Wednesday, February 15, 2012
මිග් එක වැටිච්ච ඇත්ත හේතුව
මේක ගැන හොයන්න කමිටුවකුත් පත් කරලාලු. ඕකෙන් මොනව හොයා ගත්තත් ඇත්තටම වෙලාතියෙන දේ මෙන්න මේකයි.
හැමදාමත් ඔය මිග්එක පලෙයි ගිහින් එන්න තෙල් ගහන්නේ රුපියල් 5000 ක ලු.
5000ක ගැහුවම කිසි අවුලක් නැතුව ආපහු කටුනායකට ලෑන්ඩ් කරන්න පුළුවන් ලු.
ඉතින් 13 වෙනිදත් ඒ වෙනද වගේම උදෙන්න නැගිටලා ෂෙඩ් එකට ගිහින් ගැහුවලු රුපියල් 5000 ක තෙල්.
ඒත් අනේ 12 වෙනිද රෑ 12 ට සිදු වෙච්ච බොහොම භයංකර සිදුවීමක් හින්දා 5000ට වැදිල තියෙන්නේ තෙල් බොහෝම සුට්ටයි ලු.
වෙනද කටුනායකටම එන ජෙට් එකට එදා එන්න හම්බවෙලා තියෙන්නේ කුරුණෑගල හරියට විතරයි ලු.
කුරුණෑගල හරියෙදි ජෙට් එකේ තෙල් මීටරේ අන්තිම කට්ටෙ බ්ලින්ක් වෙන්න පටන් ගත්ත ලු.
ඒ වෙලාවෙ තමයි පයිලට් අයියට වැඩේ මීටර් වෙලා තියෙන්නෙ ලු.
මොනව කරන්නද එයා කෙලින්ම සීට් එකෙන් එජෙක්ට් වෙලා පණ බේරං තියෙනවා.
ජෙට්එකට වෙච්ච දේ හැමෝම දන්නවනෙ... ඔන්න ඕකයි වැටෙන්න හේතුව.
ලංකාවේ හුදී ජනතාවගේ පහන් සංවේගය පිණිසයි. නැට්ට පාගං ත්‍රිවිධ හමුදාවට අපහාස කළා කියල එහෙම කියනව නෙමේ ඕං.
Subscribe to:
Post Comments (Atom)
මම ඕක පස් වල ස්ටේටස් එකක් විදිහට දැම්මා :D
ReplyDeleteමම ලිව්වේ මෙහෙම
✰ඉන්ධන මිල ඉහල දැමීම නිසා තෙල් ගැසීමට සල්ලි නොතිබි දුප්පත් පයිලට් කෙනෙකුගේ මිග් යානයක්, ඉහල අහසේදී තෙල් ඉවර වී බිම පතිත වී ඇත.
ඔව් බං දැන් මේක හැම තැනම.. මාත් දැම්මේ මට ඇහුණ එකක් තමයි.
Deleteදේශපාලණය කරන මිනුස්සුත් කාල ඇඳල ඉන්න ඔනෙ.කොහොමද ඔය වැඩේ සිරාවටම උනානම්
ReplyDeleteඅනේ ඔව් බං.. අහිංසක මිනිස්සු
Deleteහුටා. මගේ බයික් එකත් වැටෙයිද දන්නේ නෑ තෙල් ඉවර වෙලා....:DDD
ReplyDeleteහික් හික් අය්යත් බයික් එකේ උඩින්ද යන්නෙ?:)
Deleteඔව් රෝද උඩනේ යන්නේ...:P
DeleteBike 1k tiyenawa kiua nam ivara nay machan :P
Deleteඇවිද්ද පය දහස් වටී කියල කියන්නෙ කට කහනවටද.
Deleteයකෝ මේක අර ලංකා සී නිවුස් එකේ කමෙන්ට් එකක් නේ... මූ ඒක උස්සලා.... :D
ReplyDeleteමන් දැක්කේ ගොසිප්9 එකේ කමෙන්ට් එකක් හැටියට ඉස්සෙල්ලම :-D
Deleteහරි බොලව් ඒවා මූද දන්නෑනේ ලිව්වේ! :D
Deleteමාත් දැම්මේ මට ඇහුණ එකක් තමයි. හැබැයි සී නිවුස් එකේ එක දැක්කෙ නෑ.
Deleteදෑන්නම් අනුන්ගේ වාහනේකට නගින්න කලින් තෙල් තියෙනවද කියල අහන්න වෙනෙවා :D
ReplyDeleteඅනුන්ගෙ වාහනේකට
Deleteඇයි පාරෙ බස් නැද්ද?
අනිවා. හැබැයි නෑ කිව්වොත් තෙල් ගහල දෙන්න පුළුවන් වෙයිද ඔය ගාණට.
Deleteඇනෝ - පාරෙ බස් තිබ්බද නැද්ද කියල දකින්න ඇතිනේ.
අපේ ගේ ඉස්සරහ ඉන්නවා මාමාට කඩේ යන හෙංචයියෙක් ආටා එකක් එහෙම තියෙන...තෙල් ගහන්න සල්ලි නැතුව දැන් ආටා එක ගෙදර දාලා යන්නෙ.. මිනිහට කට උත්තරත් නෑ..
ReplyDeleteදැන් හැමෝටම කට උත්තර නැතිවේගන එන්නේ
Deleteඔන්න අපිනං ඉලඟ සටනට සැරසෙන්ඩයි යන්නේ..පඩි වැඩිකර ගැනිමේ මහා සටන...
ReplyDeleteපරිස්සමෙන් පුතෝ.
Deleteඇයි රිසව් එකට දාගෙන නැද්ද?
ReplyDeleteදැන් 5000 ක ගැහුවම අමුතුවෙන් රිසර්ව් දාන්න ඕනෙ නෑලු. කොහොමත් එහෙමයි.
DeleteNat Geo චැනල් එකේ යන AIR CRASH INVESTIGATIONS මතක් වුනා.
ReplyDeletehenryblogwalker the Dude
මාත් බලල තියෙනවා ගොඩක් ඒවා.
Deleteහික්ස්... ඔන්න ඕකලු වුනේ නේද??? :))))
ReplyDeleteනැතුව නැතුව.
Deleteනියමයි පැණි දොඩම්. ඔබේ උපහාසය අදාළ ලොක්කන්ට තේරුම් නොයනවා නෙවෙයි. උන්ට ඒවා දැන් කම්මලේ බල්ලට හෙන ගහනවා වගේ. බලයෙන් මත වෙච්ච හැත්තක්නේ ඉන්නේ. ඇත්තටම මිග් 27 සිද්ධිය ඉතා කනගාටු දායකයි. නියමුවාට තම සීට් එක ඉජෙක්ට් කරගන්න වෙලාව තිබීම වාසනාවක්. ප්‍රහාරක යානාවල නියමුවා සීට් එකට පැරෂූට් එකත් එක්කම සම්බන්ධ වෙලයි ඉන්නේ. අර වාහන වල එයාර් බෑග් ක්‍රියාත්මක වෙනවා වගේ, නියමුවාගේ කකුල් දෙක මැද සීට් එකේ පහල තියන පොඩි ලිවර් එකක් ඇද්ද ගමන්, හිසට උඩින් තියන වීදුරු වගේ පෙනෙන ෆයිබර් කැනපි එක ඉවතට විසිවෙලා නියමුවාව ප්ලේන් එකෙන් එලියට විසි කරනවා. ඊට පස්සේ පැරෂූට් එක ස්වයන්ක්‍රීයව විවෘත වෙනවා. මේ අනතුරට හේතුව සමහරවිට මෙහෙදී එලියට නොඑයි කියන සැකය නිසා මම දන්නා තොරතුරු ටිකක් කියන්නම්. අපි වගේ දුප්පත් රටවල ප්‍රහාරක ගුවන් නියමුවන් පුහුණු කරන්නෙත් දුප්පත් විදිහට. හරියට 19 වැනි ශතවර්ෂයේ හදපු, අර මිකැනිකල් බ්රේක් තියන, හැඬල් එකෙන් ස්ටාර්ට් කරන, කාර් එකකකින් ඩ්‍රයිවින් පුහුණු කරලා, ඔටෝ ගියර් වාහනයක් එලවන්න දුන්නොත් මොකද වෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. අපේ රටේ ප්‍රහාරක ගුවන් යානා නියමුවන් පුහුණු කරන යානයත්, මිග් එකත් අතර මහා බරපතල වෙනස්කම් රාශියක් තියනවා. මිග් එකේ යන්න පුළුවන් පයිලට්ට පමණයි. සහායකයෙක් නැහැ. ඉතින් ආධුනික නියමුවා පියාඹන්නේ බිම සිට ගුවන්විදුලි පණිවිඩ වලින් දෙන උපදෙස් අනුවයි. මේ තත්වය නිසා අනතුරු වීමේ ඉඩකඩ බොහොම වැඩියි. දැනට ඉන්දියානු ගුවන් හමුදාවේ මිග් යානා 500 ක් බිම වැටිලා පයිලට්ලා සිය ගණනක් මැරිලා තියනවා. ඒ අනතුරු වලින් වැඩි ගණනකට හේතුව නියමුවාට යානය පාලනය කරගත නොහැකිවීම. එසේ පාලනය කරගත නොහැකිවී තිබෙන්නේ පුහුණුවීමේ යානය සහ මිග් එක අතර තිබෙන බරපතල වෙනස්කම් නිසා. අපේ තරුණ නියමුවා ඇත්තටම වාසනාවන්තයි. මිග් යානයට ආසන්න ක්‍රියාකාරීත්වයෙන් යුත් යානයක් නියමුවන් පුහුණුව සඳහා යොදා නොගත්තොත් මේ තත්වය දිගටම තියෙයි. මිග් එකට පයිලට්ලා කියන්නේ 'පියාඹන මිනී පෙට්ටිය' (Flying Coffin) කියලා. ඒ තරමට අනතුරු බහුලයි. ඉන්දියන් ගුවන් හමුදාව දැන් මිග් අතහැරලා ඊට වඩා දියුණු යානා වලට මාරුවෙමින් ඉන්නේ. මිග් යානා පාවිච්චි කරන රටවල් සීමිත ගණනක් විතරයි දැන් තියෙන්නේ. මේවා යල් පැනගිය යානා කියලයි විශේෂඥයන් කියන්නේ.
ReplyDeleteවටිනා කියන තොරතුරු ටිකක්...කතාව ඇත්ත කියලා කියන්න පුළුවන්...
Deleteකවුරුවත් මගේ කරේ නගින්නේ නැත්නම් මට හිතට එන කතාවක් කියන්නම්... තෙල් මිල වැඩි කිරීමේ අවධානම වෙනතක යොමු කිරීමේ සැලසුමක් ලෙස මෙය බිම දැම්මද කියලා මට හිතෙනවා.. මොකද මිග් එක ගැන ලංකා ගුවන් හමුදාවෙත් වැඩි පැහැදීමක් නැති නිසා...
Deleteමේගැන සෑහෙන්න දැනුමක් තියෙන කෙනෙක් වගෙයි පේන්නේ නම්. කතාව බොහෝදුරට ඇත්ත වෙන්න පුළුවන්.
Deleteහොඳ වෙලාවට අපේ යානාවලට රෝද තියෙන්නෙ
ReplyDeleteඅපිනං වැටෙයි බිමට.
Deleteඔයත් මාර දේවල් අප්ප දන්නෙ.........:D
ReplyDeleteඒකනෙ කියන්නෙ
Deleteහරිනෙ මට කල්පනා උනේ නෑනේ.
ReplyDeleteහිහී..
Deleteමෙව්වා බලදරයෝ දැකලා ඔයාව ඇඹුල් දොඩන් ගෙඩියක් කරයිද දන්නෑ.
ReplyDeleteඒව කියන්න බෑ..
Deletecoppied from https://www.facebook.com/photo.php?fbid=3332019861568&set=a.2448681058650.146430.1300660603&type=1&theater
ReplyDeleteනෑහ්.
Deleteඕක වෙන්න තිබුනේ අපේ ඇමතියෙක් ගිය හෙලිකොප්ටරේකට අප්පා...
ReplyDeleteඅයිස් හොයාගෙන සුදු වෑන් එකක් ආවොත් අපිට නං කරන්න දෙයක් නෑ.
Deleteදැන්නෙ හරියටම උනේ මොකක්ද කියල දැනගත්තෙ...
ReplyDeleteඒකනෙ
Deleteඅප්පා එහෙනම් ඒකයි සීන් එක ඈ . . හික්ස්
ReplyDeleteඔව් ඔව් හැබැයි ඇත්ත යට යනවා.
Delete//ඒත් අනේ 12 වෙනිද රෑ 12 ට සිදු වෙච්ච//
ReplyDeleteදොළොස් වෙනිද රෑ මොකද වුනේ ? කොමෙන්ට් වලින් තේරෙන්නෙ ඉන්ධන මිළ ඉහල ගියා කියල. ඒ අනුව මේක 'Toung in cheek' පෝස්ට් එකක්...හෙහ්..හෙහ්...
මොකක් කිව්වා ඔබෝ?
Deleteඔබා ඉංගිරිස් ඔලිං කුනුහබ්බ දෙසනව දොඩමො
Deleteපට්ටයි. පට්ටයි...
ReplyDeleteලයික්
Deleteමෙවැනි මේල් එකක් ආව නොවැ. පැණිදොඩම් ගෙන් උස්සලද දන්නෙ නැහැ..
ReplyDeleteවෙන්න බෑ.. මේක මටත් ඇහුණ කතාවක්..
DeleteAdooo meka umba mage wall eken neda issuwe :P
ReplyDeletehe hee ela kathawa :D
උඹේ වෝල් එකේ කෝච්චි ඇරෙන්න වෙන ඒව තියෙනවද කියපන් ඉස්සෙල්ලම.
Deleteකරන්ට් බිල වැඩි උනාම මොනා වැටෙයිද මන්දා... මිග් එක විතරය ඔක්කොම වැටෙනවනේ දැන්
ReplyDeleteඅන්න අරහෙ ස්ටොක් මාකට් එකත් වැටෙනවලු හිටු කියල.
Deleteමිග් එක වැටුනට වඩා අපරාදයක් ස්ටොක් මාකට් එක වැටෙන එක අප්පා....
ReplyDeleteඔව් ඔව් බලමුකො මොකද වෙන්නෙ කියල.
Deletegod must be crazy කියන ෆිල්ම් එකේදිත් මේ වගේ ගුවනේදී ප්ලේන් එකේ තෙල් අහවර වෙනවා. එතකොට ඒ නියමුවා නම් කලේ සීට් එක යට තිබ්බ විස්කි බොටල් එක කඩලා අරගෙන පොරත් සොට් එකක් ගහලා ප්ලේන් එකේ ඉන්ධන ටැංකියට අනික් ටික හලන එකයි .. කොහේද අපේ රටේ මත්පැන් ලඟතියාගෙන රිය පදවන්න දෙන්නේ නෑ නේ
ReplyDeleteමාත් බැලුවා ඔයා කියන ෆිල්ම් එක...god must be crazy ෆිල්ම්ස් 3 ක් තියනවා...හිනා වෙලා පන යනවා.....
Deleteපොස්ට් ඒක කියවල බද කොරවෙලා හොඳ වෙද්දී සදරුගේ කමෙන්ට් ඒක.හොයාගෙන බලන්න ඕනේ ෆිල්ම් එකක්.
Deleteඒක නම් නියමයි බං.. මම දෙකක් බලල තියෙනවා. තුන්වෙනි එක හම්බවෙලා නෑනේ.
Deleteඔය සීන් එක තියෙන්නේ god must be crazy පලවෙනි ෆිල්ම් එකේ මාර ගති.. පයිලට්ට එකයි ප්ලේන් එකට තුනයි අනුපාතයට විස්කි දාගෙන ගමන යනවා සැපට ..ඒත් අපේ එවුං මේ වැඩේ කලා නම් අනුපාතය හිතාගත හැකියි නේද ?
Deleteකවුදෑ ඔහොම දෙයක් දන්නේ !!!
ReplyDeleteහොද වෙලාවට කිව්වේ !!
අපරාදේ බූමිතෙලුත් ගනන් ගිහින් නේ
බයික් වලට බූමිතෙල් ගහන එවුනුත් මම දැකල තියෙනවා.
Deleteඕවා වැටුනට ගානක් නෑ...ඔවගෙ යන්නෙත් නෑ.. අපි 'පයින්ද කොකෝ' කට්ටිය තමා හැමදාම...
ReplyDeleteවැටුනට කමක් නෑ කාගෙවත් ඔලුවට නැතුව
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදැං ඉතිං යුද්දෙත් ඉවරඑකේ ඔවුව වට්ටල හරි ඉවර කරගන්න ඕනෙ . . . නැත්තං කොහොමද අලුත් ඒව ගෙන්නන්නෙ ????
ReplyDeleteඔව් ඔව්..කොමිස් පාරක් ගහන්න විදියකුත් නැතිවෙනවා නැත්තං
Deleteහොද වෙලාවට අපි පයින් යන්නේ..
ReplyDeleteඔලුවට වැටුණොත් පයින් ගියා වගේ නෙමේ.
Deleteහිකීස්.. තව කීයක් වැටෙයිද මන්දා ඔහොම ගිහින් ?
ReplyDeleteනෑ නෑ දැන් ගහනවලු 8000 ක විතර තෙල්.
Deleteහික් හික් එළ සීන් එක.....
ReplyDelete