Sunday, November 28, 2010

උතුවන්කන්දට ගිහින් බෝ ඇල්ලත් බලාගෙන එමු.

ඔන්න මම කියන්න යන්නේ අපි පහුගිය දවසක ගිය පොඩි ට්‍රිප් එකක් ගැන. සමහරැ ගිහින් ඇති. ඒත් ගිහින් නැති කට්ටියට උදව්වක් වෙන්නත් එක්ක තමයි මේක දාන්නේ. මෙතන නම් යන්න වටින තැනක්. ඓතිහාසික පදනම හැරැණුකොට ස්වභාව සෞන්දර්යයෙන් අනූන තැනක්.

ඉඩක් ලැබුණු ගමන් ලංකාවේ කොහේ හරි ඇවිදලා එන එක මම කැමතිම දෙයක්. ඒත් ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි. කොහේ හරි යන්න කට්ටිය සෙට් කරන එක සෑහෙන්න අමාරැ වැඩක්. එහෙම කළත් කවුරැ හරි එකෙක් දෙන්නෙක්ට මොනවහරි සෙට්වෙලා එන්න බැරිවෙනවා. මේ ට්‍රිප් එක යන්න නම් ගොඩක්ම හේතුවුනේ අපේ කොල්ලො දෙන්නෙක්. එකෙක් රඹුක්කන අනිකා පින්නවල. ඉතින් නවාතැන් ප්‍රශ්ණයක් නැහැ කෑම බීම ප්‍රශ්ණයක් නැහැ අම්මලගෙ තාත්තලගෙ පුද සත්කාර විඳල එන එක තමයි තියෙන්නේ. ඒ ගැන නම් සෑහෙන්න ලියන්න දේවල් තියෙනවා. පස්සෙ බලමුකෝ.

දැන් කොහොම හරි අන්තිමට නව දෙනෙත් මේකට සෙට්වුනා. අපිට උදේ ලෙක්චර් එකක් තිබ්බ හින්දා ඒක ඉවරවෙලා 3.30 විතර තමයි කොළඹින් පිටත් වෙන්න වුනේ.  ආ තව එකක් කියන්න ඕනෙ.. කාන්චන ගේ වෑන් එකෙන් තමයි අපි යන්නෙ. පොර තමයි රඹුක්කන ඉන්නව කියල මම මුලින් කිව්වෙ. ඔන්න කොහොම හරි අතරමඟින් සෙට්වෙන්න හිටපු කට්ටිය දාගෙන රෑ බෝවී ගෙන එනකොට අපි රඹුක්කනට සේන්දු වුණා. මම රඹුක්කන කිව්වට මූ (කාන්චන) ඉන්නෙ වල්ගම කියල සුන්දර ගමක. සුන්දරයි කියන්නේ ෆෝ වීල් දාගෙන මිසක් යන්න බැරි කඳු කීපයක් එහෙම තරණය කරල තමයි ගෙදරට යන්න ඕනෙ. ගියාට පස්සෙ ඉතින් මොනවද අපේ ගෙදර වගේ තමයි. ඔන්න ආගන්තුක සත්කාර එහෙම විඳල කට්ටිය නින්දට ගියා (මෙහෙම කෙටි කළේ නැත්නම් මෙක ලියල ඉවර කරන්න වෙන එකක් නැහැ)

ඇත්තටම පහුවදා උදේ ඉඳල තමයි අපේ මාතෘකාවට එන්නෙ. ඒ කියන්නෙ උතුවන්කන්ද බලා ගමන් ඇරඹීම. කන්න බොන්න පොඩි පොඩි දේවල් ටිකක් දාගෙන වෑන් එකෙන්ම 8.00 ට විතර අපි පිටත් වුණා. දිගටම වෑන් එකෙන්ම යන්න පුළුවන් වුණත් අපි හිතුවේ වෑන් එක මග දාලා පයින්ම යන්න (මොකද නැත්නම් ට්‍රිප් එකේ කිසිම රහක් නැහැ) ඔන්න එහෙම හිතලා කොහොමහරි නුවර පාරෙ කරඬුපන කියන තැනට ඇවිල්ලා බස් එකක නැග්ගයි කියමුකෝ. උතුවන්කන්දට යන්න බහින තැනින් කියන්න කියලත් කොන්දොස්තර අයියට මතක් කළා. විනාඩි 20න් ඔන්න අපි බැස්සා. මෙතන ඉඳල කිලෝමීටර් 1.5 ක් විතර තියෙනවා උතුවන්කන්ද නඟින්න පටන් ගන්න තැනට. පයින් යන්න පුළුවන්. මේ පහළ තියෙන්නේ කන්ද පාමුලදි ගත්ත ෆොටෝ එකක්. ඉන්නේ අපේ සෙට්එක තමයි.




මෙතන ඉඳල ටිකදුරක් යන්න පොඩි පාරක් තියෙනවා ඊට පස්සෙ ඒක අඩිපාරක් වෙනවා. ඒත් පාර හොයාගන්න එක සිම්පල් වැඩක්. දිගටම යන්න තමයි තියෙන්නෙ. ඔය තියෙන්නේ අතර මඟදි ගත්ත තව පින්තූරයක්.



අපි යනකොට පොඩි වැස්සක් වැටුණා. ඒක හින්ද පාර පොඩ්ඩක් ලිස්සනව වගෙයි. මානා පඳුරැ වලට වැටිච්ච වතුර ගෑවිලා ටිකක් විතර තෙමිලා. විනාඩි 45ක් යනකොට කන්ද උඩට එන්න පුළුවන්. එච්චර අමාරැ ගමනක් නෙමෙයි. මුදුනට ආවම අවට පරිසරය බොහොම සුන්දර විදියට බලාගන්න පුළුවන්. එක පැත්තකින් දුවන කොළඹ නුවර පාර ඒ වගෙම හතර වටේටම කඳුපංතියි හරිත පැහැ උතුරන පරිසරයයි මවන්නේ අමුතුම චිත්‍රයක්.



උතුවන්කන්ද ගැන ලියනකොට සරදියෙල් අමතක කළොත් ඒක ලොකු වැරැද්දක් හින්ද ඔන්න අපි සූර සරදියෙල් ගැනත් මතක් කළා. සරදියෙල් හැංගිලා හිටපු ගල් ගුහා කීපයක්ම මෙතනදි බලා ගන්නත් පුළුවන්. ඒ වගෙම පොලිසියෙන් එළවාගෙන එනකොට සරදියෙල් අර කන්ද මුදුනෙම තියෙන ගල් පර්වත දෙකෙන් එකකට නැඟල අනිත් එකට පැනල බැහැල හැංගිලා යනවලු. පොලීසියෙ උන්දැලට ඉතින් ඕක කරන්න බැරි හින්ද ආපහු හැරිල හිස් අතින්ම යනවලු.

මේකෙ මුදුනෙම යකඩ වලින් හදපු කූරැ කීපයක් තියෙනවා. ඒව නම් මොනවට හදපුවද කියන්න දන්නෙ නැහැ. අහගන්න කවුරැත් හිටියෙත් නෑ ඕං. මේ තියෙන්නෙ ඒවා තමයි.



ඔය යන්තම් සපත්තුවක් පේන්නේ හේරගෙ. මෑන්ස් විතරයි ඕක උඩටම නැග්ගේ. හතරවටේ ලස්සන බලාගන්න ඔන්න මම තව ෆොටෝ කීපයක් දානවා.







මෙතනින් පස්සෙ අපි ගියෙ තවත් ලස්සනම තැනක් වන බෝ ඇල්ල බලන්නයි. ඒ ගැන විස්තරෙත් මේ ලිපියෙන්ම කියන්න හිතාගෙන හිටියත් දැන් හිතෙනවා ඒ ගැන අළුත් ලිපියක් ලියන්න. (සිංහලෙන් ලියන මුල්ම එක මේකනේ සින්ඩිකේටර වල පෙන්නනවද කියල හොයා බලන්නත් ඕනෙ) ඔන්න මම දැනට පින්තූරක් දැම්මා බෝ ඇල්ලෙ ලස්සන බලාගන්න.

Wednesday, November 24, 2010

ඔන්න එහෙනම් මාත් වැඩේට බහින්නයි යන්නේ.

බල බලා ඉඳල හරියන්නෙ නැහැ පටන් ගන්න ඹ්නේ ලිවිල්ල. බ්ලොග් එකේ මකුළු දැල් එහෙම කඩල නමත් වෙනස් කළා. මේ දවස් ටිකේනම් ලියන්න බැරිවෙයි. මට විභාගයක් සෙට්වෙලා නේ. ඒක ඉවර කරලම පෝස්ට් එකක් දානවා.