Monday, November 21, 2011

අධිවේගේ රවුමක්.


හෆ්ෆා.. මේකෙ යන්න ගහපු ප්ලෑන් ටික නම් කියල ඉවර කරන්නත් අමාරුයි. 19, 20 දවස් දෙකේ ඕනෙම කෙනෙකුට හයිවේ එක විවෘතයි කියල ආරංචිය ආපු දවසෙ ප්ලෑන් කළේ පුටාර් වල නැගල ගාළු ගිහින් 'ජපා' ලගෙ ගෙදර නැවතිලා පහුවදා එන්න. 
ඕනෙම කෙනෙක් කිව්වට මෝටර් එන්ජිමක් නැති වාහන වලටයි පයින් යන්නයි තමයි ඉඩදෙනව කියල තිබුණෙ. ඒක හින්ද තමයි පුෂ් බයික් සෙට් කරගෙන යන්න කල්පනා කළේ. 

ඒත් ඉතින් ලබන සතියට මට ඉතාමත් දරුණු ගණයේ පේපර්ස් දෙකකට උත්තර ලියන්න තියෙන හින්ද දවස් දෙකම වෙන්කරන්න පුළුවන් විදියක් තිබ්බේ නැහැ. මේකත් මේ කික් එකට ලියන්න ගත්තට කරන්න තව වැඩ කෝටියයි.

කොහොම කොහොම හරි පුටාර් වැඩේ මට මිස් වුණා. ඒත් ඉතින් කොහොමහරි රවුමක් දාන්නම තමයි හිත. ඒ අතරෙදි උදේ පාන්දරම ආරංචියක් ආවා කාර්/වෑන් වලට යන්න දෙන කතාවක්. ටක් ගාලා ගෙදර කට්ටියටත් කියල ලෑස්තිවෙන්න හදනකොටම නිවුස් එකක් ආවා යන්න දෙන්නෙ පාස් තියෙන වාහන වලට විතරයි කියල. මට ඉතින් පාස් එකකට තියෙන්නේ ඔෆිස් එකට දාන්න තියෙන එක විතරයි. ඒකෙන් යන්න දෙයියෑ හයිවේ එකේ. ඉතින් මාත් හිත හදාගෙන ටියුට් එකක් අතට ගත්තා.

හැබැයි ආරංචිවල හැටියට නම් සෑහෙන වාහන තොගයක් යන එන බව තමා තේරුණේ. කෝකටත් ගිහින්ම බලන්න හිතාගෙනත් කොහෙන් හරි රිංගවන්න පුළුවන් වෙයි කියල හිතලත් දෙකට විතර බයික් එකෙන් පාරට බැස්සා. 

කහතුඩුවෙ එන්ට්‍රන්ස් එකෙනුයි කොට්ටාවෙනුයි නම් යන්න දෙන්නෙම නෑ කියල නිවුස් එක ආපුහින්දා ගැලනිගම පැත්තට තමයි ගියෙ. පැස්ටෝල් එහෙමත් පුරවගෙන පොඩ්ඩක් කැරකි කැරකි ඉන්නකොට මම දැක්කා කොල්ලො සෙට්එකක් බයික් ටිකක් තියාගෙන පොඩි සීන් කෝන් එකක්. 

මම පොඩ්ඩක් විතර කිට්ටුකරල එකෙක්ගෙන් විස්තරේ ඇහුවා.... 
කිරි අප්පට බල්ලෝම පැනපි...... මුන් අර එන්ට්‍රන්ස් අටට අමතරව දැල ගාව ගේට්ටුවක් එහෙම ඇරල කාණුවට ලෑලි කෑල්ලක් එහෙම දාලා පස් තාච්චි දෙකක් විතර දාලා නවවැනි එන්ට්‍රන්ස් එකක් හදලා...... 
එතෙන්ට යන්න පාර විස්තරේ එක්කම ෆුල් රෝඩ්මැප් එකක් මට හම්බුණා. 
ආයෙ මොනවද ඉතින් විනාඩි දෙකෙන් කොල්ලා සදර්න් එක්ස්ප්‍රස්වේ එකේ.



උදේ ඉඳන්ම යන්න උණක් තිබුණ තවත් එකෙකුටත් කෝල් එකක් දීල මම කොට්ටාව බලා ගමන් ඇරඹුවා. ස්පීඩ් ලිමිට්, සුදුපටි මාමල, ටැෆික් ලයිට් මොනවත් අද නෑ. පාර තනිකරම මගේ වගේ. හැබැයි මං ලඟ ෆෝටෝ එකක් හරියට ගන්න උපකරණයක් තිබ්බෙ නෑ. ෆෝන් එකේ කැමරාවෙන් තමයි මේ ෆෝටෝස් ගත්තෙ.



කොට්ටාවට ගිහින් ආපහු ගැලනිගමට ඇවිල්ලා ටික වෙලාවකින් සනිඳුවත් බයික් එක අරන් අර එන්ට්‍රන්ස් එකෙන්ම හයිවේ එකට දැම්මා. හැබැයි දාලා තප්පර 10ක් යන්න කලින් මේක ගැන දැනගත්තු කෙනෙක් ඇවිල්ලා එතන එන්ට්‍රන්ස් එක නිකම් ම නිකන් දැල ගහපු වැටක් බවටම පත්කොලා. 
හැබැයි මුන් තව ටික දවසකින් ඕක ආපහු ඇරලා ටිකට් කඩන්න ගනීද දන්නෙ නෑ....



දැන් කෙලින්ම ගාල්ල බලා....... ගැලනිගම ඉන්ටර්චේන්ජ් එකේ ඉඳන් කිලෝමීටර් විසිදෙකකින් තමයි ඊළඟ එක තියෙන්නේ. 
ඒ දොඩන්ගොඩ.

දොඩන්ගොඩත් පහුකරන් ටිකක් යනකොට ඔන්න ඉතාමත් අසුභ දර්ශණයක් අපිට දකින්න ලැබෙනවා..... හමුදාවෙ මාමල පොලීසියෙ බාප්පල ටිකක් හයිවේ එක වන් වේ කරල. ගාල්ලට යන්න බෑලු........ ගාල්ලෙන් එන ඒවට විතරලු මෙහාට එන්න දෙන්නෙ..... ටිකක් කන්කෙඳිරි ගෑවට වැඩේ හරියන පාටක් නෑ. 
මොනව කරන්නද බැරිනම් ඉතින්.... 

හැබැයි තව ඔප්ෂන් එකක් තිබ්බා. ඒක තමයි දොඩන්ගොඩින් එලියට ඇවිල්ලා බැරියර් එක පාස් කරල ආපහු හයිවේ එකට රිංගන එක. ඒත් පොඩ්ඩක් හරි ගැස්සුණොත් ගාළු පාරෙ ටැෆික් එකේ ආපහු එන්න වෙනව නේද කියල අපි කල්පනා කළා. අපේ ඉතින් හෙන මොළේනෙ. ඒක පොඩ්ඩක් පාවිච්චි කරල ආපහු හැරුණා.

පින්තූර ටික ඔන්න පහළ.










හයිවේ බල්ලෝ...............



දොඩන්ගොඩට මෙහා කන්දන් සමතලා කරල හදපු  ප්‍රදේශයක්... නියමයි.. ඒවගේම මේ හරිය නිකන් ඔෆිස් ටයිම් එකට හයිලෙවල් පාර වගේ බිසී..



අපිත් නැංගා උඩටම......








කොහොමද ලයිට්....



37 comments:

  1. උබ කීයට ගියද යාලුවා ඕකෙ

    ReplyDelete
  2. නියමයිනෙ... ෆොටෝ ටිකත් එල.. අර බල්ලන්ට නම් වැඩි ආයුශ නැති වෙයි...මොකද හයි ස්පීඩ් පාර පනින්න උන්ට තවම දන්නෙ නැතුව ඇති !

    ReplyDelete
  3. හෙන ෆන් එකක් අරන් වගේ.අපිට කොයින්ද ඕවා. :((

    ReplyDelete
  4. ලස්සන පින්තූරු. ඔය රටේ සත්තුන්ට හයි වේ එක තහනම් කියලා බෝර්ඩ් එහෙම ගහලා නැද්ද?...:D

    ReplyDelete
  5. හයිවේ එකේ රාජකාරි කොරන කාලෙ ඔය අස්සක් මුල්ලක් නෑර ගියානේ....අපි වැඩ කල කොටස අයිති උනේ දොඩංගොඩ ඉදන් කුරුඳුගහ හැතැක්ම එනකල්....අපොයි...දැන් ඔය දොඩං අගේට ගිහින් බලලා ආවට ඔය අවට උන්න මිනිස්සු ඒ දවස්වල දුන්න වද ඔය පාර හදනවට....

    Rock blasting එකක් කරගන්න අපේ කස්ටිය වින්ඳ දුක්...මෙහෙ ඔක්කොම ලෑස්ති කරගෙන් ඉද්දී අවට මිනිස්සු අයින් වෙන්නෙ නෑ...එක පැය බාගෙන එක ගෙදරකට රුපියල් 15,000 ක් ගෙවන්න ඕනෙ අයින් වෙන්න.... අපිට ගහන්න පොළු අරන්...රෙදි උස්සන් එන්නේ.....

    මතක් වෙද්දිත් හිනා යනවා...

    ReplyDelete
  6. හිත පුපුරන්න තරම් සතුටක් දැනෙනවා මේ පින්තුර දකිනකොට.
    මේ මගේ රටෙත් හයි වේ එකක් තියෙනවා කියල ලෝකෙට පෙන්වන්න ආඩම්බරය දැන් අපිටත් තියෙනවා.
    වැලිකතර හරහා වැටුන ඉද්ද ගහපු හයි වේ වල 140 ට එලවද්දී අපි හීන මැව්වේ අනේ කවදාද අපේ රටේ මෙහෙම පාරක් හැදෙන්නේ කියල
    ඔයාල විදපු සන්තෝසේ අපිට විඳගන්න නැති උනාට අපි දුර ඉඳල හිතෙන් ඔයාලත් එක්කමයි.
    පොටෝ ටික දැම්මට පින්..

    ReplyDelete
  7. මෙහෙත් 120 උපරිම සීමාව. ඩෙසර්ට් ‍එක හරහා ඉතින් චෙකින් නෑනෙ....පෑ‍ගෙනවා ඉබේටම..

    ReplyDelete
  8. මට බය අපේ 'කව් බෝයි' ඩ්‍රයිවර්ල ඕකෙ කොයි තරං මිනී මරයිද කියල

    ReplyDelete
  9. ලස්සන පින්තූර ටික. මමත් අන්තිම වතාවට නිකන් ගියා සිකුරාදා. (අපි හයිවේ එකේ වේද කරන නිසා ෆ්‍රී පාස් :-)....) එත් මොන යනවද වහිනවා යට වෙන්න. *** දිල් වැඩකලේ PCI(OC) Pk 2 ඔෆිස් එකේද නැත්නම් Taisei ඔෆිස් එකේද. මං නම් තාම වැඩ (31 දෙසැම්බර් වෙනකන්) මම වැඩ කරන්නේ බණ්ඩාරගම ඔෆිස් එකේ (Manaegment Consultant with RDA Office ).... ඔයා කිව්වා කතාව හරි. දැන් නම් කට්ටිය ෆන් එකේ ගිහින් එනවා. ඒ දවස් වල කාපු කටු අපි තමයි දන්නේ. ගුටි නොකා බේරුනේ අනූ නමයෙන්. හැබැයි ගුටි කාපු කට්ටියත් ඕනේ තරම් ඉන්නවා. හොඳින් කතා කරනවට වැඩිය කුනුහරුපෙන්ම තමයි අපිව අමතන්නේ. ආදරේට වෙන්න ඇති. :-) අවුරුදු 7ක් වැඩ කරලත් අන්තිමට අපිට මොනවාද ලැබුනේ නේද. අඩුම තරමේ Expressway Management Unit (RDA ) ඒකට අලුතින් ගත්තු සේවකයන් 500 දෙනාට අපිවත් ඇතුළු කරගන්න තිබබා. දැන් ඉතින් හොයපල්ලකෝ අලුතින් ජොබක්. ***** Weni - බල්ලොන්ට නම් ආයුෂ අඩුයි තමයි. දවසට 3-4 දෙනෙක් වත් හයිවේ එක පටන් ගන්න ඉස්සෙල්ලත් මැරෙනවා. බල්ලෝ විතරක් නෙමෙයි කුරුඳුගහ හැතැක්ම හරියේ මොනරු කොච්චර හැපිලා මැරෙනවද... කොහොම උනත් සුන්දර අවුරුදු 7ක සේවා කාලය ඉතින් තව මාස 1 1/2 ඉවරයි. ඒ ගැන මතක් වෙනකොටත් දුකයි.

    අසංක

    ReplyDelete
  10. හෆ්ෆා....
    මේකා කොරලා තියෙන වැඩක්....

    ReplyDelete
  11. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. @Asanka

    මම උන්නෙ Taisei අසංක.. මීගම සයිට් ඔෆීස් එකේ... මීට මාස ගාණකට කලින් මම අයින් උනා දුර ප්‍රශ්ණය හන්දාම. මම නම් වැඩ කලේ අවුරුදු 2 ක් විතර. ඔන්න මේ ලඟදි ආයෙම කෝල් කලා circular road එකට එන්න කියලා...අපෝ...හයිවේ එකේදී කාපු කට්ටෙ හැටියට මතක් වෙද්දිත් එපා වෙනවා...තායිසේ ගෙවීම් හොඳ උනාට කිසිම නිදහසක් නෑ...වැඩ ..වැඩ...වැඩ....

    ReplyDelete
  14. Theekshana - මගෙ බයික් එකේ යන්න බෑ එච්චර වේගෙන්. 80 පනිනකොටම එන්ජිම ගැලවෙයිද කියල හිතුණා.

    Weni - ඕපන් කළාට පස්සෙ උන් එන එකක් නෑ. ඊයෙ නිකන් බලන්න එන්න ඇති. ලොල්.

    නිසුපා - එහෙම කියල බෑ හොඳේ.

    Podi Kumarihami - බෝඩ් තිබ්බට උන් තාම ඒව කියවන්න දන්නෙ නෑලු. මේ ඔයාට නමේ කොපිරයිට්ස් නැද්ද අනේ.

    දිල් - හීහී ඔයා හදපු හරිය ඊයෙ වහල දාල තිබ්බෙ. ආපහු හදන්න වෙලාද දන්නෙ නෑ..

    වැලිමැඬියා - හිහ් හී... ෆට්ට නමක් නේ උඹට තියෙන්නේ..

    Observer - දැනට නම් එකයි කියල තමයි ආරංචිය.

    Asanka - අම්මෝ සෑහෙන අත්දැකීම් ඇති එහෙනම් හයිවේ එක ගැන. කමක් නෑ තව සෑහෙන්න ප්‍රොජෙක්ට්ස් එනවලුනේ.

    බිඟූ...! - පැන්නා පැන්නා හොරෙන්ම.

    ReplyDelete
  15. අනේ නෑනේ අනේ...ඉහි..ඉහි..ඉහි...:D:D:D

    ReplyDelete
  16. මල්ලි, මමත් දෙසැම්බර් 24 ලංකාවට ඇවිත් යන්න එනවා. සති දෙකක පොඩි නිවාඩුවක්. ඔපීසිය පැත්තේ ඇවිත් යන්න එන්නම් ඔයාලවත් (ගීතක වත්) බලල යන්න.
    ඉතින් ඒ නිවාඩුවේ දී Expressway එකේ යන්න ලැබෙයි ද දන්නේ නැහැ. පට්ට ආතල් එකක් අරන් තියෙන බව පේනවා. එල එල.
    අර office pass එකෙන් express way යන්න හිතපු එක නම් පට්ට.

    ReplyDelete
  17. $මරුමූස් $ - ෂා නියමයිනේ. ගීතකය ඔන්න ඊයෙ ස්වීඩන් පියෑඹුව. මාසෙකින් එන්නේ. ඔයා එනකොට ලංකාවෙ ඉඳී.

    ReplyDelete
  18. මගදි පොලීසියෙන් වේගේ වැඩියි කියලා නැවැත්තුවේ නැද්ද අයියේ.. අපේ ගෙවල් තියෙන්නෙත් කොට්ටාව පිවිසුම ලග...

    ReplyDelete
  19. හපෝ නෑ... මම හිතන්නේ චාන්ස් එකක් දෙන්න ඇති අද විතරනේ කියල.

    ReplyDelete
  20. ගොඩක් සතුටුයි.හැබැයි තව ලේන් දෙක තුනක් තිබුනනම් තමා වටින්නෙ.100 වේගෙන් යනකොට ටිකක් ඉඩ ඔනෙ වෙනව.මම හිතන විදියට අනතුරුනම් ගොඩක් තියෙයි වගෙ.මොකද අපේ අය කවදාවත් නීතියට වැඩකරන අය නොවෙන නිසා.

    ReplyDelete
  21. බලන්නකෝ මම් බොරුද කියන්නේ කියලා. අධිවේගි මාර්ගය විවෘත කරලා ටික දවසක් යනකොට ඔය බල්ලෝ ටික සේරම මැරෙයි වාහන වලට යට වෙලා.

    ලංකාවේ පලවෙනිම අධිවේගි මාර්ගය විවෘත කරන එක අනිවාර්යෙන්ම බලන්න යන්න ඉන්නේ.

    ReplyDelete
  22. සිරා සිරා...මාත් බලාගෙන හිටියේ ඕක විවෘත කරනකන්...ලබන පාර ලංකාවට ආවහමවත් යන්න ලැබෙයි නේ...පින්තූර ටිකට බොහොම ස්තුතියි...

    මධුරංග හරි, මෙහෙ හයි වේ වලත් ගොඩක් වෙලාවට දඬු ලේන්නු, මුවෝ එහෙම මැරිලා ඉන්නවා...

    ReplyDelete
  23. ආහ්... පැණිදොඩම් ඉන්නේ කොයි අහද ? මමත් ගියා 20 වැනිදා අධිවේගේ පැත්තේ... මුලදී නිකන් ගුවන් පාලමෙන් එබිලා බලන්න හිතාගෙන ගියේ. ගෙදර ඉඳන් 3 km හයිවේ එකට. ගුවන් පාලමෙන් එබුනම හිතුනා පාරට බැහැලම එන්න ඕනේ කියලා.

    අපිත් දොඩම් වගේම හොර ගේට්ටුවකින් පාරට පැන්නේ කහතුඩුවට 2 km එහායින්. වෙනිවැල්කොල හරියෙන්. නෝනිවත් දාගෙන ගිය නිසා මට නම් බයික් එකේ යන්න වුනේ 60 තමා. හැබැයි පට්ට ඈ. හොඳ අත්දැකීමක්... ෆෝටෝ දෙක තුනකුත් ඇති. පෝස්ට් එකක්ම දාන්නම් කෝ...

    ReplyDelete
  24. කස්ස - ලේන් 2ක් මග එනවලු..

    මධුරංග - නෑ නෑ උන් එන එකක් නෑ ඊට පස්සෙ..

    සයුරි - ඔව් ඔව් අනිවා..ආවම සෙට්වෙමු.

    Chathuranga Perera - මම ඉන්නෙ ‍ගෝනපල කිට්ටුව බං.

    ReplyDelete
  25. @ පැණීදොඩම් :
    මම පොල්ගස්ඕවිට බං... කැමති නම් මේල් එක්ක දාපන්... මමත් පෝස්ට් එකක් දැම්මා මගේ අධිවේගී අත්දැකීම් ගැන කියලා.

    ReplyDelete
  26. ඔයා ද පැණි දොඩම්.... පැණි දොඩම්ට මේ දවස් වලි විභාගේ නේද..

    මාත් හරි ආසාවෙන් හිටියේ, අධිවේගයේ දී පින්තූර ටිකක් ගන්න. ඒත් අපිට කොයිද වාසනාවක්... එන්න බැරි වුනා නෙ බලන්න...

    ඒ වුනාට ඒ අඩුව නැති කරන්න මේ ලිපිය ගොඩාක් උදවු වුනා... හෙනම් කට්ටිය එක්ක එමු බලන්න අපේ අහා...

    වෙනදට ඍයාල කියන්නේ හෆොයි දවසම ඉවරය.මගටම කාලෙ කනවා කියල නෙව.දැන් ඉතින් එමු බලන්න.

    ReplyDelete
  27. හිහී.. ඔව් මං තමා... මේ පේනවනෙ අපි පාඩම් කරනවා..
    මාතර ආවොත් ඉතින් දැන් ඉතින් ඔය අහා එනවම තමා....
    කෑම බීම ලෑස්තිකරන්න කලින් කියලම එන්නම්.

    ReplyDelete
  28. ශික්! මට යන්න බැරි වුණානෙ... (

    ReplyDelete
  29. කරුමේ කරුමේ, මට මේ චෑන්ස් එක මිස් උනා නෙව. යන්නමයි හිතාන උන්නෙ, ඒත් කොහේද මේ උලව් බයිසිකලේ බැස්ටිය බැස්සනෙව එදා උදේම.

    ReplyDelete
  30. නියමයි. මම ඊයේ ගෙදර ගිහින් අද අවා, මාවනැල්ලට. නුවර යන්න අපිටත් කවද highway එකක් ලබෙයි ද මන්දා.

    ReplyDelete
  31. ශා... මරු!!! මට තාම යන්න බැරි වුනානෙ.. යන්න මාරම ආස හිතුනා..මේක දැක්කහම...:D

    ReplyDelete
  32. math langadima yanna inne kollo

    www.cinelanka.net

    ReplyDelete
  33. අඩේ පාර නම් ගින්දර නේද බන් ඒ උනාට අපිට ඉතින් දුකට සැපට සනී වගේ ඉන්නේ බයික් එක විතරනේ එකේ යන්න දෙන්නේ නැති හින්ද ඉතින්,, අපෝ ඔය පාර මෙලෝ රහක් නෑ බන් ,, මම නම් යන්නෙම පුරුදු පාරෙන්

    ReplyDelete
  34. දුලබ ෆොටෝ ටිකක් බොල..

    ගාල්ලෙත් ගියා නේද මේ ලගදී? බස් එහෙම තල්ලු කරගෙන ;)

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.