පෝස්ට් එකක් දාන්න හිටියත් ඉවරකරගන්න බැරිවුණා. දැනට මේක කියවල යන්න.
අහඹුව
බාර් එකේ කෙළවරේම ටේබල් එකේ පොරක් හිස් වීදුරුව දිහා බලං ඉන්නව. එතනට එනවා තවත් එකෙක්.
1 වෙනි පොර - මොකද නිකන් අප්සට් වගේ. උඹට තව එකක් අරන් දෙන්නද?
2 වෙනි පොරත් ඉතින් කැමති වුණා.
ෂොට් එක ගන්න අතරෙදි මෙහෙමයි කතාව.
1 වෙනි පොර - උඹ කොහෙද බං?
2 වෙනි පොර - මම ගාල්ලෙ මචන්.
1 වෙනි පොර - යකෝ මාත් ගාල්ලෙනෙ. ගාල්ලෙ කොයි හරියෙද?
2 වෙනි පොර - ගාල්ලෙ රත්ගම බං.
1 වෙනි පොර - පිස්සු හැදෙනවා.. මාත් රත්ගමනෙ බං.
2 වෙනි පොර - විශ්වාස කරන්නත් බෑනෙ බං. උඹ කොහෙද ඉස්කෝලෙ ගියෙ?
1 වෙනි පොර - *** මචන්.
2 වෙනි පොර - දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ මාත් *** එකෙක් තමා.
1 වෙනි පොර - කොයි කාලෙද බං ඉස්කෝලෙන් අවුට් වුණේ?
2 වෙනි පොර - 2000 දි මචෝ..
1 වෙනි පොර - මේක නම් හිතාගන්නවත් බෑ. මාත් අවුට් වුණේ 2000 දි නෙ යකෝ..
මේ අතරෙදි බාර් එකේ අයිතිකාරයා වේටර් කෙනෙක්ගෙන් අහනවා..
බොසා - සුනිල්.. අතන බෙරිහන් දෙන එවුන් දෙන්නා කවුද බලපන්.
වේටර් - ගණන් ගන්න එපා බොස්. අර පහල ලේන් එකේ වංගුව ළඟ ගෙදර නිවුන්නු දෙන්න අදත් හොඳටම බීල.
********************************************************************
මුගටියා
හන්දියෙ බාර් එකට හිල් විදපු පෙට්ටියක් අරන් මිනිහෙක් එනව. ඒක දැක්ක යාළුවෙක් මෙහෙම අහනව.
යාළුවා - මොකෙක්වද බං මේ පෙට්ටියක දාගෙන උස්සන් එන්නේ.
මිනිහා - මේකා මුගටියෙක්.
යාළුවා - මොකටද යකෝ මුගටියෙක් අල්ලගෙන ආවේ??
මිනිහා - මේකයි. මට වෙරි වුණාම නයි පේන්න පටන් ගන්නවා. මම නයින්ට හෙනම බයයි. ඒක හින්දා ආරක්ෂාවට මුගටියෙක් ගෙනාවේ.
යාළුවා - අනේ මෝඩ යකෝ.. ඉතින් උන් ඇත්ත එවුන් නෙමේ නේ. උඹ හිතාගත්ත එවුන් නේ.
මිනිහා - (පෙට්ටිය ඇරල පෙන්වන ගමන්) ඉතින් මූත් එහෙමම තමයි.
********************************************************************
හොඳ - නරක
රෝගියාට සිහිය ආපු ගමන් ළඟට ආපු ඩොක්ටර් මෙහෙම කිව්වා.
ඩොක්ටර් - මට ඔයාට කියන්න හොඳ ආරංචියක් සහ නරක ආරංචියක් තියෙනවා. ඉස්සෙල්ලා කියන්න ඕනෙ මොකද්ද?
ලෙඩා - නරක එක ඉස්සෙල්ල කියන්න ඩොක්ටර්.
ඩොක්ටර් - ඇක්සිඩන්ට් එකෙන් ඔයාගෙ කකුල් දෙකටම සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා. ඒක හින්දා කකුල් දෙකම කපන්න වෙනවා.
ටික වෙලාවක් නිශ්ශබ්දව ඉඳල ලෙඩා ඇහුවා මොකද්ද හොඳ ආරංචිය කියල.
ඩොක්ටර් - එහා වාට්ටුවෙ ඉන්න මිස්ටර් සිල්වා කැමතියි ඔයාගෙ සෙරෙප්පු දෙක සල්ලි දීල ගන්න.
හික්ස්... එල එල...
ReplyDeleteඅන්තිම එක නම් කලින් අහලා තියේ.. ඒ වුනාට මුල් දෙක ඇහුවේ අදමයි!
මුගටියාගේ සීන් එක මරු....
ReplyDeleteඑළම තමා...
ReplyDeleteමල්ලි ඕක ගාල්ලේම කියල විශ්වාසද?
ReplyDeleteපලවෙනි එක නම් පට්ට...
ReplyDeleteඑලමකිරි කතා ටිකක්.
ReplyDeleteනියමයි !!! ඇති වෙන්නම හිනා උනා.
ටුවින්ස්ලගේ කතාව නම් මරුඈ...
ReplyDeleteඔක්කොම කතන්දර ටික 1වැනි වතාවට කියෙව්වේ අදයි... ෆට්ට!
ReplyDeleteගීතක, prasanna86k, මාරයියා, සිංහල මාක, මධුරංග, නදී, විසිතුරු - හැමෝටම ස්තූතියි. මම බයේ හිටියෙ ඔක්කොම ටික අහපු කතා සෙට් එකක් වෙයිද කියල.
ReplyDeleteජපා - ඔව් ඔව් ගාල්ලෙම තමා... හික්.
මන් හිතුවෙමේ රත්ගමය ගැන කතාවක්ද කියලයි. අහල තිබුනේ නැහැ ...මරුනේ
ReplyDeleteහික්ස්....මරේ මරු...
ReplyDeleteඅම්මට සිරි. රතාට නිවුන් සහෝදරයෙක් ඉන්නවද? විනාසයි.. :D
ReplyDeleteඅපෝ අර රත්ගමයා පට්ට බේබද්දෙක්නේ... අනික මුට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා අදනේ දන්නේ.. :D
ReplyDeleteBindi, දිල්, ChAnDiKa, චතුවා - හි හී.. මම හිතුවා හරි.. කට්ටියටම රත්ගමයා තමා මතක් වෙලා තියෙන්නේ.. වෙන කවුරු මතක් වෙන්නද ඉතින්.
ReplyDeleteනිවුන්නු දෙන්නගෙ කතාව නම් එලමකිරි...!!!!
ReplyDeleteහික්ස්...නිවුන්නු දෙන්නගෙ කතාව නම් එලම තමයි. දෙවෙනි එකත් අහල තිබුනේ නෑ
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනිවුන්නු කතාව සිරා බං.. උබට නිවුන් මල්ලිලා නැහනේද?
ReplyDelete