Tuesday, September 6, 2011

ෂුවර් ද? සහ තවත් කතාවක්

අනිත් කතාව ඉස්සෙල්ලම

මේකෙත් කතා නායකයා මම වැඩකරන තැන එකෙක්ම තමයි. ඉන්නේ නාවල හන්දියෙමයි. කරීනා එකක් තමා තියෙන්නෙ. (ඔෆිස් එකේ අයට හිතාගන්නයි ඔය ටික දැම්මෙ)

මේකාගේ අයිය ඉන්නෙ ලංකාවෙ නෙමේ. පහුගිය දවසක නිවාඩුවක‍ට තමයි ගෙදර ඇවිල්ලා තියෙන්නෙ.
නිවාඩු දවසක ඇඟටත් හොඳයිනෙ කියල මෙයා හිතුවලු වත්තේ තියෙන තණකොළ ටික ගාණට කාල දාන්න. අහ් සොරි.... සොරි ... කාල දාන්න නෙමේ කපල දාන්න.. 
ඇඟට හොඳයි කිව්වම මතක් වුණේ.. මේකා මේ දවසක් බැට්ම්න්ටන් ගහල හරි පීනල හරි ඒක මතක් කර කර මාස දෙකක් තුනක් හොඳට තෙල් කෑම කන ජාතියෙ පොරක් හොඳද.

ඉතින් මූ යන්තරෙත් අරන් තණකොළ කපනවලු.... 
මේ අතරෙදි මේක ඇහිල අයිය එළියට ඇවිල්ල තියෙනවා. 
අයියව අහල පහල මිනිස්සු වැඩිය දැකල නෑ.. කොටින්ම කිව්වොත් අයිය කෙනෙක් ඉන්නවද කියලවත් දන්නෙ නෑලු. 

ඉතින් අයියටත් හිතිල තියෙනවා වැඩේට පොඩ්ඩක් උදව් වෙන්න. 
මෑන්ස් යන්තරෙත් ඉල්ලගෙන ඔන්න දැන් වැඩේ කරනවලු. 
අපේ එකත් ටික වෙලාවක් ඉඳල ගේ පැත්තට ගිහින් තියෙනවා.

මේ වෙලාවෙ අයිය වැඩේ පොඩ්ඩක් නතර කරල මොනවද බලල තියෙනවා.

දන්නවද මල්ලි කරල තියෙන වැඩේ.. 

මේකා මහ හයියෙන් වටේටම ඇහෙන්න කෑ ගැහුවලු මෙන්න මෙහෙම.

"ඕයි ඔය මොකද කරන්නෙ"......."තමුසෙට සල්ලි දෙන්නෙ වැඩ කරන්න මිසක් නිකන් ඉන්න නෙමේ"....... "වැඩක් කරන්න ආව නම් වෙන වෙන විකාර නොකර ඒක කරන්න පුරුදු වෙනවා".... වගේ අරවද මේවද ගොඩක්..

අහල පහල යන මිනිස්සුත් බලනවලු මේ මොකද කියල. 
ඔක්කොම කට්ටිය ඇත්තටම හිතල තියෙන්නෙ අයිය වැඩ කරන්න ආපු මනුස්සයෙක් කියලයි. 
අයියටත් හිතා ගන්න බැරිවුණාලු මොකද්ද වෙන්න යන්නෙ කියල. ලැජ්ජාවටයි කේන්තියයි හින්ද මුකුත් කතා කරගන්න බැරුව ගල් වෙලා වගේ හිටියලු ටික වෙලාවක්.

ඔන්න ඔහොම මල්ලිල ලැබෙන්න නම් පෙර පින් කරල තියෙන්න ඕනෙ මං හිතන්නෙ.

ඔය කතාව අපිත් එක්ක කිවුවෙත් එයාම තමයි. අයියගෙන් මූට කිසිම කරදරයක් වුණේ නෑලු හො‍‍‍‍ඳද...

ඒ හරිය අහගන්න ඉතින් අයියවම හම්බවෙන්න ඕනෙ.

ෂුවර් ද?

මේක වෙලා තියෙන්නෙ මගෙ යාළුවෙකුගෙත් යාළුවෙකුට. ළඟදි දවසක් කතා කර කර ඉන්න වෙලාවක තමයි කිව්වෙ. ඕනෙ එකක් කියල ලියල දාන්න හිතුවා.

සිද්ධිය වෙලා තියෙන්නෙ දැනට අවුරුදු 6-7 කට කලින්. කැම්පස් යන්න ඔන්න මෙන්න කියල ඉන්නකොටයි. 
දන්නවනෙ ඔය කැම්පස් පටන් ගන්න කලින් තියෙනවා අපේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරන්න පාඨමාලාවක්... හික්..(ඕකෙන් දැනුම වර්ධනය කරගත්ත එකෙක් ඉන්නවනම් අත උස්සන්න බලන්න)
 
සාමාන්‍යයෙන් ඕක මාස 4 ක් විතර තමා තියෙන්න.  ඊට පස්සෙ ටික දවසකින් තමා ඇත්තටම කෝස් එක පටන් ගන්නෙ. ඉතින් ඔය ද‍වස් කාලසටහන් එහෙම හොයාගන්න වෙන ක්‍රමයක් නෑ කැම්පස් එකට කෝල් කරලම බලන්න වෙනවා. 

ඉතින් මේ කියන එකාත් හොඳට ඒ ලෙවල් එහෙම පාස්වෙලා ෆුල් රෙඩි පිට ඉන්නවලු කැම්පස් යන්න. ඔහොම ඉන්නකොට මේකා ටත් ඕනෙ වුණා ඔය කාල සටහන් දවස් එහෙම හරියටම දැනගන්න.
ආයෙ මොනවද මූ කෙලින්ම කැම්පස් එකට කෝල් එකක් අරගෙන දිගට හරහට විස්තර එහෙම අහනවලු. ඉන්ටෙන්සිව් කෝස් එක පටන් ගන්නෙ කවද්ද. මොනවද බලාගන්න ඕනෙ. අනං මනං ඔක්කොම.

මේ ඔක්කොම අහල අන්තිමට ඇත්තටම සෙමෙස්ටර් එක පටන් ගන්නෙ කවද්ද කියලත් අහල.

ඕකට උත්තරේ දුන්න ගමන් මුගෙ තියෙන පුරුද්දටද කොහෙද එකපාරටම කියවිලා තියෙනවා ෂුවර් ද?” කියල. (ඇත්තටම ඕක අහන්න නොහිතුණා නම් තමයි පුදුමේ)

ඇහුවට පස්සෙ තමයි මූට මීටර් වෙලා තියෙන්නෙ කියවිච්ච වචනෙ. ඒ වෙනකොට එහා පැත්තෙන් ඇහෙනවලු දිගට හරහට බණිනවා... තමුසෙ දන්නවද මේ කතාකරන්නෙ කවුද කියල ත් අහනවලු. 

ෂුවර් එකටම මේකා එක්කෝ නම්බර් එක හරියට බලන්නෙ නැතුව ඩීන් ට වත් ගත්තද දන්නෙ නෑ.
ඇත්තටම මූට ෂුවර්ද කියල කියවිලා තියෙන්නෙ වැරදි අදහසකින් නෙමේ. ඇත්තටම ඉතින් කැම්පස් පටන්ගන්න දවස ෂුවර් කරගන්නයි එහෙම අහල තියෙන්නේ. ඒත් ඉතින් වැරදි හදන්න පුළුවන් වෙලාවක්යැ ඕක. 

මේකා හිමින් සීරුවේ ෆෝන් එක තියල මාරුවෙලා තියෙනවා. 
ඔන්න බලන්න කොල්ලන්ටත් වෙන දේවල්. 
කතා දෙකම ඉවරයි.

14 comments:

  1. කතා දෙකම නියමයි...එහෙම මල්ලිලා ලබන්න වාසනා කරල තියෙන්න ඕනි.. අපෙ එකෙක් හිටිය ඌ අහන්නෙ "ඇත්තමද?" කියලයි..පහු වෙනකොට අපි ඕකෙ ඇ යන්න වෙනුවට වෙන අකුරක් දමල කාඩ් එක ගැහුවා..

    ReplyDelete
  2. අනේ අසන අයියට මොනා හිතෙන්න ඇත්ද... ඊට පස්සේ පොර රට ගිහිං ආයෙම ලංකාවට ආවද?

    ReplyDelete
  3. ඔය කියන නාවල හාදයා නේද පහුගිය දවස්වල නිකං දෙන Pizza තොගයක් කොටාබාලා, ඒක උඩට කොත්තුවකුත් කාලා බඩ කුණුකරගෙන හිටියේ???

    ReplyDelete
  4. ඔය කියන හාදයට පූසන්ව කන සුනඛයෙක් ඉන්නවද?

    ReplyDelete
  5. මාර මල්ලියෙක්නේ බොලේ සුවර් එකටම අය්ය රිටර්න් එක දෙන්නැති.එයා ඔයාලට කිව්වෙ නැතුවට :).

    ReplyDelete
  6. පලවෙනි කතාවේ මල්ලි නම් මාරම කොල්ලෙක්

    දෙනේ කතාවෙ දනුම වර්ධනය කරපු එකෙක් අත උස්සන්න කිව්ව හන්දා කලින්ම උස්සන් හිටපු අත පාත දැම්මා

    ReplyDelete
  7. අපරාදේ කියන්න බෑ..පිං කරලා ලබන්න ඕනේ මල්ලියෙක්.....

    අර කිව්වත් වගේ ඒකෙන් ඇත්තටම අපට වෙන සෙතේ මොකද්ද ඇත්තට...?

    ReplyDelete
  8. මරු මල්ලි.අයියට මොනවා හිතුනද දන්නෙ නෑ.

    අපොයි අර විකාර ඉංග්‍රිසි කෝස් එක.කිසිම වැඩක් නෑ ඒක නම්.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Weni - අනිවා අනිවා

    prasanna86k - හි හී.. තාම නං ර‍ට ඉන්නෙ...

    ගීතක - හරියට හරි අයියෙ.. ඕකම තමා.

    Hari Hina - ඉන්නවනෙ බං. අර "ජූනෝ" ව කාපු එකා.. හික්ස්.

    නදී - ඔවි ඔවි ඒක ඉතින් මෙයාගෙන් අහගන්න බෑනෙ.

    මධුරංග - මල්ලිගෙ වැඩ තියෙනවා තව සෑහෙන්න දාන්න..

    දිල් ,නිසුපා - හි හී.. සහතික ඇත්ත.

    ReplyDelete
  11. පවු බං අර අසරණ අයියා .

    අපි තින් කැපස් ගියේ නෑ නෙව අත උස්සන බෑ .. ඒත් ෂුවර්ද කියලා අහන ලෙඩේ නම් කාලයක් මටත් තිබුණා ..

    ReplyDelete
  12. හිස් අහස - ඔව් බං ඔය සමහරු ඉන්නෙ හොඳටම ඇහුණත් පුරුද්දට "ඇහ්" ගාන එවුන්.

    ReplyDelete
  13. hoda welawata apey aiyyata sinhala kiwawanna horai!!! :)

    ReplyDelete
  14. අපේ එකෙකුත් ඉන්නවා ඔක්කොම අහගෙන ඉදලා අන්තිමට "ඇත්තද" කියල අහන. මට මල පනිනවා බං...

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.