Thursday, November 10, 2011

“ස” වින්දෙමි

දශක හතරක් පුරාවට ජනප්‍රියත්වය බිඳකුදු අඩුනොවෙමින් ලාංකික ජනතාව ආනන්දයට පත්කළ ආනන්දනීය හෝරා තුනක අසිරිය විඳීමට හැකිවීම පිළිබඳ සතුට අකුරුවලට හැරවීමට ට්‍රයි එකක් දෙමි.

වසර හැත්තෑවක් වයසැති වික්ටර් රත්නායකයන්ගේ කටහ‍ඬේ මෙතරම් ජවයක් තිබීම පිළිබඳ මට ඇත්තේ විමතියකි. ඒ හඬට තවමත් ආදරය කරන දහස් සංඛ්‍යාත පිරිසක් මැද හිඳ "ස" විඳීමට හැකිවීමම මහත්වූ භාග්‍යයකි. ප්‍රසංගය නරඹමු යැයි කීවිටදී "මගෙ අයිපොඩ් එකේ ඔය ඔක්කොම සින්දු තියෙනවා" යැයි කියනා එවුන් සිටිනා යුගයක මෙවන් පිරිසක් දැකිමට ලැබීමත් භාග්‍යයකි. සජීවී ප්‍රසංගයක අසිරිය කිසිවිටෙකත් වෙනත් විදියකට ලබන්නට පුළුවන්ද බැරිද යන්න ඔබම තීරණය කළ යුතුය.

මේ බ්ලොග් එකේ සෑහෙන තැන්වල කතාබහ වෙච්ච ජානක ත් තව අපි කවුරුත් දන්න වෙනියා ත් වැඩ කරන slida ආයතයයේ මූලිකත්වයෙන් තමයි මෙවර සයන්න ආනන්ද විද්‍යාලයෙදි පැවැත්වුණේ. ජානාගෙ ආරාධනයක් අනුව තමයි කැලුමත් මමත් මේකට එකතුවුණෙත්.
ප්‍රසංගය ගැන පොඩ්ඩක් කියනවනම් "ස" ප්‍රසංගය තමයි ලංකාවෙ පළමුවැනි ඒක පුද්ගල ස්වතන්ත්‍ර ගී ප්‍රසංගය. 1973 දී තමයි මුල්ම කොන්සට් එක පැවැත්වුණේ. එදා ප්‍රසංගයට ඇතුළුවෙන්න බැරුව දොරවල් කඩන්න හදපු හැටිත් ප්‍රසංගය ආරම්භයත් එක්කම ඉඳිකට්ටක් බිම වැටුණත් ඇහෙන විදියට මුළු ලුම්බිණියට නිහඬ වුණ හැටිත් වාර්තාවල සඳහන් වෙනවා. එදා තිබුණ ජනප්‍රියත්වය අදත් එහෙමමයි නේද කියලයි මට නම් හිතුණේ. දෛවයෝගයකින් ගීතය කියල ඉවරවුණ හැටියෙ ලැබුණු අත්පොළසන් ප්‍රතිචාරයෙන්ම ඒ බව ඉතා හොඳින් පැහැදිළි වුණා. සංගීත භාණ්ඩ ඉක්මවා යන කටහඬේ විවිධත්වය හැමදෙනාවම ආසනවලට තබා බැඳ තිබුණා.

මේ ගැන ඉතින් තවත් කියන්න දෙයක් නැහැ. ජීවිතේ එක්වරක් හෝ බලන්න යන්න කියල තමයි කියන්න තියෙන්නේ. ගිහින් එන්නම්.

මට කැමරාවක් තිබ්බේ නැති හින්දාත් ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ චාටර් හින්දත් වෙනියගෙන් හොරකම් කරල ෆොටෝ එකක් දානවා.. ඔන්න.




16 comments:

  1. "මෙවර සයන්න"

    "ස"යනු ගොඩයිනෙ බං. වෙන එකක් මතක් උනේ :P

    ReplyDelete
  2. I can remember I have seen Sa in Galle Town hall. i think year 1974.
    What a talent and show still Thani Thauwe.......

    ReplyDelete
  3. මම 'ස' ප්‍රසංගය බැලුවේ පේරාදෙණිය කැම්පස් ඉන්න කාලේ... කියලා වැඩක් නෑ! කවුරු වුනත් බලන්න ඕනෙ කොන්සට් එකක්...

    හැබැයි අපිට වෙනස නොතේරුනාට 70 දශකයේ 'ස' බලපු කෙනෙකුට අද බැලුවොත් වෙනසක් තේරේවි කියලයි මම හිතන්නේ. මට හොඳට මතකයි 'තනි තරුවේ' ගීතයේ අග කෑල්ල අදින්න ගිහින් වික්ටර්ට කැස්සක් ආපු හැටි... එතුමට දැන් සෑහෙන්න වයසයිනේ!

    ReplyDelete
  4. හිටිං ඉවසලා..හිටිං ඉවසලා... ලබන විසි වැනිදා..අපිත් බලනවා...

    ReplyDelete
  5. මාත් බැලුවා අගෝස්තුවල. ආයෙත් බලන්න ආසයි.කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ...??

    ReplyDelete
  6. සේරමත් හරි නුවන් වයි කැලුම්වයි හමු නොවෙච්ච එක හරිම අපරාදයක් ! තේ වෙලාවෙ මම අර සමරු කලාප වගයක් බෙද බෙදා හිටියනෙ..කමක් නෑ ..සතුටුයි.. ආපු එකට. ශෝ එකෙමුල අග සින්දු හැර අනිත්වා දුව දුවා හරි රස වින්දා..

    ReplyDelete
  7. 'සුළඟ' - හි හී කිව්වෙ නැති වුණාට මටත් එහෙම තමා මචන්.

    Ano - සෑහෙන අත්දැකීම් තියෙන ඇනෝ කෙනෙක් වගේ.

    ගීතක - හ්ම් ඔව්.. අපිට හැත්තෑවක් ඉන්න හම්බුණොත් මදෑ

    මාරයාගේ හෝරාව - විසිවෙනිදා අපායට 'ස' එතවද මාරයියෙ.

    නදී - නුවර කලාවිය ආවම බලන්න බැරියැ.

    නිසුපා - ඔව්.. මේ ට්කේ හැංගිලා හිටියෙ. msc එක වද දෙනවනේ.

    වෙනී - ඒක නේන්නම්.. කමක් නෑ අපි ආපහු හම්බවෙයිනේ ළඟදිම.

    ReplyDelete
  8. මම 'ස' ඉස්සෙල්ලම බැලුවේ, 70 ගණන් වල අග හෝ 80 ගණන් වල මුල. කව්රුත් ඉන්නවද රෙකොර්ඩ් එක කඩන්න? හෙහ්...හෙහ්...

    ReplyDelete
  9. ඒකනෙ කියන්නෙ... ඔබා අපිට ආඩම්බරයක්. ලොල්..

    ReplyDelete
  10. අඩේ මාත් ආසයි ඕක බලලා එන්න. වික්ටර් මහත්තයාගේ සයන්න බලන්න මාත් එනවා. :)

    ReplyDelete
  11. " ස " ප්‍රසංගය බලන්න මටත් තියෙන්නේ මාරම ආසාවක්.. ඊළග පාර ලංකාවට ගියාම වත් බලමු...

    ReplyDelete
  12. 'බ' බලල හෝ අහල තියෙන කව්රුවත් ඉන්නවද?

    ReplyDelete
  13. ඔබා අයියගෙ "බ" බලන්න තමයි අපි මේ සැදී පැහැදී ඉන්නෙ අප්‍රෙල් වෙනකන් වරෙංකො !

    ReplyDelete
  14. වෙනියා දීපු ප්‍රොමෝෂන් එක දැක්කා. පස්සෙ බලමු. පැණි දොඩම්ගෙ ප්‍රොෆයිල් එකේ කෙලින්ම විස්තරේ දාලා තියෙනවා නේ. හැංගි හොරා නෑ.
    henryblogwalker the Dude

    ReplyDelete
  15. සෑමා කැමතිම ගායකයෙකි..

    කැමතිම ගීතය - සද කැන් වැටිලා..

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.