Thursday, September 22, 2011

ඔන්න මාත් ගියා...


වෙන කොහේවත් නෙමේ ඕං..  මේ දවස්වල කවුරුත් යන.... ගිහින් ඇවිත් ෆොටෝ එකක් එක්ක විස්තරේ දාන... පොත් ප්‍රදර්ශණේ බලන්නම තමා.

දවල් දවසෙ ඉතින් කෝඩ් ලියන්න බග් හදන්න තියෙන හන්දා හවස් වෙලා තමයි යන්න හම්බවුණේ. 
ඊයෙ.. ඒ කියන්නෙ 20 වෙනිදා තමයි ගියෙ. ටක් ගාලා හතර දෙනෙක් සෙට් කරගත්තා.. ගියා.. 
ඇතුළට යන්න කලිනුත් හොඳ රසවත් සීන් එකක් වුණා. ඒකත් කියලම ඉමු.

ඔන්න අපේ තියෙන වාසනා බල මහිමය හින්දා බී එම් අයි සී එච් ගේට්ටුව ළඟට එනකොටම පොලිස් මාමෙක් ගැහුවෙ නැතෑ බෝඩ් එකක් පාක් එක ෆුල් කියල. 
ඉතින් මොකෑ කරන්නේ... රිංග ගන්න තැනක් හොය හොයා අපි වටේ යන්න පටන් ගත්තා. 
ඔන්න තියෙනවා වී අයි පී පාක්එක. ඉඩත් තිබේ. ඒත් මොනා කරන්නද අපි වැදගත් නෑලු නේ. 
තව ටිකක් යනකොට තියෙනවා සිරිමාවෝ එක පිටිපස්සෙම ගේට්ටුව. 
එතනත් ඉන්නවා පොලිස් මාමෙක්. 
එතකොටම අපිට ඉස්සරහින් ගිය කාර් එකත් ඒකෙන් දැම්මා. පොලිස් මාමත් මොකද්ද අහල ඇතුළට යන්න කිව්වා. 
මාත් එක්ක හිටිය අනික් එකා තමයි අසිතයා. මෑන් ටක් ගාල කිව්ව දාපන් දාපන් අවුලක් නෑ කියල. 
ඕං මං හිමීන් සැරේ රිංගෙව්වා. පොලිස් මාමත් අත දාල නතර කළා.

එයා කතා කරන්න කට අරිනකොටම අසිතයා කිව්වෙ නැතෑ මෙහෙම.

"ආ... අපි... තමයි දැන් අර කියල ගියෙ බඩුටිකක් ගේන්න...."..... "ටක් ගාල එනව කියල ගියෙ....."...... "දැන් චුට්ටකට ඉස්සෙල්ල......".... කියල සට සට ගාල දෙ තුන් පාරක් කිව්වා..

මාව නිකන් ෆුල් හොල්මන් වෙලා ගියා.. ඇයි යකෝ මූ අඩුගානෙ මටවත් කිව්වෙ නෑනෙ මෙහෙම කරමු කියල.
මම දත්මිටි කාගෙන හිටිය ඕනෙ මඟුලක් වෙච්චදෙන් කියල.

පොලිස් මාමටත් මුකුත් හිතාගන්න බැරිවෙන්න ඇති.. ඒ අතරෙ අපිත් ෂේප් එකේ ඇතුළෙ.

බැලින්නං ඒක තමයි ස්ටෝල් කරන කට්ටියගෙ පාර්ක් එක.
ඒ අස්සෙ අසියා උගෙ තියරි එක කියනවා.
එතන පොලිස් මාමල කීප දෙනෙක් ඉන්න හන්දා එහෙම කිව්වම එයාට හරියටම හිතාගන්න බෑලු. වෙන එක්කෙනෙකුට කියල යන්න ඇති වගේ හිතෙනවලු. අනික ඒ වගේ හෙන කන්ෆිඩන්ස් පිට කිව්වම එයාට මේ කියන එක විශ්වාස නොකර ඉන්න බෑලු... ඒ වගේ හෙන ගොඩක් දේවල්..

ඔන්න පොරවල්. මට නම් හිතාගන්න බෑ ඔය ටික ඔය විනාඩියට හිතල කියන්න. 

හැබැයි අසියා හිටියෙ නැත්නම් මම තාමත් වටේ යනවා.. හික්..

ඔන්න ඒ සීන් එක ඉවරවෙලා අපි ඇතුළට ගියා.... ටිකටුන් නැතුවම.. හික්... ස්ටෝල් කරන එවුන්ගෙන් ටිකට් ගන්නවායැ.

අපිත් එක්ක ආපු අනිත් දෙන්නා නියමිත පිළිවෙළට ඉස්සරහින් ඇවිත්. ටිකට් එහෙම අරං. අපි ගාවට ආවා. ටිකට් දෙකක් අරන් වරෙං කියනකොටත් උන් දෙන්නා ඇතුළට ඇවිල්ලා. මොනා කරන්නද රු10 නේ කියල ටිකට් වැඩෙත් අමතක කරල දැම්මා.

ඊළඟ ප්‍රධාන රාජකාරිය මොකද්ද...

පොත් ගන්න එකද??

මොන පිස්සුද ...පොත් ඉවරවෙන එකක් නෑනෙ ඔය ටිකට. ඒවගේද කෑම එහෙම ඉවර වුණොත්. හික්...
එහෙම හිතපු අපි පැයකට ආසන්න කාලයක් ඒ වැඩේටත් ගත කළා. 

දැන් වෙලාව හතට විතර ඇති. ඒත් සෙනඟ එච්චරම අඩු පාටක් පේන්න තිබුණෙත් නෑ. මුලින්ම අපි ගියෙ ලිපි ද්‍රව්‍ය තිබුණ කුටියකට. හැම තැනම වගේ අඩුතරමින් 20% ක වකත් ඩිස්කවුන්ට් තියෙනවා. 

ලොබි එකෙන් ඇතුළට යන තැනම ඔයාලට ඕනෙ නම් තමන්ගෙ රූපෙ චිත්‍රයට නංවාගන්න පුළුවන් රු 300 ක් වගේ මුදලක් දීල. 
නිකන් මිනිස්සු බය කරන්නෙ මොකටද කියල හිතල අපි එතනින් ෂේප් එකේ මාරු වුණා.

ඊට පස්සෙ ඔක්කොම වගේ කුටිවලට ගියා. ඒත් මම පොත් ගත්තෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ පොත් තිබුණු සරස ප්‍රකාශකයන්ගේ කුටියෙනුත් විජේසූරිය මහත්තයගෙ පොත් තිබුණු විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රෙයනුත් විතරයි. 

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොත් මම ආසම කරන බසකින් ශෛලියකින් ලියලා තියෙනවා. මම ගත්තු ඔක්කෝම කෙටිකතා සංග්‍රහයන්.

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ හැම පොතකටම 30% ක අඩු කිරීමක් ලබාදෙනවා. විජේසූරිය මහත්තයත් හිටියා. ඒත් කතා කරන්න නම් යන්න වුණේ නෑ.

රෑ නවයට කිට්ටු වෙනකන් අනිත් කුටිවලත් ඇවිද්දා. බොහොමයක් දෙනා පොත් මිලදී ගන්නවා. රෑ වුණා කියල වෙනසක් නෑ.

කියන්න අමතක වුණා... ඒ අතරෙ ලොබි එකේ සංගීත සාජ්ජෙත් ජයටම යනවා.

මේ තියෙන්නෙ මං ගත්තු පොත්පත් ටික. (හැමෝම දාන එකේ මාත් ඒ විදියටම තියල ෆොටෝ එකක් ගත්තා.. හික්....)



විශේෂයෙන් පොත් සාප්පුවකට ගිහින් පොතක් පතක් ගැනෙන්නෙ නැති කාලෙක සහ කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරන ඊ බුක් වලටම යොමු වෙච්ච කාලෙක... පොතක් පතක් ගැනෙන්නේ මේ ප්‍රදර්ශණය හින්දම තමයි. 

දැන් ඉතින් ටික දවසක් යනකල් වැඩ තියෙනවා....  හැබැයි ආපහු වතාවත් සති අන්තයෙදි යන්නත් හිතේ තියෙනවා.


17 comments:

  1. අරන් තියන පොත් ටික නම් හොඳයි. 'කලු නික' කියන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොතක් නේද?

    ඔය පොත් ප්‍රදර්ශනයට ගිය ඔක්කොම අය එක්ක මට නම් හරිම ඊර්ෂ්‍යාවයි...:D

    ReplyDelete
  2. මමත් ඔය ටයිම් එකේ ඇතුලෙ තමයි හිටියෙ ! ඒත් ඉන්න සෙනග අස්සෙ කොහෙ කියල හොයන්නද?

    ReplyDelete
  3. ඕං බලහං... මම 'ඔන්න අපිත් ගියා...' කියලා පෝස්ට් එක දාලා, පැයක් යනකොට උඹ දාලනේ 'ඔන්න මමත් ගියා' කියලා...

    කොහොමහරි කමක් නෑ, හොඳ පොත් ටිකක් අරන් තියෙන්නේ... මගේ පොත් ටික කියවලා ඉවරවුනාම (එහෙම කරගන්න පුලුවන් වුනොත්) උඹෙන් ඉල්ලගන්න පුලුවන් නෙව :)

    ReplyDelete
  4. නියම පොත් සෙට් එකක් අරන් තියෙන්නේ.
    අර අසිතයා කොහොමද අච්චර හොදට බොරු කියන්නේ. යකෝ හිටිවනම බොරු කියන එකෙක් නේ. හික්ස්:)

    ReplyDelete
  5. හෙහෙ බලද්දි මේ ටිකේම වෙනී අංකල් ඉන්නෙ පොත් ප්‍රදර්ශනේ.
    මම් කීප දෙනෙක්ගෙම බ්ලොග් වල දැක්කා එයාල ගිය වෙලවට වෙනී අංකලුත් හිටියා කියල කොමෙන්ට් දාලා තිබ්බ.

    අසිත තමා අසිත!!

    ReplyDelete
  6. me poth walin hugakma hoda Sarath Wijesuriya mahathmaya ge poth...wena stall wala ewa ganan wadi,Wijesuriya grantha kendrayen gannakota loku discount 1 denawa...
    apith hema serema yanawa...hugak salli genichche nethi unata hugak poth genawa...api gaththa poth wala print karala tbuna watinakama Rs.4000 ta kittui.ath aran giye Rs.2000i.
    me book fair 1 watinakama nam hugak ihalai...

    ReplyDelete
  7. Podi Kumarihami - ඔව් ඔව්.. හැබැයි තාම කියවන්න බැරිවුණා. හිහී..ඊර්ෂ්‍යා වෙන්න එපා දරුවා!!

    Weni - ෂිහ් අපරාදෙ... ඒත් ඉතින් දැක්කද දන්නෙත් නෑ.. අඳුරගන්නෙ කොහොමද.

    ගීතක - අනිවා.. මාත් හිතාගෙන ඉන්නෙ එහෙමම තමා.

    මධුරංග - මටත් හිතාගන්න බෑ. ඕකා කොහොමද එකපාරටම ඔහොම කිව්වෙ කියල.

    නදී - ඒක තමා...වෙනී ස්ටෝල් එකක්වත් දාලද දන්නෙ නැහැ.

    Ano - ඇත්ත ඇත්ත...

    ReplyDelete
  8. ආහ්....මෙයත් ගිහින් නේ....

    ReplyDelete
  9. මෙච්චර කල් වේලි වේලි හිටිය වෙනියට, ස්ටෝල් එකක කෙල්ලෙක් සෙට් වෙලා

    ReplyDelete
  10. ගිය හැමෝම පෝස්ට් දාදදි අපිට තමයි ඉරිසියා...

    ReplyDelete
  11. @ නදී - මගෙ ඔෆිස් එක තියෙන්නෙ සිරිමාවෝ හෝල් එක තියෙන නම්බර් 2 ගේට් එකෙන් පාරෙ අනිත් පැත්තෙ..සහ මම වැඩ කරන්නෙ පුස්තකාලෙ..ඔය කියන කාරනා දෙක නිසාම මම හැම වෙලාවෙම පොත් ප්‍රදර්ශනේට යනවා. මොකද අපි ගන්න පොත් සැරින් සැරේ තමයි කියන්නෙ..අදත් 22 ගියාහවස 2 ඉඳන් 6 වෙනකන් ඩික්ශනරි වගයක් ගත්තා..

    ReplyDelete
  12. අදමයි මේ පැත්තෙ ආවෙ . . . .අපිත් ඔය ප්‍රදර්ශනේට ගියා . . . . . විස්තර මොකුත් කියන්නෙ නෑ . . . ලියන්නගෙ බ්ලොගේ තියනව කතා ටික ඔක්කොම . . . .

    ReplyDelete
  13. නිසුපා - ගිහින් ගිහින්..
    Observer - ඔන්න වෙනියෝ..කෝ මේකා..
    Dinesh - ගණන් ගන්න එපා ඉතින්.
    ඕනයා - තැංකූ තැංකූ ආවට.

    ReplyDelete
  14. අම්මෝ මේ ප්‍රදර්ශනේ ගැන කොච්චර කතා නං කියෙව්වද?
    යන්න ඕනෑ ඉබන අවුරුද්දේවත්!

    ReplyDelete
  15. ටිකක් පරක්කු උනත් දැක්කම comment එකක් දාන්න හිතුන.
    මම ගියෙ අන්තිම දවසට කලින් දවසේ, සිරිමාවෝ එකට විතරයි ගියෙ. මොකද එකේනේ තිබ්බේ ඔක්කොම හොඳ කඩවල්.
    අනික් එව්වගේ තිබ්බේ අනන් මනං නෙ. පැය දෙකට ගත්ත පොත් 30 ක් විතර. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් මාත් ගත්ත.
    සුදු ගෝනා, සුදු වැද්ද හෙව්වා හම්බුනේ නෑ. :(
    අනික තමා අසියා කරපු වැඩේ. ඔය වගේම වැඩක් මටත් උනා කාලෙකට ඉස්සර. අවුරුදු 3 කට විතර කලින් මමයි යාලුවෝ දෙන්නෙකුයි ගියා Army exhibition එක බලන්න. කාර් එකක ගියෙ.
    හැමෝම දන්නවා නෙ ඔතන තියන parking ප්‍රශ්නේ. එදත් එහෙම තමා. අපි DS එක ගාවින් ඇතුලට දාල එනකොට STF එකෙන් නැවැත්තුව. එතන හිටපු එක යාලුවෙක්ගෙ තාත්ත වැඩ කලේ BMICH එකේ තිබ්බ සාම ලේකම් කාර්යාලේ. මේ යකා uncle ගේ pass එක පෙන්නලා කිව්වා අපිට ඇතුලටම යන්න ඕනේ කියල. කාගේද මේ pass එක කියල STF අය්යා අහපි. මෙන්න බොලේ අරු මගේ දිහා බලල මාව පෙන්නුවා මෙයාගේ තමා pass එක කියල. මට හීන් දාඩිය දැම්ම. ඇයි ඉතින් කොච්චර උනත් STF නෙ. බැරි වෙලා හරි ID එක ඉල්ලුව නම් මම නෙ ගස් යන්නේ. පූරුවේ පිනකට මොනවත් අවුලක් උනේ නෑ. ආයේ නම් මම ඌත් එක්ක BMICH එක පළාතේ ගියෙ නෑ.

    ReplyDelete
  16. හික්ස්. අලුත් මෙතඩ් එකක් ඉගෙනගත්තා. ඉතිං ඔය ගත්ත පොත් කියවලා ඇති මම මේ කමෙන්ට් එක දානකොට, ආ පැණි දොඩම්?
    henryblogwalker the Dude

    ReplyDelete
  17. අසියා සිරා ඩයල් එකක් නේ බොල..

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.