කලින්
දවසේ රේල් පාරෙ ඇවිදපු මහන්සියටත් එක්ක අපිට ඇහැරෙනකොට ටිකක් විතර දවල්වෙලා.
අද
ප්ලෑන් එක වුණේ හපුතලෙන් දඹේතැන්න හරහා ලිප්ටන් සීට් යෑම. අපේ හේරා පුතා නං කීප
සැරයක්ම මෙහේ ඇවිල්ල තියෙනහින්දා අත්දැකීමෙන්ම වගෙ කිව්වෙ යනවනම් උදෙන්ම යන්න ඕනෙ
නැත්නම් මීදුම තමයි බලල එන්න වෙන්නෙ කියල.
මොනව වුණත් ඕනෙ එකක් කියල අපි ලිප්ටන්
සීට් බලන්න යන්න පාරට බැස්සා. එතකොටත් හපුතලේ ඉඳලාම හොඳටම මීදුම. හිටපු ගමන් පාර
ක්ලියර් වෙනවා ඒත් එක්කම සම්පූර්ණයෙන්ම වැහිලා යනවා.
මේ තියෙන්නෙ යන ගමන් ගත්ත
ෆොටෝ එකක්. ඔය ඉන්නෙ සේරා තමයි.
පේනවනෙ හතරවටේම තත්වෙ. ඒ කියන්නෙ පේන විදියට
මීදුම් ගුලියක් බලල එන්න තමයි වෙන්නෙ.
මේ
තියෙන්නෙ හපුතලේ සිට ලිප්ටන් සීට් දක්වා රෝඩ්මැප් එක.
දුර කිලෝමීටර් 18ක් විතර. මේ ලින්ක් එකෙන් කෙලින්ම ගූගල් මැප් එක ගන්නත් පුළුවන්.
හපුතලේ
ඉඳන් කිලෝමීටර් 8-10 ක් විතර ගියාම හම්බවෙන්නෙ දඹේතැන්න නගරය. මෙතන තමයි තෝමස් ජේ. ලිප්ටන් මහත්තයාගෙ පරණ තේ
ෆැක්ටරියත් දැන් අළුත් ෆැත්ටරියත් තියෙන්නේ.
ලෝකයේ තවමත් හොඳම
කළු තේ හැටියට සැලකෙන්නේ මේ වතුයායවල්වල වැවෙන තේ තමයි. දඹේතැන්න පහුකරගෙන ඉහළට
යනකොට පහලින් දුවන අපි ආපු මාර්ගය තමයි මේ පහලින් පේන්නේ.
ටිකවෙලාවකට මීදුම
නැතිවෙලා හොඳට පැහැදිලිව පාරත් පෙනෙන්න ගත්තා. ඒත් තවත් උඩට යනකොට ඒ ඔක්කෝම කණපිට
හැරිලා ගියා. ලිප්ටන් සීට් වලට යනකන් දිගටම වාහනේක යන්න බැහැ. තාමත් පාර හදනවා.
ඒත් තව ටික දවසකින් නම් ඔක්කොම වැඩ ඉවරවෙන පාටක් තමයි තිබුණේ. ඒක හින්දා අපිට
ගමනාත්තයට කිලෝමීටර් 1.5 ක් විතර මෙහායින් ඉඳලා පයින් යන්න සිදුවුණා.
ඒත් ඇත්තටම
මේ අන්තිම ටික නම් පයින්ම යන එක තමයි හොඳ. මුළු තේවතු යායම ඇහැ පිරෙන්න බලාගන්න
පුළුවන්. මේ තියෙන්නෙ එතන ඉඳන් උඩහට පාර.
දැන් අපි යන්නෙ අඩි 6000 සීමාවේ. ලිප්ටන්
සීට් පිහිටලා තියෙන්නෙ හරියටම අඩි 6450 ක උසකින්.
මෙතන ඉඳන් තමයි සර් ලිප්ටන් එයාගෙ තේ වතු දිහා බලාගෙන හිටියා කියල කියන්නෙ.
මේ පහළ පින්තූරවල තියෙන්නෙ ලිප්ටන් සීට්.
ඇත්තටම ඒ විතරත් නෙමේ මෙතන ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් (හරියටම කිව්වොත් 360' view point එකක්).
මෙතන ඉඳන් තමයි සර් ලිප්ටන් එයාගෙ තේ වතු දිහා බලාගෙන හිටියා කියල කියන්නෙ.
මේ පහළ පින්තූරවල තියෙන්නෙ ලිප්ටන් සීට්.
ඇත්තටම ඒ විතරත් නෙමේ මෙතන ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් (හරියටම කිව්වොත් 360' view point එකක්).
මෙතනට ලංකාවේ පළාත් 9 න් 5 ක්ම
පේනවාලු. ඒව තමයි ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර,
සහ
මධ්‍යම යන පළාත්. හම්බන්තොට වරාය, සූරියවැව ග්‍රවුන්ඩ් එක, මඩකලපුව, පාසිකුඩා,
කිරිගල්පොත්ත, කිකිළියාමාන, මත්තල එයාපෝට් එක, ගාල්ල, මාතර ඔක්කොම පේනවාලු.
මෙතන 'ලු' යන්නක් දාලා
කිව්වෙ අපිට නම් මඩකලපුව තියා අඩි 2 ක් එහායින් හිටපු එකාව වත් පෙනුනෙ නැති
හින්දයි. මේ විස්තර ඔක්කෝම කිව්වෙ එතන ඉන්න රවී අයියයි. එයා තමයි රු 20 ක ටිකට්
එකක් කඩල දීල එහෙම සියළු තොරතුරු ලබාදෙන්නෙ.
මේ තියෙන්නෙ ලිප්ටන් මහත්තයා වාඩිවෙලා වටපිටාව නරඹපු සීට් එක හෙවත්
ලිප්ටන් සීට් එක නමින් හඳුන්වන ගල් කුට්ටිය.
මෙතන තමයි මීට මාසෙකට විතර කලින් වැස්ස වෙලාවකදි අකුණු ගහන හැටි ෆොටෝ
ගන්න හදද්දි ඒ අකුණු සැරයක්ම වැදිල කොරියන් කපල් එකක් මියගිය තැන. මේ දුඹුරුපාටට
ඇඹරිලා ගිහින් මැරිල තියෙන්නෙ අකුණ වැදිච්ච ගහ තමයි. මේ හට් එක ඇතුළෙ ඉන්නැද්දි
තමයි ඒ අවාසනාවන්ත සිද්ධිය වෙලා තියෙන්නෙ.
වෙලාව 10.30ට විතර ඇති. මීදුම අයින්වෙන පාටක් නම් පේන්න නැහැ. රවී
අයියත් කිව්වෙ දැන්නම් කොච්චර වෙලා හිටියත් පහල පේන එකක් නැහැ කියලයි.
මේ දවස්වල
මෙතන බලන්න නම් උදේ පාන්දරම එන්න ඕනෙලු. තව ටික වෙලාවක් යනකොට මීදුම තවත්
වැඩිවුණා. ඒක හින්ද ඉතින් අපිත් ආපහු හැරිල ආවා.
රට ව්ටේ රවුං ගහලා අපේ ඉරිසියාවත් වැඩි කරන්න ආපහු ලියන්න හිතූ එක නම් නියමයි මල්ලි..මේ පලාතේ යන කොට ඉතින් අවට බලන්න සෑහෙන්න ලක් එක තියෙන්නත් ඔනි..මොකද මීදුම මොහොතින් නැති වෙලා ගිහින් ලස්සන පොඩි වෙලාවකට පෙන්නලා..බොහෝම ආඩම්බරෙන් තමන්ගෙ සළු ආයිමත් පහලට දමා ගන්නවා.. ඔය රෙද්ද උස්සන පොඩි වෙලාවට අපි හරි හමන් පේන තැනක ඉන්න ලොකු ලක් එකක්ම තියෙන්න ඕනි ..මොකක් ඇහුවා ??? ඔව් ඔව් බන් මීදුම ගැන තමයි කිව්වෙ ආයි වෙන අහවල් එකක්යෑ ? :-D
ReplyDeleteබොහොම ස්තූති වෙනි අයියා... අපිට බැරිවුණාට ඔයානං සළුව උස්සපු වෙලාවට බලාගෙන වගේ පේන්නේ. මීදුං සළුව..මීදුං සළුව..
Deleteඇත්තටම යන්න බැරැ වුනා මේ තැන් වට හිතෙන් මම ගියා මචං. පට්ට. පින්තූරත් සමඟ තියෙන නිසා වටිනාකම වැඩියි. නිරෝගී වේවා!..දීර්ඝායු වේවා!!.. සැප වේවා!!!...චිරං ජයතු!!!
ReplyDeleteබොහොම ස්තූති. ඔබටත් එසේම වේවා!!!
Deleteනියමයි වැදගත් තොරතුරක් .....එතනට ගිහිල්ලා ආව වගේ...
ReplyDeleteහිහී.. තැංකූ තැංකූ.
Deleteතාම යන්න බැරි උනානෙ
ReplyDeleteයන්ට යන්ට ඉක්මණටම.
Deleteවෙනි අයිය කිව්ව වගේ මේක ඉරිසියාව වැඩි කරන්න දාපු පෝස්ටුවක්.
ReplyDeleteඉරිසියාව වැඩි කරපු තරමට තමයි බං වැඩිපුර කට්ටිය යන්නේ.
Deletegreat work thanks bro..
ReplyDeleteThanks bro!
Deleteමටත් පැහැදිලි ඊර්ෂ්‍යාවක් හට ගත්තා.
ReplyDeleteමගේ අරමුණත් ඒකම තමයි මල්ලි.
Deleteමම ගියේ මීට අවුරුදු හතරකට විතර කලින්. අපි නැවතිලා උන්නේ හපුතලේ දුම්රිය ස්ථානය ලඟම තිබුන හිල් ටොප් කියන නවාතැනේ..එතන සේවකයෝ තමා ලිප්ටන් සීට් ගැන මුලින්ම ඔත්තුව දුන්නේ.වාහනය මඟ දාලා තේ වතු මැද්දෙන් කන්ද නැග්ගා. ඒ ගමනත් දුෂ්කරයි. පාර හොඳටම කැඩිලා තිබුනේ..හැබැයි පෙර පිනකටද කොහෙද අපි යද්දී මීදුම නෑ..ෂෝක් එක ට බැලුවා. විනාඩි 20ක් විතර. ලංකාවේ තුන් පැත්තක් පේනවා කියනවනේ... ඈතින් පේන ලයිට් හවුස් ලාවට වගේ දැක්කා..ඈතින් පෙනුන දර්ශණය නම් කියලා වැඩක් නෑ. පහල යායට තේ වතු වගේම ඈතින් ඈතට පේන ලංකාවේ අනිකුත් ප්‍රදේශ...හරිම ලස්සන තැනක්.
ReplyDeleteඔතන තියෙනවා ගානට පදම් වෙච්චි කළු ගලක්. කතාවට කියනවා සර් ලිප්ටන් එයාගෙ වතුයායේ සිරියාව වගේම ලංකාවේ ඈතින් පේන අසිරිය බැලුවේ එතැන වාඩි වෙලා ඉඳලා කියලා..ඇත්තද බොරුද නම් දන්නෙ නෑ..
හරියට හරි. බයිනොකියුලර් එකක් අරන් යන්න ඕනෙ ඊළඟ පාර නං. හැබැයි ඉතිං මීදුම නැති වෙලාවත් හොයාගන්න පැය ගණනක් ඉන්න බලාගෙන යන්න ඕනෙ.
Deleteමම මෙතනට ඉස්සරවෙලාම ගියේ 1989 දී. හැබැයි ඉතින් ලස්සන බලන්න නෙවෙයි, ඒ කාලේ රටේ තිබුන භීෂණයට අදාළ ක්‍රියාන්විත රාජකාරියක් සඳහායි ගියේ. එදා ඉතා පැහැදිලි අහසක් සහිත දවසක්. මොහොතකට මගේ හුස්ම නැවතුනා, මෙහිසිට දැකපු සුන්දර දසුන් නිසා. නමුත් වහාම ක්‍රියාන්විතයේ ඉතිරි කොටස සඳහා යන්න වුනා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
දරුණු කාලෙකනේ ගිහින් තියෙන්නේ. :(
Deleteසුන්දරයි. ආඩම්බරයි අපෙ රට ගැන !
ReplyDeleteඅනිවාර්යයෙන්ම.
Deleteආපහු ලියනවා දකින්න ලැබීම සතුටක්.... ඊටත් වඩා බ්ලොග් අවකාශයම වැසී යමින් තියෙන නමින් 18+ කතා රැල්ලෙන් පිට කියවන්න විඳවගන්නට යමක් ලිවීම වෙනුවෙනුත් බොහෝ ස්තුතියි.
ReplyDeleteමේ ඊයේ පෙරේද දවසක මම දන්න කියන සුද්දෙක් ලිප්ටන් සීට් ගිහින් ඇවිත් මගෙන් අහනවා අරහේ පේනවා මෙහේ පේනවා උඹලගේ ගෙදරත් පේනවා වෙන්න ඕනේ නේ වගේ කතා. මම ඉතින් මොකුත් නොදන්න එකා වගේ හිටියා. දැන් ඇහුවම කියන්න ඕනේ මම ගියේ දවස මේ අව්ගේ මීදුමෙන් වැහිලා තිබ්බේ කියලා....
විඳවන්න නෙමෙයි විඳගැනීමට
Deleteබොහොම ස්තූති. මෙතනින් යමක් ගත්තානං ඒක තමයි මගේ සතුට.
Deleteසෑහෙන කාලෙකට උඩදි හවස් වරුවක ඔතනට ගියා... පට්ට... ලඟදිම ආපහු සැරයක් යන්න ඕන...
ReplyDeleteඔව් කොච්චර ගියත් ටික දවසක් යනකොට හිතෙනවා ආයිත් යන්න තිබුණනම් හොඳයි කියල.
Deleteමං කිව්වේ උඹට අනිවා යනවා ස්තුතී ලිපියට මෙලක් එවපන් දුරබනුව අංකේ මාගාව නෑ traj1981@gmail.com
ReplyDeleteඔන්න දැම්මා... :)
Deleteඅපි ගිය දවසේ වැස්ස. ඔතනට ගියෙත් සවස 5ත් පහු වෙලා. "මීදුම තිබුනා. ඒත් මෙච්චරම නම් නෑ.".අපි ගිය දවස්වල නම් උඩටම යන්න පුළුවන් කම තිබුනා. කොහොම උනත් හොඳ අත්දැකීමක් හා ලස්සන ගමන් විස්තරයක්.
ReplyDeleteතැංකූ මචං. අපිත් ඔය වර්ල්ඩ්ස් එන්ඩ් ලොජ් එකේ හිටියා දවස් දෙකක්. නියම තැන. ඒත් පූල් එකට නං බැස්සෙ නෑ වතුරෙ පාට අවුල් හින්දා. :)
Deleteදැන් කී තැනක් තියෙනවද ඊළඟ සැරේ ලංකාවට ආවම යන්න... අර පින්තූර ටික පංකාදු පහයි දොඩමො.... හරිම පැහැදිලියි... මොකක්ද කැමරාව...? ඇහුවෙ මාත් ළඟදි අළුත් එකක් ගන්න හොය හොයා ඉන්න හින්දා...
ReplyDeleteස්තූති. මේක හොඳ කැමරා එකක් නෙමේ. නිකන් පරණ පොයින්ට් ඇන්ඩ් ෂූට් එකක්. sony cyber-shot. හැබැයි සාක්කුවෙ දාගෙන ගිහින් ඕනෙ වෙලාවට ඇදල අරන් ෆොටෝ එකක් ගහන්න පුළුවන්. හොඳයි හොඳයි.. එහෙනං ඉතිං ළඟදිම අපිට හොඳ පින්තූර ටිකක් බලන්න පුළුවන් වෙයි.
Deleteපැණි දොඩම් පොත්ත කොළ පාටයිනේ.ලස්සන ෆොටෝ ටිකක්.යන්න හිතෙනවා .ඔබට ජය!
ReplyDeleteමනසින් දිවියට
ඔව් ඔව්.. කොළපාට දෙක තුනකුත් දාන්න ඕනෙ! ස්තූති.
Deleteදවසෙන් දවස තව තව ලිපි ලියවේවා
ReplyDeleteලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!
මට කවියෙන් උත්තර ලියන්න නං තේරෙන්නේ නැහැ. බොහෝම ස්තූති කකා.. ඔබටත් එසේම!!!
Deleteඅපේ කට්ටිය උඩ දාගෙන පිටරට ගියාට ලංකාවේ බලන්න කොච්චර දේවල් තියෙනව ද? ලස්සණ පින්තූර ටිකක්.
ReplyDeleteලිප්ටන් සීටි ගැන දැනගන්න ලැබීම ගැන ස්තූතියි
ReplyDeleteමීදුම නැත්තන් ලස්සනට බලාගන්න තිබුණා. ස්තූතියි දැනුවත් කලාට. කලින් අහල තිබුණේ නෑ මේ ගැන.
ReplyDeleteට්‍රාන්ස්මිටර් එකක් හයි කරන්න නම් නියම පොට් එක.
ReplyDeleteشركة تنظيف بالاحساء
ReplyDelete
ReplyDeleteشركة تنظيف خزانات بحائل
شركة تنظيف فلل بحائل
شركة تسليك مجارى بحائل
شركة عزل فوم بحائل
ReplyDeleteشركة عزل فوم بالقصيم
شركة عزل فوم بمكة
شركة عزل فوم بجدة
شركة عزل فوم بالطائف
شركة عزل فوم بالباحة
شركة عزل فوم بتبوك
شركة عزل فوم بينبع
شركة تنظيف مكيفات بالرياض
ReplyDeleteشركة تنظيف مكيفات شمال الرياض
شركة تنظيف مكيفات
شركة تنظيف مكيفات غرب الرياض
شركة تنظيف مكيفات بالخرج
شركة تنظيف مكيفات بالدمام
شركة تنظيف مكيفات بالخبر
فنى صيانة مكيفات سبليت بالرياض
نتيجة الثانوية العامة 2019