Wednesday, August 3, 2011

කාර් උස්සන අළුත්ම ක්‍රමයක්

මේක මට අද ඊයකින් ආපු එකක්. දැනුවත් වෙලා තමන්ගෙ වාහනේ බේරගන්න මිසක් අනුන්ගෙ වාහන උස්සන්න එහෙම නෙමේ හොඳේ.



මෙහෙම හිතන්න..
ඔයා කාර් එක පාක් එකේ නවත්තල තියල යනවා. පාර අයිනෙ කියල හිතමු.
ආපහු ඇවිල්ල කාර් එක අන්ලොක් කරල ස්ටාර්ට් කරනවා. 

රිවර්ස් කරන්න හදනකොට හරි, පසුපස බලන් කන්නාඩියෙන් හරි, ඔයා දකිනවා මොකද්ද මන්දා කොල කෑල්ලක් පිටිපස්සෙ වීදුරුවෙ ඇලිල තියෙනවා. ඒක හින්ද හරියට පැහැදිලිව පිටිපස්ස පේන්නෙ නැහැ.
ඊට පස්සෙ මොකද කරන්නෙ?

ඔයා බැහැල ගිහිල්ල රැඳිල තියෙන කොළ කෑල්ල හරි මොකක් හරි අයින් කරන්න හදනවා.
එතකොටම කොහෙන්හරි මතුවෙච්ච මිනිහෙක්(හෝ කීපදෙනෙක්) ඔයාගෙ කාර් එකට පැනල වේගයෙන් නොපෙනී යනවා..........

විශේෂයෙන් ඔයා කාන්තාවක් නම් ඔයාගෙ පර්ස් එක, අත් බෑගය, සල්ලි, යතුරු, ගෙදර ඇඩ්‍රස්, ක්‍රෙඩිට් කාඩ්, වාහනේ ලිපි ලේඛන සියල්ලම හොරු අතේ......

මේක මේ දවස්වල වාහන හොරකම් සඳහා යොදාගන්න අළුත්ම උපක්‍රමය ලු.

ඉතින් මේකට අහුනොවී ඉන්න නම් මේ ගැන දැනුවත් වීම ඉතා වැදගත්.
අනෙක් අයටත් කියන්න.

බැරි වෙලාවත් මේවගේ දෙයක් පිටිපස්සෙ ඇලවිලා තියෙනව දැක්කොත් වහාම දොරවල් ලොක් කරන්න. හැකි ඉක්මණින්ම එතනින් පිටවෙලා යන්න. මොකද වාහන සොරු ඔබ අසලම වෙන්න පුළුවන්. ගෙදර ගිහින් කොළ කෑල්ල අරන් දාගන්න.

16 comments:

  1. එකත් මරු ක්‍රමේ තමයි.

    ReplyDelete
  2. නියම ක්‍රමයක් නේ වාහන හොරකම් කරන !!!!
    මේ විදිහේ හොරු ලංකාවෙත් ඉන්නවද ?

    ReplyDelete
  3. අහ් මෙහෙමත් හොරු හැබෑට!කවුරු කවුරුත් පරිස්සම් වෙන එක හොදා

    ReplyDelete
  4. අඩේ කාට හරි කරලා බලන්න ඕනේ....

    ReplyDelete
  5. @prasanna86k
    මෙන්න හොරෙක් :D

    ReplyDelete
  6. වටින ලිපියක්............මං ෆේස් බුක් එකේ දානවෝ...........කමක් නෑ නේදෝ.........?

    ReplyDelete
  7. දැනුවත් කලාට ස්තුතියි...

    ReplyDelete
  8. Madhawa,මධුරංග,නදී - ඔවි ඔවි ලංකාවෙ තමයි. මේ ඇඩ්‍රස් එකත් මේල් එකේ තිබුණා
    Shanta Fernando
    Attorney-at-Law

    8/1 Layards Road ,
    Colombo - 5,
    Sri Lanka .

    prasanna86k - හොරෙක් හොරෙක්
    Anonymous - හා හා දාන්ඩෝ.
    indik - තැංකූ

    ReplyDelete
  9. ඇත්තටම හැමෝටම වැදගත් වන ලිපියක්.. මන් කිව්වෙ .. වාහන අයිතිකාරයන්ට සහ හොරුන්ට..ප්‍රසන්න .. සපෝටර්ල හොයනවනම් කියන්න.. මමත් ඇප්ලයි කරන්න...

    ReplyDelete
  10. පිස්සු හැදෙයි කියුවලු...

    ReplyDelete
  11. Weni - තැංකූ තැංකූ..
    නදුන් උයන - හි හී පිස්සු හැදෙයි

    ReplyDelete
  12. හැබෑට උබ "පැණි දොඩම්" උනේ කොහොමද බං??

    අඩෝ මෙච්චරකල් බ්ලොග් කියෙවුවට උබේ බ්ලොග දැක්කෙ අදනෙ බං...

    මේ වාහන ඉස්සිල්ලත් පට්ටනෙ බන්... උබත් ට්‍රයි එකක් දැම්ම කියල ආරංචියි... :P

    ReplyDelete
  13. සුළඟ - අඩේ කොල්ලා... මාත් දැක්කෙ නෑනෙ උඹව මෙච්චර කල්. කොහොමච නම හොඳයි නේද. දැන් කියහං උඹ කොහොමද සුළඟ වුනෙ කියල. හි හී...

    ReplyDelete
  14. මාර අයිටම් දැන් තියෙනනේ...

    ReplyDelete
  15. මාර ක්‍රියේටිව් ‍හොරු නෙව දැන් ලංකාවේ ඉන්නේ..!

    ReplyDelete
  16. Thank you dude. Very helpful.

    henryblogwalker the Dude

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.