Tuesday, November 20, 2012

රේල් පාරේ පයින් - පට්ටිපොළ ඉඳන් හපුතලේට





එක එක කාලෙට අපිට එක එක විදියේ උණ හැදෙනවනෙ. 
මේ දවස්වල අපි කීපදෙනෙක්ට හැදුණ උණ වර්ගය තමයි රේල් හයික් උණ. 
ඒ කියන්නෙ අර අපූරුවට කෝච්චිදුවන රේල් පාරෙ කෝච්චියෙ යන්නෙ නැතුව, සීතලේ වැස්සෙ මීදුම අතරෙන් කිලෝමීටර් 25ක් විතර පයිං ඇවිදං යන්න. 
හරියටම ගිය සතියෙ සඳුද තමයි කට්ටියට ඊමේල් චැට් ආධාරයෙන් අදහස දැම්මෙ. ලෝක විනාසෙටත් තව මාසයයි තියෙන්නෙ. වැඩිම වුණොත් වීක්එන්ඩ් 4 ක් තියෙයි. කල්දාන්න විදියකුත් නැහැ. කොහොම කොහොමහරි සඳුදා හවස්වෙනකොට සිකුරාදා නයිට්මේල් එකේ ටිකටුත් බුක්කරලා ඉවරයි. 
දැන් මෙහෙමයි ප්ලෑන් එක. සිකුරාදා රෑ 8ටේ කෝච්චියෙ පට්ටිපොළට ගිහින් උදේ වෙනකං පැය 2ක් විතර ස්ටේෂන් එකේ ඉඳලා පට්ටිපොළින් රේල් පාර දිගේ හපුතලේ යන්න. 
ඊට පස්සෙ රෑ වෙනකොට කොහොමහරි දියතලාවට යන්න. 
මොකද අපේ රෑ කෑමයි නවාතැනුයි තියෙන්නෙ අපිත් එක්කම ගිය එකෙක්ගෙ ගෙදර හින්දා. ඒකා තමයි ඔය පහල ෆොටෝ වල නිල් ටී ෂර්ට් එකක් ඇඳන් ඉන්න මං සයිස් විතර(මං තරං උස නං නෑ) එකා. 



ඊට පස්සෙ හපුතලේ පැත්තෙ පොඩි රවුමක් ගහල රෑ වෙනකොට කොළඹට එන්න.
ඔන්න ඔය ටික ප්ලෑන් කරගෙන සිකුරාදා හවස්වෙනකොට ස්ටේෂන් එකට යන්න ලෑස්තිවුණාට හවස 6 ට විතර පොඩ් අප්සෙට් මෙසේජ් එකක් ආවා. 
ඒකෙන් කිව්වෙ උඩරට මැණිකෙ පීලිපැනල හින්දා කෝච්චි ප්‍රමාදයි කියලයි. මේක දැක්ක මගෙ යාළුවෙකුත් මට කෝල් කරල විස්තරේ අහල ස්ටේෂන් එකේ නම්බර් එකත් එව්වා කෝල් කරල වැඩි විස්තර අහගන්න. 

මමත් හිතුවෙ කෝච්චිය ටිකක් ප්‍රමාදවෙනව ඇරෙන්න වෙන මුකුත් වෙන එකක් නෑ කියලයි. ඒත් මෙන්න කෝල් කරපු ගමන් අනිත් පැත්තෙ රෙකෝඩින් එකක් යනව වගේ කටහඬකින් ඇහුණෙ නයිට්මේල් එක කැන්සල් රිසවේෂන් තියෙනවනම් සල්ලි ආපහු ගන්න පුළුවන් කියල. 

මොනව කියන්නද මාත් ඉතිං හා කියල ෆෝන් එක තිබ්බා. කෝච්චිය කැන්සල් වෙනව කියන එකට ප්ලෑන් බී එකක් තිබ්බෙ නැති හින්ද අපි පොඩ්ඩක් විතර අප්සෙට් වෙලා තමයි හිටියෙ. ඒ ගැන හිතන ගමන් කෝකටත් අපි කොටුවෙ ස්ටේෂන් එකට සෙට් වුණා. කෝච්චිය නම් කැන්සල්, කන්ෆර්ම්, සල්ලිත් ආපහු ගන්න පුළුවන් වුණා.

ඊළඟට අපි තීරණය කළා බස්එකේ නැඟල නුවරඑළියට යන්නත් එතනින් පට්ටිපොළට යන්නත්. එහෙම හිතාගෙන රෑ 10ට කොටුවෙන් පිටත්වුණ නුවරඑළි බස්එකේ නැග්ගා.
පැය 5, 1/2 කට පස්සෙ බස්එක නුවරඑළියෙ. 
වෙලාව පාන්දර 3.30 යි. 
පට්ට සීතලේ බලුබල්ලෙක් නැති නුවරඑළියෙ බස්ස්ටෑන්ඩ් එකේ හොඳවෙලාවට ත්‍රීවීලර් අයියකෙනෙක් හිටිය. අපි එයාට කතාකරල උදේ වෙනකන් ඉන්න රූම් එකක් හොයාගත්ත. ටිකක් විතර සැර සර්විස් චාර්ජ් එකක් ගත්තත් වෙලාවෙ  හැටියට ඒක ලොකු දෙයක්.
ඔන්න ඉතිං පැය 3ක පොඩි නින්දකින් පස්සෙ උදේ 7ට නැගිටල අපි 8ට නුවරඑළියෙන් පිටත්වෙන පට්ටිපොළ බස් එකේ පට්ටිපොළ ස්ටේෂන් එකට ආවා. 
උදේ කෑම එතනින් අරන් කෝච්චිපාර දිගේ හපුතලේ බලා යන්නයි දැන් අපේ සූදානම. 
මේ තියෙන්නේ පට්ටිපොළ ස්ටේෂන් එක.



කවුරුත් දන්නවනෙ මේක තමයි ලංකාවෙ උසම දුම්රිය ස්ථානය. උස මීටර් 1891 යි. මෙතන ඉඳන් හපුතලේට රේල් පාර දිගේ කිලෝමීටර් 23ක් තියෙනවා. ඒ අතරෙ බිම්ගෙවල් 19ක් හමුවෙනවා. ඒ අතර සුවිශේෂම උමඟ තමයි අංක 18 වන බිම්ගෙය. දිග මීටර් 329 යි. මේක තමයි ලංකාවෙ තුන්වෙනියට දිගින් වැඩිම බිම්ගෙය. මේ ගැන විස්තරයක් කියනවනම් මේක එක අන්තයක් අයිතිවෙන්නෙ මධ්‍යම පළාතෙ නුවරඑළිය දිස්ත්‍රික්කයට. අනිත් පැත්ත ඌව පළාතෙ බදුල්ල දිස්ත්‍රික්කයට. දෙපැත්ත දේශගුණික කලාප දෙකකට අයිති වෙන්නෙ. ඒ වෙනස ඇඟට දැනෙන තරමේ වෙනසක්. නුවරඑළිය පැත්ත තෙත් සිසිල් ගතියක් තියෙන්නෙ බදුල්ල පැත්ත වියළි සිසිල් ගතියක් තියෙන්නෙ.
උමං අංක 18ට කලින් අපිට හම්බ වෙනවා උඩරට දුම්රිය මඟේ උසම ස්ථානය හෙවත් summit level එක. මේ තියෙන්නෙ එතන. උස අඩි 6228 යි.





ඊට පස්සෙ තමයි 18 අංක 18 වෙනි බිම්ගෙය. මේ තියෙන්නෙ උමං විවරය.




මේක දිගින් වැඩි නිසාත් වංගු සහිත නිසාත් ඇතුළට තිත්ත කළුවරයි. අපි ටෝච් 2-3 ක් ගෙනිච්ච හින්දා අවුලක් වුණේ නෑ. ඇතුළත බොහොම තෙතයි, අඳුරුයි. වවුලො පිරිල. මේ අත්දැකීම නම් ලියල පෙන්නන්න බැහැ. ගිහිල්ලම තමයි අත්විඳින්න ඕනි. 
මේ තියෙන්නෙ ඇතුළෙදි ගත්ත ෆොටෝ.



ටික දුරක් ඇවිදගෙන යනකොට ඔන්න ඈතින් අනිත් කෙළවරේ එළිය පෙනෙන්න පටන් ගත්තා. ඒත් අපි ඉස්සරහට යනකොට එළියත් ඉස්සරහට යනව වගේ තමයි දැනුණෙ. 








කොහොම කොහොමහරි අලුත්ම අත්දැකීමක් එක්ක අපි අනිත්පැත්තෙන් එළියට ආවා. එතන ඉඳල ඔහිය ස්ටේෂන් එකට දුර කිලෝමීටර් 6.7 ක්. ඒ අතරෙදි දුම්රිය උමං 4ක් හමුවෙනවා. මේ තියෙන්නෙ ඒවා තමයි.



මෙතනදි අපිට ඈතින් එක කෝච්චියට සද්දෙ ඇහුණා. ඒ වගේම මීටර් 200ක් විතර අපි ඉස්සරහින් උමඟකුත් තිබුණා. උමඟ ඇතුළෙදී කෝච්චිය පාස් වීමේ අත්දැකීම විඳගන්න ඕනෙවුණ අපේ එකෙක් කොච්චිය එන්න කලින් කොහොමහරි උමඟ ඇතුළට දිව්වා. මේ තියෙන්නෙ ඒ වෙලාවෙ ෆොටෝ එකක්.





ඔහොම ඇවිදගෙන වටේම සුන්දරත්වය බලාගෙන අපි ඔහියට ළඟාවුණා. 

ලැව්ගින්නේ නටබුන්



කෝච්ච්යෙ ගිහිල්ලා දකින්න බැරි අංශක 360ක දසුනක් බලාගන්න නම් ඉතින් මේ වගේ ගමනක් එන්නම වෙනවා. වටේ පිටේ ලස්සන ගැන පොඩි අවබෝධයක් පින්තූර වලින් ලැබුණට ඇත්තම අත්දැකීම නම් ඇඟටම දැනුණාම තමයි සම්පූර්ණ වෙන්නේ.



අපිව පහුකරන් ආපු කෝච්චියත් මේ ඔහියට වෙලා බලං ඉන්නෙ සිග්නල් නැතුව.



මෙතන ඉඳන් අපි යන්නෙ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය වෙතයි. ඒ කියන්නෙ තවත් කිලෝමීටර් 9ක දුරක්. මේ කිලෝමීටර් 9 ඇතුළෙ තමයි ලංකාවෙ වැඩිම දුම්රිය උමං ගණනක් පිහිටා තියෙන්නෙ. ගණන 14ක්.





ටික දුරක් එනකොට මුළු පළාතම ඝන මීදුමෙන් වැහෙන්න පටන්ගත්තා. ලස්සන නම් කියල වැඩක් නෑ. 




සීතලත් ඒ වගේමයි. උෂ්ණත්වය 17’C යි. මඟ දිගට මේ දාලාතියෙන්නෙ ඒ හරියෙ පින්තූර තමයි.










අපි ඉදල්ගස්හින්නට එනකොට මීදුමයි හුළඟයි එක්ක පිණිකැට කලවම්වෙලා හමන්න පටන් ගත්තා. 



ඉදල්ගස්හින්න ස්ටේෂන් එක තමයි මේ තියෙන්නෙ. 




එතන ටික වෙලාවක් ස්ටේෂන් මාස්ටර් එක්ක කතා කර කර ඉඳල අපි ආපහු හපුතලේ බලා ගමන් ආරම්භ කළා. 
මෙතනදි තමයි මේක දැක්කෙ. ඒ කියන්නෙ මේකෙ විදියට අපිට අච්චු. ඒත් දැන් මානූෂීය හේතූන් මත මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑලූ.



හපුතලේට මෙතන ඉඳලා කිලෝමීටර් 7.5 ක් තියෙනවා.
දැන්නම් පරිසරයම ගොඩත් අඳුරුයි. වැහි බීරුමත් එක්ක එකතුවුණාම නම් තියෙන්නේ විස්තර කරන්න බැරි අමුතුම හැඟීමක්. බදුලු කෝච්චියෙ සෑහෙන්න ගිහින් තිබුණත් මේ විදියට නම් කවදාවත් දැනිලා නැහැ.
අපි දැන් යන්නේ තංගමලේ අභයභූමිය හරහා. මුලින් තංගමලේ හරහා ගිහින් ඇඩිෂම් බංගලාව හරහා හපුතලේට යන්න හිටියත් කාළගුණ තත්වය හින්දා අපි රේල්පාර දිගේම යන්න තීරණය කළා.




වෙලාව හවස 4 විතර වෙනකොට අපි අපේ ගමන නිමාකරල හපුතලේ බොරලන්ද පාර හමුවෙන තැනට ආවා.
මෙතන ඉඳන් ඊළඟට හපුතලේ නගරය හරහා දියතලාවේ අපේ හේරාගෙ ගෙදර යන එක තමයි ප්ලෑන් එක. අපි හපුතලේට එනකොට හොඳටම මීදුම. 




මේ ෆොටෝ එකෙන් පේනවා කොච්චරද කියල. හේරා කිව්ව විදියට හපුතලේ තමයි ලංකාවේ කොයිවෙලාවෙ කොහොම කාළගුණයක් තියෙයිද කියල කියන්න බැරි ස්ථානයක් විදියට අඳුන්වල දෙන්න පුළුවන්.

මෙතන ඉඳන් අපි බස් එකේ නැංගේ හේරාගෙ ගෙදර ගිහින් උණු උණු තේ එකක් බීලා, හේරාගේ අම්මගෙයි තාත්තගෙයි ආගන්තුක සත්කාර විඳගෙන සීතලේ ගුලිවෙලා නිදාගන්න හිතාගෙනයි. 

තවත් එකක් කියන්න ඕනෙ. හේරගෙ ගෙදර තියෙන්නෙ දියතලාවෙ කඳුවළල්ලක් මැද. එහා පැත්තෙ කන්න වටේම කෝච්චය යන විදිය උඩතට්ටුවට නියමෙටම පේනවා.කෝච්චියේ සද්දෙන් කරදරයක් නැහැ වගේම කන්ද වටේට තැනින් තැන පෙනී නොපෙනී කෝච්චිය යන හැටි බලාගන්න පුළුවන්. 
ඒකනෙ අපි මොනවහරි සෙට් කරගෙන මාස අවුරුද්දකට වතාවත්වත් මේ පැත්තෙ ගාටන්නෙ.

පහුවදා අපි ලිප්ටන් සීට් බලන්න ගිය හැටි ලියන්න හිටියත් දැනටත් මේක දිගවැඩී වගේ හිතෙන හින්දා ඒ විස්තරේ අරන් තව පෝස්ට් එකකින් එන්න හිතාගෙන ගිහින් එන්නං. 

ආ.. ඔක්කොම ෆොටෝ ටික බලන්න ඕනෙ නම් මෙතනින් ෆේස්බුක් ඇල්බම් එක බලන්න

31 comments:

  1. ඊළඟ පාර මටත් පොඩි මෙව්වා එකක් දියන්... දැන් සෙනසුරාදා එන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ඔන්න මටත් මෙවුවා එකක් දෙන්ඩ.. මාත් එනෝ

      Delete
    2. හොඳයි හොඳයි මේවුවා 1ක් දෙන්නං...

      Delete
  2. රතු ඊතලය දෙස බලනු! :D
    http://s7.postimage.org/t52rfodux/pani.png

    ReplyDelete
  3. මමයි,තාත්තයි, අම්මයි, අක්කයි එක සැරයක් ඉදල්ගස්හින්නෙන් නයිට්මේල් එකෙන් බැහැල.. ඉස්ටේශන් එක පිටිපස්සෙන් කන්ද බැස්සා.. ඒ කන්ද පහළ කෙලින් ම තියෙන්නේ නීඩ් වුඩ් වත්ත..හපුතලේ ටවුන් එකට ටිකක් පහළ.. අපේ තාත්තගේ ගම හපුතලේ නිසා ඔය පළාත තාත්ත හොඳට දැනගෙන හිටියා.. ඒක නම් මරු ගමනක්.. කන්දෙ තියෙන දෙමළ මිනිස්සුන්ගෙඑ පුංචි පුංචි ගෙවල් මැද්දෙන් ආපු හැටි තාම මතකයි.. ඔයාලගේ ගමනත් මරු.. මටත් ආසයි ආයෙ ඒ වගේ ගමනක් යන්න..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කොච්චර ගියත් ඇතිවෙන්නෙ නෑ මේ පැතිවලනම්.

      Delete
  4. මේ පින්තූර දැක්කම ඉරිසියා හිතෙනව බං.

    ReplyDelete
  5. පින්තූර ටිකත් ගමනේ විස්තරත් හරිම රසවත් .

    ReplyDelete
  6. සිරා පොස්ට් එක...

    ReplyDelete
  7. අප්පට සිරි කාලෙකින් ඇවිත්.
    කාලෙකින් ආවා කිව්වම අනිවා ට්‍රිප් එකක් ගිය පෝස්ට් එකක් කියවන්න පුලුවන්. ඕන් බොරුද කියලා බලන්ඩ ආයේ මාස ගානකට මනුස්සයා මිසින්. ආයෙම එන්නේ ට්‍රිප් එකක් ගියහම. :)

    ආ නැහැයි කියමු බලන්ඩ !

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත තමයි මලයෝ. මොනව කරන්නද.. එහෙම හරි ඉතිං අපි එනවනේ..

      Delete
  8. ලස්සන විස්තරේ පැණි... අපිත් ඔයා එක්කම හපුතලේ ගියා වගේ... නියමයි... ඒ වගේම ඉරිසියයි !!!:P

    ReplyDelete
    Replies
    1. හහ් හා.. ඉරිසියා වෙන්න එපා ළමයා. :P

      Delete
  9. එළ හයික් එක ලොක්කා මාත් යන්න ප්ලැන් කරන්න ඔන මම උඹට කතාකරන්නම්

    ReplyDelete
  10. නියමම නියම ගමනක්. මට යන්න බැරැ වුනත් හිතෙන් ගියා ඒ තැන් වලට මේ පින්තූරත් එක්කම. වටින වැඩක් සහෝ. ආයෙත් උද්දීපනය වෙනවා ට්‍රැවලින් කලාව..

    ReplyDelete
  11. මේක ඉවරවෙලා ගෙදර ගියාම තාත්තා කිව්ව විසේ ඇති උරා දවල්ටත් වෙඩිකාල මැරෙනවලු කියල

    ReplyDelete
    Replies
    1. විසේ ඇති 'ඌරා' ද විසේ ඇති 'හේරා' ද?

      Delete
  12. පට්ට.....මමත් කෝච්චියේ යන්න ආස ඔය ලස්සන දකින්න ඕනේ නිසයි.. ඒත් පයින් යන්න තිබ්බනම් හොදයි කියල හිතෙන්නේ මේක දැක්කමයි..maxa මචෝ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං. කෝච්චියේ සෑහෙන්න ගිහින් තිබුණත් මේ වගේ විව් එකක් බලාගන්න නම් බැහැ.

      Delete
  13. ටිකක් පරක්කු වෙලා උනත් මමත් ආවා ඔන්න. මරු විස්තරේ. නයිට් මේල් එකේ යන්න තිබුනානම් තව හොඳයි. පින්තූර ටිකත් නියමයි. උමං ඇතුලෙන් පයින් යද්දි කෝච්චියේ යනවාට වඩා වෙනස් විධියට දැනෙන්නේ. ඇතුලේදි කෝච්චියක් ආවානම් ඊට වඩා ආතල්...:D

    ReplyDelete
  14. අදයි දැනගත්තේ කෝච්චිය එන වෙලාවට බින්ගේ ඇතුලේ ඉන්න ඉඩ තියෙනවා කියලා..රාජ් පෙන්නපු පාරදිගේ ආවේ..එක කියවද්දිත් හිතුනේ යනකොට කොච්චියක් අවොත් මොකද කරන්නේ කියලා

    ReplyDelete


  15. بسم الله الرحمن الرحيم نحن فى شركة الكمال نقوم بجميع خدمات نقل العفش والاساس بافض الطرق تحت اشراف

    فريق كبير مدرب على اعلى مستوى من المستويات مع الفك والتركيب
    شركة نقل اثاث بالطائف
    شركة نقل اثاث بجازان
    شركة نقل اثاث بحائل
    شركة نقل اثاث ونقل عفش بحائل
    والسلامة عليكم ورحمة الله وبركاته

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.