? කොමෙන්ට් වලින් තේරෙන්නෙ ඉන්ධන මිළ ඉහල ගියා කියල. ඒ අනුව මේක 'Toung in cheek' පෝස්ට් එකක්...හෙහ්..හෙහ්...

    ReplyDelete
    Replies
    1. මොකක් කිව්වා ඔබෝ?

      Delete
    2. ඔබා ඉංගිරිස් ඔලිං කුනුහබ්බ දෙසනව දොඩමො

      Delete
  21. පට්ටයි. පට්ටයි...

    ReplyDelete
  22. මෙවැනි මේල් එකක් ආව නොවැ. පැණිදොඩම් ගෙන් උස්සලද දන්නෙ නැහැ..

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ.. මේක මටත් ඇහුණ කතාවක්..

      Delete
  23. Adooo meka umba mage wall eken neda issuwe :P
    he hee ela kathawa :D

    ReplyDelete
    Replies
    1. උඹේ වෝල් එකේ කෝච්චි ඇරෙන්න වෙන ඒව තියෙනවද කියපන් ඉස්සෙල්ලම.

      Delete
  24. කරන්ට් බිල වැඩි උනාම මොනා වැටෙයිද මන්දා... මිග් එක විතරය ඔක්කොම වැටෙනවනේ දැන්

    ReplyDelete
    Replies
    1. අන්න අරහෙ ස්ටොක් මාකට් එකත් වැටෙනවලු හිටු කියල.

      Delete
  25. මිග් එක වැටුනට වඩා අපරාදයක් ස්ටොක් මාකට් එක වැටෙන එක අප්පා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බලමුකො මොකද වෙන්නෙ කියල.

      Delete
  26. god must be crazy කියන ෆිල්ම් එකේදිත් මේ වගේ ගුවනේදී ප්ලේන් එකේ තෙල් අහවර වෙනවා. එතකොට ඒ නියමුවා නම් කලේ සීට් එක යට තිබ්බ විස්කි බොටල් එක කඩලා අරගෙන පොරත් සොට් එකක් ගහලා ප්ලේන් එකේ ඉන්ධන ටැංකියට අනික් ටික හලන එකයි .. කොහේද අපේ රටේ මත්පැන් ලඟතියාගෙන රිය පදවන්න දෙන්නේ නෑ නේ

    ReplyDelete
    Replies
    1. මාත් බැලුවා ඔයා කියන ෆිල්ම් එක...god must be crazy ෆිල්ම්ස් 3 ක් තියනවා...හිනා වෙලා පන යනවා.....

      Delete
    2. පොස්ට් ඒක කියවල බද කොරවෙලා හොඳ වෙද්දී සදරුගේ කමෙන්ට් ඒක.හොයාගෙන බලන්න ඕනේ ෆිල්ම් එකක්.

      Delete
    3. ඒක නම් නියමයි බං.. මම දෙකක් බලල තියෙනවා. තුන්වෙනි එක හම්බවෙලා නෑනේ.

      Delete
    4. ඔය සීන් එක තියෙන්නේ god must be crazy පලවෙනි ෆිල්ම් එකේ මාර ගති.. පයිලට්ට එකයි ප්ලේන් එකට තුනයි අනුපාතයට විස්කි දාගෙන ගමන යනවා සැපට ..ඒත් අපේ එවුං මේ වැඩේ කලා නම් අනුපාතය හිතාගත හැකියි නේද ?

      Delete
  27. කවුදෑ ඔහොම දෙයක් දන්නේ !!!
    හොද වෙලාවට කිව්වේ !!
    අපරාදේ බූමිතෙලුත් ගනන් ගිහින් නේ

    ReplyDelete
    Replies
    1. බයික් වලට බූමිතෙල් ගහන එවුනුත් මම දැකල තියෙනවා.

      Delete
  28. ඕවා වැටුනට ගානක් නෑ...ඔවගෙ යන්නෙත් නෑ.. අපි 'පයින්ද කොකෝ' කට්ටිය තමා හැමදාම...

    ReplyDelete
    Replies
    1. වැටුනට කමක් නෑ කාගෙවත් ඔලුවට නැතුව

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. දැං ඉතිං යුද්දෙත් ඉවරඑකේ ඔවුව වට්ටල හරි ඉවර කරගන්න ඕනෙ . . . නැත්තං කොහොමද අලුත් ඒව ගෙන්නන්නෙ ????

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..කොමිස් පාරක් ගහන්න විදියකුත් නැතිවෙනවා නැත්තං

      Delete
  31. හොද වෙලාවට අපි පයින් යන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔලුවට වැටුණොත් පයින් ගියා වගේ නෙමේ.

      Delete
  32. හිකීස්.. තව කීයක් වැටෙයිද මන්දා ඔහොම ගිහින් ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ දැන් ගහනවලු 8000 ක විතර තෙල්.

      Delete
  33. හික් හික් එළ සීන් එක.....

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.