Thursday, December 15, 2011

මුදලාලි මට රුපියල් පණහක පඬුරු දෙනවද?


සිරීපාදෙ යන්න ලෑස්ති වෙයව් කියල හේරගෙන් ඊයක් ආවෙ හදිස්සියෙමයි. 
හැටන් පාරෙන් ගිහින් තිබුණත්  රත්නපුර පාරෙ කැලේ මැදින් නඟින්න මට සෑහෙන්න ඕනකමක් තිබුණා. ඉතින් ආයෙ දෙපාරක් හිතන්න දෙයන් තිබුණෙ නෑ ගමනට ලෑස්තියි. 
ඔක්කොම නවයක් දඬුකෝඩුම පහක්. බයවෙන්න දෙයක් නැහැ නඩේ ගුරා, හේරා අවාරයේ සිරිපා නැඟල හොඳ අත්දැකීම් කියෙන පොරක්. රත්නපුරෙන් නැඟල හැටන් වලින් බහින්න තමයි දැන් අපේ ප්ලෑන් එක.  මොකද රත්නපුර පාර කිලෝමීටර් 8.5 ක් විතර වෙනවා. හැටන් නම් පහයි. තව පාරක් තියෙනවා, කුරුවිට එරත්න මාර්ගය. ඒක තමා දිගම පාර. කිලෝමීටර් දොළහක් විතර.



සෙනසුරාදා උදේ එකොළහට විතර අපි සෙට් එකම රත්නපුරේට ඇවිල්ලා ගන්න ඕනෙ බඩුබාහිරාදිය අරන් සිරිපාගමට යන්න බස්එකේ නැග්ගා. 
අවුරුදු හතළිහකට පස්සෙලු රත්නපුර පාරෙන් මෙදා සමන් දෙව් ප්‍රතිමාව සිරීපාදෙට වැඩම කරවල තියෙන්නේ. මඟ දිගටම ලස්සනට සරසලා තිබුණා. සිරිපාගම තමයි සමනොළ කන්දට ළඟම තියෙන ගම්මානය. රත්නපුරේ ඉඳන් කිලෝමීටර් විසිපහක් විතර ඇති මම හිතන්නෙ. සිරිපාගමින් දවල් කෑම එහෙම අරගෙන අවශ්‍ය අනිත් දේවල් ගන්න වෙලාවෙ තමයි මම ඔය මාතෘකාවට දාල තියෙන සිද්ධිය වුණේ. 

නඩේ ගුරාගෙ අණ විදියට දඬුකෝඩු එව්වො හඳුන්කූරු නූල්බෝල කපුරු එහෙම ගන්නවා එකසිය ගාණට. කඩේ මුදලාලිත් මුලින්ම යන අයට ඕනෙ කරන ඔක්කොම දේවල් කියල දෙන්න පටන් ගත්තා. ඔය වෙලාවෙ තමයි අදීශයා රුපියල් පණහක් දික් කරගෙන එහෙම පඬුරු ගන්න බලන් හිටියෙ. විළිලැජ්ජාවෙ සන්තෝෂෙ බෑ අපි හැමෝටම.

කොහොම කොහොමහරි අන්තිමේදී හවස දෙකට විතර තමයි අපි සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ. නඟින්න නම් සෙනඟ ඇත්තේම නැති තරම්. ඒත් පෙරහැරත් එක්ක සෑහෙන්න පිරිසක් කලින් දවසේ ගිහින් තිබුණා. ඒක හන්දා බහින පිරිස තමයි වැඩිපුරම හම්බවුණේ. ඉස්සර වගේ නෙමෙයි දැන් රත්නපුර පාරෙ දිගමට පඩි තියෙනවා. හැටන් පාරට වැඩිය හොදයි. හැබැයි ඉතින් යනවා යනවා ඉවරයක් නැහැ....


වහින්න වගේ බීරුම තිබුණත් අපේ හොඳ වෙලාවට ලොකු වැස්සක් වැටුණේම නැහැ. යන්තම් පොදයක් ගැහුවා විතරමයි. පැය දෙකකට විතර පස්සේ අපි ළඟාවු‍ණේ ළිහිණි හෙළට. ළිහිණි අක්කට කතා කරල එහෙම ආපහු වන්දනාව පටන් ගත්තා. ගොඩක් අය හැටන් පාරෙන් යන හින්ද මේවගේ තැන් මිස් වෙනව.




කටුකිතුලවංගුව එහෙම පහුකරල ඉස්සරහට යනකොට මෙන්න බොලේ තියෙනව කළුගඟ කියල ගහපු බෝඩ් එකක්. ඒ එක්කම පොඩි බෝක්කුවක් එක්ක දිය පාරක්. බැරි වෙලාවක්වත් අපි ගල් දෙකක් හරස් කරල ඕක වහල දැම්මනම් එහෙම... කළුගඟ කියල එකක් නැහැනේද කියල හිත හිතා අපි අඩියට දෙකට කළු ගඟ තරණය කොළා.



මේ වෙනකොට වෙලාව හයට කිට්ටුයි. කළුවර වැටෙවත් එක්කම වටින් පිටින් මීදුම ගලානෙ එනවා. පාර පාළුවට ගිහින් ... අපි විතරමයි. මේ අත්දැකීම විඳගන්න නම් ඉතින් මේ පාරෙන්ම එන්න වෙනවා.




අපි ගෙත්තම්පානට එනකොට පොඩි වැහි පොදකුත් වැටෙන්න පටන් ගත්තා. මම හිතන්නෙ අපි මේ වෙනකොට පඩි තුන්දාහකට වැඩිය නැඟල තිබුණෙ. තව හත් අට දාහක් නඟින් තියෙනව. තම තමන්ගෙ බෑග්වල තියෙන කෑම ජාති කන්න දෙන්න මේ වෙනකොට හැමෝටම පුදුමාකාර උනන්දුවක් ඇතිවෙලා තිබුණෙ.



විනාඩි විස්සක විතර විවේකයකින් පස්සෙ ආපහු නඟින්න පටන් ගත්තා. දැන්නම් හොඳටෝම කළුවර වැටිලා.



ඊළඟට ධර්මරාජගල එහෙම තරණය කරල ටිකක් විතර එළිමහන් ගල්තලාවකට සේන්දුවුණා. එතනට ඈතින් ලස්සනට සිරිපාකඳු මුදුන පේනව. හැබැයි ලයිට් වලින් සලකුණුවෙලා තිබුණු, ගැරඬියෙක් වගේ තියෙන පාර දැක්කම කාගෙ කාගෙන් ඇස් පියවෙන්න පටන් ගත්තා. ඒ මදිවට පහළට බැහැල තමයි ආපහු කන්ද නඟින්න තිබුණෙ.


ඔහොම ටික වෙලාවක් යනකොට ඇහෙන්න පටන් ගත්තා සීතල වතුර පාරක සද්දයක්. ආයෙ වෙන මොකක්වත් නෙමේ ඉතින් ඒ තමා සීත ගඟුළ. 



වෙලාව රෑ අටහමාරයි. වෙලාව කීය වුණත් සීත ගඟුලෙන් නාන්නැතුව අඩියක් වත් තියන්න පුළුවනෑ.... අයිස් පරාදවෙන වතුරට ඔක්කොම බැස්ස. මුළු ඇඟම නිකන් පිච්චෙනව වගේ ඒ වෙලාවෙ අපිට දැනුණෙ. නිකන් දත් හිරිවැටෙන්න බේත් විද්දා වගේ. ඇල්ලුවට තේරෙන්නෙ නැහැ. සමහර අවයව ඇඟේ තියෙනවද කියලත් පොඩි සැකයක් වගේත් හිතුණා.
මොන තරම් චණ්ඩි වුණත් ඒ වතුරෙ වැඩිපුර වෙලා හිටියොත් ඇඟේ තියෙන ලේත් මිදෙයිද කියල හිතුණ හින්දා ගැහි ගැහීම ගොඩට ආවා.. හැබැයි ඉතින් එච්චර වෙලාවක් තිබුණ මහන්සිය කොහෙන් ගියාද කියල නැහැ. හරිම ෆ්‍රෙෂ්.
එතනම තිබුණ කඩේකින් උණු කෝපි එකක් ගහල නඩේ ඔක්කෝම දැන් ලෑස්තිය අපේ ඊළඟ නවාතැන්පළ වෙච්ච හැරමිටිපානට යාගන්නයි. 

නඩේ ගුරා තීරණය කළේ හැරමිටිපානේ පැය හතරක් විතර ඉඳල පාන්දර තුනට විතර ආපහු කරුණාකරන්න පටන් ගන්නයි.

මෙතන ඉඳල විස්තරේ නම් කියන්න වෙන්නේ හෙට තමයි.....

30 comments:

  1. අනේ අප්පේ කොච්චර පිනක්ද මට තාම යන්ඩ බැරිඋනානේ.හොට බිම ඇනෙන්න කලින් කොහොමහරි දවසක යන්න ඔනේ.ස්තූතියි විස්තරේට.ඉතිරි ටිකත් දාන්න.පින්තූර ටිකත් නියමයි.

    ReplyDelete
  2. අපිත් යන්න තමා ඉන්නෙ.. රත්නපුරෙන් නම් ගිහින් නෑ මචන්...

    මැක්ස පින්තූර ටිකක් තියෙනව... මේ උඹල කළුගඟ බැරිවෙලා හරි වැහුවෙ නෑනේද?

    ඉතිරි ටිකත් දාපන්

    ReplyDelete
  3. මචො කැලේ මැඳින් ගිහින් හොඳ අත්දැකිමක් ලබන්ඩ පුලුවන්නම්...සපුගස්තැන්න එස්ටෙට් එක ඇතුලේන් නැගපං...මම ඒ ගැන පොස්ට් කිපයක්ම දැම්ම ...http://raj-rajmyblog.blogspot.com/2011/06/blog-post.html
    කියන්ඩ බැරිඋනා..පිංතුර ටික නම් මරු මචො

    ReplyDelete
  4. අනේ වාසනාවන්...මමත් එක පාරක් කරුණාකරා ඔය රත්නපුරා පාරෙන්.....

    ReplyDelete
  5. ෂා... මටත් මේ පැත්තෙන් යන්න ආසා හිතුනා.කොහොම හරි දවසක යන්න ඕනෙ.පින්තූර දැක්කාම ආසාව වැඩි වුනා...

    ReplyDelete
  6. ටිකක් උදෙන්ම ගමන පිටත් උනා නම් වටේ පිටේ ලස්සන හොදට බලාගන්න තිබුනා.කොහොම උනත් විස්තර ටික නම් ම‍රු.ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
  7. නඩේ ගුරාDecember 15, 2011 at 1:09 PM

    හැක හැක....
    අදීෂයා සල්ලි දීල පඩුරු ඉල්ලව්වද බං?

    ReplyDelete
  8. සිරීපාදේ කවදාවත් ගිහින් නෑ. ලස්සන ගමනක්....අනිවාර්යයෙන් යා යුතු. :(

    ReplyDelete
  9. රත්නපුර පාර සෑහෙන්න දියුණු වෙලා වගේ. රත්නපුරෙන් පටන් ගන්න අය හරි ඉවර කාන අය හරි ගිලී මලේ තීන ලංකාවෙ හතරවෙනියට උස සහ අලංකාරම දිය ඇල්ලක් වෙච්චි "මාපනාන ඇල්ල" බලන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  10. මමත් එක පාරක් කරුණාකලා හැටන් පාරෙන්.ඒක කෙටියි , පහසුයි.. මං වගේ ඇඟ පත හොලවන්න හොර බුවාලට යන්න කියාපු පාර :D

    ReplyDelete
  11. මං නම් ගිහින් තියෙනවා දෙතුන් පාරක් සිරීපාදේ... අවාරේ යන්න ආසයි අප්පා...

    ReplyDelete
  12. මම රත්නපුර පාරෙන් සිරිපා කරුණා කරලා නෑ නොවැ. ඊළඟ වතාවෙ එහෙන් යන්න ඕනා!

    ReplyDelete
  13. මම තාම ගිහින් තියෙන්නේ එක පාරයි.. ඒ ගියාට වැඩිය දැං නම් මං සළකුණු ඔක්කොම වෙනස් වගේ...

    ReplyDelete
  14. නදී - හපෝ මෙන්න තව දඬුකෝඩු....

    'සුළඟ' - හිහී.. අපි ඉතින් උඹල ගැන හිතල ගඟ වහන්නැතුව ආවා..

    Raj - පෝස්ට් ටික බැලුවා.. ඒකත් නියම ගමනක්නේ..

    ඔබ නොදු‍ටු ලොවක් - ඔව් ඔව් එකපාරක්හරි යන්න ඕනෙ පාරක්..

    නිසුපා - ආ.. අර පෙනේ.. නොපෙනේ... පෝස්ට් ටික තාම මතකයි.

    රන්දික කුලතුංග - ඔව් හැබැයි කළුවරේ යන එකෙත් සෑහෙන්න ගතියක් තියෙනවා.

    ReplyDelete
  15. නඩේ ගුරා - ඕව ඉතින් නඩේ ගුරාලගෙ වැරදි තමයි...හැක හැක..

    Podi Kumarihami - අනිවාර්යයෙන්ම... අනිවාර්යයෙන්ම...

    ඉන්දික උපශාන්ත - ඔව් ඔව් දිගටම පඩි තියෙනවා. හැටන් පාරට වඩා හොඳයි. ඇල්ල නම් අපිට මිස් වුණා.

    තීර්ථ යාත්‍රිකයා - හිහී.. අපිටත් සෑහෙන්න අමාරුවුණා දවස් දෙක තුනක්ම.. අද නම් හරි වගේ.

    prasanna86k - හපෝ ඔව්.. මමත් කැමති අවාරයේ නඟින්න... කිසිම කරදරයක් නැතුව හිතේ හැටියට යන්න පුළුවන්.

    විසිතුරු - රත්නපුරෙන් එක පාරක් හරි ගිහින්ම බලන්න ඕනෙ ලස්සන.

    Dinesh - ඔව් දැන් හැබැයි පාර නම් හොඳටම හදල තියෙනවා.

    ReplyDelete
  16. මාත් අපේ මලයා සෙට් කරගෙන මෙදා වංගියේ සිරිපා කරුණා කරලා එන්නෝන. මෙවුවා දැක්කම ඊරිසියවේ බෑ.

    ReplyDelete
  17. නඩේ ගුරා තාත්ත කෙනෙක් වගේ අපිව බලා ගත්ත. බර වෙඩි උනාම අපේ බැග් එක පවා උස්සගෙන යන්න තරම් නඩේ ගුරා කරුණාවන්තයි. හිකි හිකි....

    ReplyDelete
  18. මධුරංග - කරුණාවයි..කරුණාවයි.. ගොහින් වරෙන් මලයා..

    බුද්ධික - කියල වැඩක්නෑ ඒ හරිය නම්.

    ReplyDelete
  19. අපිත් ගියා හැටන් පාරෙන් දෙපාරක්.....අර උදේ පාන්දරට ඉර වඳින එකත් මම දැක්ක..ඒක නම් මාරම ලස්සනයි...........

    ReplyDelete
  20. සිරිපාදේ මාත් ගිහින් තියනව එකම එක පාරක් හැටන් පැත්තෙන්. කවදාවත් අමතක වෙන්නැති ගමනක්. පන්තියේ ලමයි එක්ක ගියේ. ඉර සේවයත් බැලුවා. පොඩි වැස්සකට තෙමුනත් එක්ක . සීතලේ ගැහි ගැහී ගියා. හරිම සුන්දර ගමනක්.

    ලස්සන පින්තූරු ටික ..

    ReplyDelete
  21. නදී අක්කා : සිරිපාදේ එක පාරක් ගිහින් නැත්නම් ඒත් මෝඩයාලු, එක පාරට වඩා ගියොත් ඒත් මෝඩයාලු :))

    ReplyDelete
  22. මං දෙපාරක් නැගල තියෙනව සිරීපාදෙ, දෙපාරම හැටන් පාරෙන්. පෝස්ට් එක කියවන කොට ධර්මරාජගල, ගෙත්තම්පාන, එහෙම ගැන කියවෙන සිංදුව මතක් වුනා, හැබැයි සම්පුර්ණ සින්දුව නම් මතක නෑ.

    ReplyDelete
  23. වින්චැට්කිරිල්ලි. - මටනම් ඕක හරියටම තාම බලාගන්න වුණෙ නෑ.. හැබැයි ගියපාර නම් මෙදාට වැඩිය පැහැදිලිව දැක්කා.

    Gimhani - ඹව්.. මම නම් කැමති සීතල උපරිමයෙන්ම විඳගන්නයි... ජර්සියක්වත් අඳින්නෙ නෑ බැරිම වුණොත් මිසක්

    Observer - මම නං හිතුවෙ ඔබා මාමා අයිය විසි තිස් පාරක් නැඟල ඇති කියලයි...

    ReplyDelete
  24. ඔබා මාම කියන්න වගේ මටත් මතක උනේ සින්දුව... ඒ ජෝතිපාල මහත්මයාගෙ දෙයියන්ගෙ රටේ චිත්‍රපටයට කියපු, කරුණාරත්න අබේසේකර මහත්මය ලියලා පී.එල්.ඒ. සෝමපාල මහත්මය සංගීතවත් කරපු
    "සීත සුනිල් දිය දහරා - ළා නිල් කඳු මනහාරා..." කියන සින්දුව නේද....
    ඒකෙ තියෙනව මෙහෙම කෑල්ලක්:
    "තුන් සරණේ කවි කියලා - ධර්මරාජ ගල නැගලා...
    ගෙත්තම්පානේ ගෙත්තම් කරලා - මහ ගිරි දඹ පසු කරලා..." කියලා..
    අනේ මමත් ගිහින් නෑනෙ සිරීපාදෙ... කොහොම හරි මැරෙන්න කලින් යනවාමයි...

    ReplyDelete
  25. දඬු කෝඩු ඉඳලා ඉඳලා මේ අවුරුද්දේ තමා සිරිපා නැග්ගේ... ඒකත් හැටන් පාරෙන් ! බොරු කියන්නේ මොටද මට නම් ආයෙත් යන්න දැන් මොකක්ද මොකක්ද වගේ. ඒත් රත්නපුර පැත්තේ ලස්සන නිසා මේ පාර රත්නපුරා පාරෙන් සිරිපා නගින්න හිතෙනවා... බලමුකෝ...

    ස්තුතියි, විස්තරේටයි, පින්තූර වලටයි...!

    ReplyDelete
  26. Miyuru - ඔව් අපිටත් මතක් වුණා ඔය සිංදුව...නඟිනකොට

    Chathuranga - ඕක හිතෙන්නෙ ගිහින් ආපු ගමන්මයි.. ටික දවසකින් ආපහු යන්න ඕනි වෙනවා.

    ReplyDelete
  27. පඩුරැ කීවම මතක් වුනේ සෑමාගේ ඉස්කෝලේ කොල්ලෙක් හිටියා පෙර අවුරැද්දකට දෙපාරක් සිරීපාදේ යනවා කියලා පඩුරැ එකතු කරනවා. අපිත් වැදලා දෙන්නේ. පොර හැමදාම ඉස්කෝලෙත් එනවා.

    අපි හිතුවේ සෙනසුරාදා ඉරිදා ගිහින් එනවා ඇති කියලා

    බැලින්නම් අපි ඇදලා..

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන් සිරීපාදෙන් ගොඩයන එවුන්.

      Delete
  28. oya meka liyala thiyana widiyanam harima apoorui,,me blog 1a kiyawanna mm nam harima asai,thama aka parai mm sri pathayata gihin thiyanne ,,,harima kamaththen innawa aith karuna karanna,,obata pin mewidiyata me gana saha thawa dewal ithamath wichithrawath widiyata liyanawta ...

    mm oyalage sinhala blog kiyawana kenek,,,

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.