බලන්න මේ තියෙන්නේ ලංකාවෙ ප්‍රධාන ජාතික පුවත්පතක් ලංකාවේ ජනතාව අන්දන්න දරණ ඉතාම කැත උත්සාහයක්.
ලංකාවෙ පත්තර බලන්නෙ කවුරු කියලද දන්නෙ නෑ හිතාගෙන ඉන්නෙ. මේක කිහිප තැනකම කතාවෙනව දැක්කත් මටත් මොනවහරි ලියල දාන්න හිතුණා.
දෙකේ පන්තියෙ පොඩි එකෙක් ලියන්න දන්නව මීට වැඩිය හොඳට. මේ කියල තියෙන විදියට ලංකාවෙ උදේ 7.50 වෙනකොට ඕස්ට්‍රේලියාවට(මෙල්බර්න් වලට) මහ පාන්දර.
මෙතන “උදේ“ කියල දාල තියෙන්නේ වැරදිලා වෙන්න බැහැ. මොකද රෑ 7.50 වුණත් රෑ 12 ට කිට්ටුවෙලාවක් වෙන්න ඕනෙ.
අනිත් එක මේ පුද්ගලයා කතා කරල තියෙන්නෙ ලංකාවෙ ඉඳන් නෙමෙයි කියල කියන්න කිසිම විදියකින් සාක්ෂියක් ලිපිය තුළ නැහැ.
බොරු වුණත් ලියනකොට අහුවෙන්න නැතිවෙන්න ලියන්න තරමට වත් දන්න මිනිස්සු ඕනෙ ජාතික පුවත්පතකට ලිපි ලියන්න.
දිවයින කියන්නෙ පහුගිය කාලෙ ඉතා හොඳින් ජාතිකවාදී මතයක් ජනතාව තුළට ගෙනියන්න විශාල කාර්ය භාරයක් ඉටුකරපු පත්තරයක්.
හැබැයි මේවගේ වැඩවලින් වෙන්නෙ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
මේකට කියන්නෙ කඩේ යනව කියලද කියල මං නං දන්නෙ නැහැ.
ලෝකේ Time zones ගැන දන්නෙ නැති අය මෙතනට යන්න. http://www.timezonecheck.com/
ප.ලි.
ටයිටලෙන් පොඩි වැරදි වැටහීමක් එනව වගේ කියල තිබ්බ හන්දා. “ලංකාවෙ ඉන්නෙ කවුද“ කියන එක “පත්තර කියවන්නෙ මෝඩයොද“ යනුවෙන් වෙනස් කරන ලදී.
හරි දැන් උඹ මොකද කියන්නේ... කෙහෙළිය ඉන්නේ ලංකාවේ කියලද? :D
ReplyDeleteපිස්සුද බං.. මට කියන්න ඕන වුණේ.. ලියපු එකාගෙ අඳබාල කම ගැන.
Deleteකෙහෙළිය කොයි වේලාවෙත් දොයි නේ.. :) එක පාරට ඇහරෙන කොට ඔරලොසුවේ කට්ට හරියට පෙනිලා නෑ.. මොකද කියන්නේ අපි එහෙම නිගමනයකට එමුද.. :D :D :D
ReplyDeleteඔව් ඔව්.. ඒත් ඉතිං.. කියන කෙනා මොනව කිව්වත් අහන එක්කෙනා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි නේ. :P
Deleteමටනම් හිතෙන්නෙ ......අනෙමන්දා මට තෙරෙන්නෙ නෑ... මං හිතන්නෙ ඇමතිතුමාටත් එහෙම ඇති.. තව..ඇයි රෙපොටර්ට එයාටත් එහෙම ඇති
ReplyDeleteරිපෝටරය තාම මේක දන්නෙ නැද්ද දන්නෙ නෑ නේද.
Deleteදැං එතකොට එතුමට අලුත් එලු ඇහැක් ලැබිලද ???
ReplyDeleteහික් හික්.. අඩෝ ඒක මාර ප්‍රසිද්ධයිනෙ බං.. මං දැක්ක ආටිෆිෂල් ඒවා සෑහෙන්න තියෙනවා. ඊ බේ එකේ එහෙම නැද්ද දන්නෙ දෑ නේද ඕඩරයක් දාන්න.
Deleteඊබේ යන්න ඕනෙ නෑ බං . . එලු මස් කඩේට ගිහිං ශේප් එකේ ඉල්ලපං . . උං දන්නව ඕක.
Deleteඊ බේ නං නෑ . . ඒත් මෙතන තියනව . . ගෙන්න ගනිං වැඩි ගානකුත් නෑ . . .
හපෝයි.. දැම්ම නේද මෙතන.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසික්, බලහන්කො ඉතින් උඹ එකෙන් ගත්ත දේ.....! :)
ReplyDeleteහිහී.. එහෙම තමයි එහෙම තමයි...
Deleteඑතුමාටත් වෙන කරදර....
ReplyDeleteදිරච්ච බැල්කනිවල ගියාම ඔහොම තමයි. :පී
Deleteකවුද දන්නේ නිදිමතේම නැගිටලා 'දැන් පාන්දර' කීවද කියලා. සමහරවිට නිදි බේත් ගත්තාමත් ඔහොම වෙනවා ඇති.:D
ReplyDeleteවැඩේ කියන්නෙ රිපෝටරුත් කිසි ඇහිල්ලකි බැලිල්ලකි නැතුව ඒක ගිල්ල එකනේ.
Deleteරඹුක්වැල්ල උන්නැහැගෙ කකුල් දෙක කැඩුනෙ කවදද නම් මම දන්නෙ නෑ.හැබැයි ලංකාවෙ නිදහස් දවස වෙනුවෙන් මෙහෙ තුබුනු උත්සවේට සහභාගී වෙච්ච් උන්නැහැ දෙපයින්ම හිටගෙන ඉන්න විදිය මෙහෙ පත්තර වල පලවෙලා තිබුන.
ReplyDeleteමට හිතන්නෙ එහෙනම් වැඩේ වෙන්න ඇත්තෙ ඊට පස්සෙ.
Deleteලියන කෙනා කෙසේ ලීවත් බලන කෙනා සිහි බුද්ධියෙන් බැලිය යුතුයි නේද ? :D
ReplyDeleteඔව් ඔව්.. සිහිබුද්ධියෙන් බැලුවම තමයි වැඩේ මාට්ටුවෙන්නෙ. :ඩී
Deleteමෙහේ උදේ 7:50 නම් මෙල්බර්න් වලට දවල් 1.20 බන් මේ දවස් වල පැය 5:30ක් අපිට වඩා වැඩී
ReplyDeleteඔව් බං ඩේ ලයිට් සේවිං හින්දා තව පැයක් වැඩී.
Deleteමේ දැණ් අපේ වෙලාව 8:20 AM
ReplyDeletemelbourne time ගූගල් කලාම ආවේ මේක
13:50 Wednesday (EST) - Time in Melbourne VIC, Australia
(2012-02-22 SL 8.20AM)
ඔව් මචං.. GMT+11 මේ කාලෙට.
Deleteදවල් 1.20 ට ත් නිදිබර වෙන්න එයා නැගිටින්නේ දවල් 2 -3 පහුවෙලා වෙන්ට ඇති හික්
ReplyDeleteඅනික ඔය ඇමතිවරු උනාම කොච්චර වැඩද? සමහර විට වැඩ කරලා කරලා නිදා ගන්න යන්ට ඇත්තේ එදා උදේම ද දන්නේ නැහැනේ. ඔයාලට මේවා තේරෙන්නේ නෑ !!
ඔව් ඔව්.. මහ දවල් පාන්දර.
Deleteඉතිං යකෝ දෙඩමෝ... ඒ මනුස්සය ගිනිමද්දහනේ දොයියගත්තද කවුද දන්නේ..... :D
ReplyDeleteනින්ද ගියා කියල දවල් රෑ වෙනස් වෙනවද නරක සොරෝ. මේක ලියපු එකාගෙ අතේ රෝලක්
Deleteවිලිලැජ්ජාවයි සංතෝසෙ බෑ. මුං හිතං ඉන්නෙ අපි හරක් කියල තමයි. දිවයින නං මං බලන්නෙ නෑ. උංගෙ වැඩිහරියක් බොරු තියෙන්නෙ.
ReplyDeleteහොඳ ලිපි ඔක්කොම මේ වගේ ජෝක් ලිපි හින්ද විනාස වෙනවා!
Deleteපව් අනේ රිපෝටර් ගොයියා.....
ReplyDeleteදුකේ බෑ.
Deleteමම නම් ඉතින් දේශපාලන ලිපි කියවන්න වැඩි මනාපයක් නැති නිසා.. මේ දේවල් අහුවෙන්නෑ. නමුත් ඉතින් සල්ලි දීලා පත්තරේ අරන් වරු ගනන් කියවන අය ට “අයියෝ සල්ලි “
ReplyDeleteඔයා දේශපාලන සත්වයෙක් නෙමේද?
Deleteකවුද බං මේක ලියපු එකා...දිවයින කියන්නේ ගොංපාට් වල හොඳම එක.
ReplyDeleteඉඳල හිටල ඒවත් එපයි. පී
Deleteඉතින් බං ඇමති තුමා කියන්නෙත් මහා පාන්දර කියලනේ??>
ReplyDeleteමහ පාන්දර කියන්නෙ කොයි වෙලාවටද බං?
Deleteෆේස් බුක් වහනවා කියලත් පොල් ගෙඩි අකුරින් දැම්ම එකේ ඕවා මොනාද කියලත් හිතෙනවා වගකීමක් නෑ වගේ දැන්නම් කතාවක් ලිව්වනම් හරි ලස්සනට ලියාගන්න තිබ්බා
ReplyDeleteසමහරවිට අපිව ටෙස් කරන්න දැම්මද දන්නෑනේ.
Deleteඇමතිතුමා හිතුවද දන්නේ නෑ සිංහලයන්ට ඕවා තේරෙන්නේ නෑ කියලා !
ReplyDeleteසිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා.
Deleteඇමතිලා ගැන නම් එපා........ අප්පිලියාාාාායි :)
ReplyDeleteඅන්න එක්කෙනෙකුට නං හූ කියලලු නැතිවෙන්න. ඩී
Deleteඅපි ආසයි තව එක පාරක් හරි උඹේ සුදු මූන දැකගන්න... සුදු වෑන් ආවේ නැත්තං හොඳයි...
ReplyDeleteඔව් ඔව්... ටික දවසක් යනකං වෑන් ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න ඕනෙ මාළුවෝ.
Deleteපැණි දොඩම් රහද බලන්න මාත් ආවා...
ReplyDeleteනියමයි.. හැමදාම එන්න.
Deleteමාත් ටික දවසක ඉදලා දොඩම් රස බලනවා
ReplyDeleteනියමයි.. හැමදාම එන්න.
Deleteමාත් පත්තර බලනවා. අනිවා ලංකා දීපයි, මව්බිමයි ඉරිදට ගන්නවා. දැන්නම් ලංකාදීපෙ බලන්න දෙයක් නැති තරම්.ඒත් මව්බිම නියම පත්තරයක් දැනට.කියවන්න ගොඩක් දේවල් විවධ මාතෘකා යටතේ තියෙනවා. දිවයින නම් බලන්නෙම නැති තරම්.
ReplyDeleteදැන් බලහන් සමහර නළු නිළියන්ව එකතු කරන් සංවාද කරපුවා එක පත්තරේක වැටුනම ඒකම ටිකක් වෙනස් කරලා ඊළග සතියෙ වෙන පත්තරේක වැටෙන අවස්ථා ගොඩක් තියෙනවා. අනික ලියන එවුන් හුගක් වෙලාවට අරූමෙහෙම ඇහුවොත් මෙහෙම කියයි කියලා හිතන් ලියනවා අනන්ත. ඒකනේ ඔය නඩු එහෙමත් වැටෙන්නේ සමහර වෙලාවට.තවත් එකක් ඔය ලියන ඒවට අදාල පොටෝ දානවනේ හුගක් වෙලාවට.විශේෂයෙන් ස්ථාන වාර්තා කරණයේදී. නිකමට හිතපන් වැවක් ගැන ලිව්වා කියලා. මෙන්න අහවල් වැව කියලා වෙන වැවක පොටෝ එකක් ඔබන්න වුනත් ඕවයේ වැඩ කරන වුන් දස්සයි බං.
මේ උඩ ආටිකල් එකට වඩා හොදට අපේ අක්කගෙ පොඩි එකා රචනා ලියනවා කියලා මම පැහැදිලිවම කියනවා.ඔය වගේ වුන් පත්තරේ කතෘකමට පත්වුනොත් දවසක.....
උඹ කියන එක සම්පූර්ණ ඇත්තබං. පොඩි එකාට ඉස්කෝලෙ යන ගමන් ජොබක් සෙට් කරල දෙන්න පුළුවන් වෙයි වගේ එහෙනං.
Deleteමට කියහන් දැන් මේ උඹ දඟලන්නේ සුදු වෑන් එකක ෆී ටුවර් එකක් ගන්නද කියලා. :D
ReplyDeleteවන් වේ ඔන්ලි. රිටර්න් ට්‍රිප් නැත. හිහී..තාම නං ඉන්නවා බං.
Deleteගරු ඇමති තුමා රෑ පොඩ්ඩක් වැඩි වෙලා, දවල් වෙනකං නිදා ගන්න ඇති, ඒකටත් ඉතිං හැදුව කතාවක්.
ReplyDeleteමොනවද ඔබෝ වැඩිවෙලා කිව්වෙ.
Delete"මේ බබාව පොඩ්ඩක් වඩා ගන්නවද??????"
ReplyDeleteමම දිවයින පාඨකයෙක්.......
පත්තර වල දැන් තියෙන තරමක් තියෙන්නේ ජෝක් කෑලි :ඩි
ReplyDelete