Monday, August 15, 2011

ඉස්කෝලෙ කාලේ.



මගේ නම් ජීවිතේ හොඳම කාලෙ තමයි ඉස්කෝලෙ ගිය දවස්.... ඒ වගේම මෙතන ඉන්න 99% කටමත් එහෙමයි කියල මම දන්නවා. ඒ කාලෙනුත් ඒ ලෙවල් පන්තියට එන්න කලින් කාලේ තමයි උපරිමයෙන් පිස්සු කෙළපු කාලේ. මොනාව කළත් හැම අවුරුද්දෙම ඉස්කෝලෙ රිසල්ට්ස් බැලුවම ඒ ලෙවල් කරන්නෙ බැරිවෙන්නෙ එකෙකුට නැත්නම් දෙන්නෙකුට විතරයි. ඒ අතින් ගත්තම බය වෙන්න කිසිම හේතුවක් තිබුණෙත් නැහැ. අනික ඕ ලෙවල් වෙනකන් තියෙන විෂය නිර්දේශය මොනවගේද කියල හැමෝම දන්නවනෙ.

ඔය කාලේ අපේ පාසල් පැමිණීමත් උපරිමයි.  ඉස්කෝලෙ ඇරෙන්න විනාඩියක් තියා හරි අනිවා යනවමයි. 
ඒ දවස්වල අපිට ප්‍රයිවට් බස් පෙන්නන්න බැහැ. 
පැය ගාණක් ගියත් සීටීබී එකක් එනකන් හෙල්ලෙන්නෙ නැහැ. 
උදේ පාන්දර ගෙදරින් එළියට බැස්සට සමහර දවස්වල පැය ගණන් බස් හෝල්ට් එකේ. උදේට ඩිපෝවෙන් ස්කූල් බස් එකක් දාලා තිබුණට එකදිගට දවස් 3ක් බස් එක තිබුණොත්  හතරවෙනි දවස වෙනකොට අපේ හෝල්ට් එකෙන් නඟින්න බැරි තරමට කට්ටිය බස් එකට පුරුදු වෙනවා. 
අයියල මල්ලිල ඔක්කොම සෙට්වෙලා බොරුකියාගෙන ඉන්නකොට වෙලාව යනව තේරෙන්නෙත් නැහැ.
හවසට එනකොටත් එසේමැයි. 
බස් ස්ටෑන්ඩ් එකේ වරු ගණන් ඉඳල ටයිම් කීපර් අංකල්ලට මළ ඇණයක් වෙලා බස් එකක් දාගෙන එනව මිසක් කොච්චර ප්‍රයිවට් බස් තිබ්බත් ඇහැක් ඇරල බලන්නෙ නැහැ.

පරක්කුවෙලා ඉස්කෝලෙට ගියත් එච්චරම ප්‍රශ්ණයක් වුණේ නැහැ. මොකද බස්එක පුරෝලම කට්ටිය ඉන්නවානේ. විස්සක් තිහක් විතර 9 ට විතර ගියාම ඉතින් නිදහසට කරුණු ඕනෙතරම්. ඔය මම කියන්නෙ 10 වසරට කලින් කාලෙ වගේ. 
ඒ දවස්වල ලැජ්ජාව කියන වචනේ තිබුණෙත් නැහැ. ගුටිකන එක දණගහගෙන ඉන්න එක නිකන් බත් කනවා වගේ වැඩක්.

ගුටි කිව්වම මතක් වුණේ මොකක්හරි මගුලක් කරල සතියකට  තුන් හතර වතාවක් කන එක ෂෙඩියුල් කරලමයි තිබ්බේ. ඒ පන්තිවලදි පන්තිභාර ටීටර්ලට අංශ භාර මැඩම්ට වෙනම ව්‍යායාම එහෙම ඕනිකරල තියෙන්න නැතුවඇති.

ඔය දවස්වල සෞන්දර්ය විෂය විදියට අපි හැමෝම කළේ චිත්‍ර. පන්තියෙ 45 ක් ඉන්නවනම් සංගීත නැටුම් කළේ 10 ක් 15ක් විතර. 
ඒ කාලෙ සෞන්දර්ය වෙලාවට තවත් පංතියක් එක්ක තමයි ටයිම් ටේබල් එක හදල තිබුණෙ. එහෙම බැලුවාම චිත්‍ර කරන්න ඉන්නව හැටක් විතර. ඉන්නෙත් ඔක්කොම නොම්මර එකේ පොරවල්. 
ඉතින් මේ ඔක්කොම එක පන්ති කාමරේකට ගාල් කරන්න බෑනෙ. 30 ක් විතර එකක ඉතුරු සෙට්එක අනිත් පන්තියෙ. (පන්ති කාමර බිත්තියෙන් වෙන් කරලනෙ තිබ්බෙ) හැබැයි එක සර් කෙනෙක් තමා උගන්නන්නෙ. දැන් කට්ටියට සීන් එක මැවිල පේන්න ඕනෙ.

සමහරුන්ට  මතක ඇති ඔය කාලෙ තිබුණ අමුතු සෙල්ලමක්. 
මෙහෙමයි.... කාබන් පෑනෙ ඇතුළෙ බටේ ගලෝල අරන් රවුමක් වගේ ජොයින්ට් කරල ගන්නවා. ඊට පස්සෙ 6-7 ක් සෙට්වෙනවා. 
ගේම් එක මෙහෙමයි..... ඔය අවුම අල්ලෙ තියල උඩ දාල පිටි අල්ල උඩට දාගන්න ඕනෙ. 
ඊට පස්සෙ වට්ටන්නෙ නැතුව ඇඟිල්ලක් ඇතුළට දාගෙන ටක් ගාල ඩෙස් එක උඩට දානවා. මාපටැඟිල්ලට ඉස්සෙල්ලම දාගත්ත එකා රජ. මැදඟිල්ල ඇමති.. තව එකක් වධකයා...අන්තිමට දාගන්න බැරුව ඉතුරුවෙන එකා තමා වැරදිකාරයා... ඒවගේ.

රජ තමයි දඬුවම් නියම කරන්නෙ.
ඒ වගේම පස්සෙ පස්සෙ සෑහෙන දරුණු දඬුවමුත් ඕකෙ තිබ්බ ඕං. 
රජ හරි වදකය හරි විදියට පොඩි හරි තරහකාරයෙක් සෙට්වුනොත් ඉතින් බඩුම තමා.

දැන් අර චිත්‍ර පංතියෙ අපි සෙ‍ට්එක තමා සර් නැතුව දෙවෙනි පන්තිකාමරේ හිටියෙ. ආයෙ ඉතින් මොනවද චිත්‍රනම් ඕනෙවෙලාවක ඇඳගන්න බැරුවයැ කියල අපි සෙට්වෙලා මහ හයියෙන් අර සෙල්ලම. 
ඔන්න දැන් ඉතින් එක වටයක් එහෙම ඉවරවෙලා දඬුවම් දෙන වෙලාව. 
ටිකක් දරුණු දඬුවමක් තමයි නියමවෙලා තිබුණෙත්. වදකය නැඟිටල ඇවිල්ල වැඩේ පටන්ගන්න හැදුවා විතරමයි......... (වටේ එවුන්ගෙ චියර් එක ඇහෙනවනෙ)

පන්තිකාමරේ දොර ගාව මාර දිව්‍යපුත්‍රයා වගේ සර්ර්....

කොහොමහරි සර්ට කේන්තිය වැඩිකමට කතා කරගන්නත් බැහැ. වචන පිටවෙන්නෙත් නැහැ. මොනා කරන්නද අපිත් ඉතින් මොන දේ වෙන්නෙත් මිනිස්සුන්ටනේ කියල ලෑස්තිවෙලයි හිටියේ.

ඒ දවස්වල අළුතෙන් හදන බිල්ඩින් එකක තමා පන්ති තිබ්බේ. ඕකෙ ජනෙල්වල වීදුරු දාන වගේ වැඩ තමා ඉතුරුවෙලා තිබුණෙ. වීදුරුව ජනේලෙට තියල ඇණ ගහන්න පාවිච්චි කරනවනෙ හරි හතරැස් දිග පටි. ඔන්න ඔය පටි වගයක් අපේ වාසනාවට සර්ගෙ අත ළඟම...

ආයෙ මොනාද මේ ටික ලියනකොටත් මට දැනෙනවා දැනෙනවා වගේ කාපු පාරවල් වල සැර. කොහොමහරි පටි කැඩිල යනකම්ම සර්ගෙ හිතේ කේන්තිය නිවෙනකම්ම ගැහුවා. අපිත් ඉතින් පුරුෂ ධෛර්යය හිතට අරන් දත්මිටි කාගෙන හිටියා.

ඔය කිව්වෙ ඉතින් දහසකුත් එකක් ගුටිකෑම් වලින් මගේ ප්‍රියතම කෑම තමයි.

හැබැයි ඉතින් අසාමාන්‍ය ළමයෙක් නෙමේ නම් ඉස්කෝලෙ කාලෙ ඔයවගේ වැඩ නොකරපු එකෙක් හොයාගන්න අමාරුයි. හිටියොත් එක්කො ඒ ලෙඩෙක් නැත්නම් මෙලෝ රහකට නැති එකෙක්. ඒ කාලෙ කළේ නැත්නම් නෑ... ම තමා. මොකෝ දැන් කරන්නයැ. 

පින්තූරෙ හොරකම් කළේ මෙතනින්. http://www.clipartof.com/portfolio/toonaday/trouble

16 comments:

  1. මටත් මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා. ඒ කාලේ ඇත්තටම මාර සුන්දර කාලයක්.
    අර කිව්වත් වගේ මාත් ඉස්සර යන්නෙම සීටීබී බස් වල. මොකද ඉතින් සීසන් තියෙනවනේ. සමහර දාට උදේ එනකොට පරක්කුවෙලා ප්‍රින්සිපල්ගෙන් ගුටිත් හිටන් කනවා !!!!!

    ReplyDelete
  2. මල්ලි, මේ කතාව කියවනකොට මටත් මතක් වෙනවා චිත්‍ර පංතියෙදිම අපිටත් මේ වගේම කන්න වෙච්ච හැටි! හැබැයි එදා වැරදිකාරයා හොයාගන්න බැරිව මුලු පංතියම කොහු මිටකින් හොඳට කෑවා, ඇවිදගන්නත් අමාරු උනා කකුල් වලට වැදිච්ච පාර නිසා... (මේ කාලෙ නම් සර්ට නඩු වැටෙන්නත් පුලුවන්)

    මොනව උනත් ඒ කාලෙ සුන්දරයි!!! ආපහු යන්න බැරි එක දුකයි!

    ReplyDelete
  3. අලංකාර කතාවක්..අපිත් වෙන අයගෙ දේවල්වලට සැපට කාල තියනව..මගේම වැරැද්දකට නම් එකපාරක් දෙපාරක් විතරයි තැලිල තියෙන්නෙ...

    ReplyDelete
  4. ඉස්කෝල කතා නම් එමටයි.අනේ එහෙමත් කාලයක්.හෑබෑට ගුටි නම් කාලා නෑ.ඇට්ටරකම කියල බැනුම් අහලා තියනව.පන්තියෙම කට්ටිය පොත් එහෙමත් ඔලුව උඩ තියන් ඉදලා තියනව පීරියඩ් එකක් ඉවර වෙනකම්ම.මට නම් හොදම කාලේ උනේ ඕ ලෙවල් කාලේ.අපි අර ගේම් එක කරලනෑ.අපි කරේ පෑන් ගහන එක,රොබින් මැරියන්,අර නයා කපාගන යන සෙල්ලම.ඒවගේ ඒවා තමයි කරේ.

    ReplyDelete
  5. අම්මට සිරි. පට්ට යකෝ!!! අඩේ මේකට තව කොයි තරම් දේවල් මග ඇරිලද? තව පෝස්ට් එකක් දාපන්. මේ කියන්නේ ත්‍රීවිල් එකේ එන අර කණ්නඩි දාන සෑර්ද? නැත්තම් අර ඩිංගක් මහත සෑර්ද? දැන්නම් ගුරුතුම්යන් දෙන්නෙකුත් ඉන්නව මයේ හිතේ..

    ReplyDelete
  6. අතීතය මතක් වෙද්දී පැණි දොඩම් වගේ රසයි නේද

    ReplyDelete
  7. මධුරංග - බලාගෙන ගියාම මල්ලි අපි තමයි සීටීබී එකට වැඩේ දීල තියෙන්නෙ.

    ගීතක - ඒක නම් මට හැමදාම හිතෙන දෙයක්. මොනා කරන්නද ආපහු ලබන ආත්මෙ තමා.

    indi - යාළු ෆිට් එකට කන එකේ තමා ඒ කාලෙ හොඳම ෆන් එක තිබුණෙ.

    නදී - ඔවි ඔව් මට හොඳට මතකයි ඔය නයි ගැහිල්ල. පිස්සුවක් වෙලා තිබුණෙ ඒ දවස්වල.

    ChAnDiKa - ඔව් බං දානවනම් තව කොච්චර දේවල් තියෙනවද. උඹට මතකද අර ත්‍රීවීල් එකේ කතාව. ඔව් ඔව් ටිකක් මහත රැවුල නැති සර්

    Bindi - ඒ ගැන නම් කතාකරල වැඩක් නෑ...

    ReplyDelete
  8. පිට පුරා පන්සලේ හාමුදුරුවන්ගෙන් කර්ට්න් පාරවල් කාපු ළමයි ගැන අහලා තියෙනවද...?

    අනේ ඉතිං ඒකත් අපේ විනය නිසා තමා...

    ReplyDelete
  9. අහ්... මචන් මේක මෙගා සීරීස් එකක් විදියට දාපන්... ඔව් අපේ පන්තියෙන් උ.පෙ. කලේ නැත්තෙ 2ක් විතර වගේ තමා...

    දාන්න කතා එමටයි නෙ!!

    මතකද "සීතා"ට ලේන්සුව එලපු එක? බෙලෙක්කෙ එක්ක ඔට්ටු තියපුව...
    ඇයි බං වලි ටික!!!

    එස්සෙට්රා...

    ReplyDelete
  10. මරුවට ලියලා..එල ..ඇත්තටම මැවිලා නම් පෙවුනා අපි කෙල්ලෝ නෙමේ ඉස්සර කොල්ලො ගුටිකන හැටි...කෙල්ලො අපි ගුටිකන්න කොච්චර ලැජ්ජද..එකට කොල්ලෝ උන්ට නම් අර කියනවා වගේ බත් කනවා වගේ වැඩක් ඔක..හෙහේ....

    ReplyDelete
  11. prasanna - අඩෝ බලපන් හාමුදුරුවො උඹලගෙ විනය හදන්න කොච්චර මහන්සි වෙලාද.

    'සුළඟ' - ඒවා ලියනවනම් බං ජොබ් එකෙන් අයින්වෙලා ෆුල් ටයිම් අවුරුද්දක්වත් ලියන්න වෙනවා. මැඩම්ගෙ ක්වාටස් එකේ කෙසෙල් කැන් කපපු එක නම් දාන්න හිතාගෙන ඉන්නේ.

    නිම්ශා - ඇත්තටම දැන් වුණත් ඉස්කෝලෙ යාළුවො සෙට් වුණාම කතාකරන්නෙ ඕවම තමා. නැතුව ගෙදරදි හදාගෙන එන්න දුන්න ගණන් ඔක්කොම හදපුහැටි කතාකරන්නයැ. හික්ස්...ඔව් ඔව් කෙල්ලො නම් ඉතින් ගුටිකන වැඩ කරන්නෙ නෑනෙ.

    ReplyDelete
  12. ඉස්කෝලේ යන කාලේ අබිලික් වැඩ නොකෙරුවානම් කවදා ආයේ ඒවා කරන්නද මමත් එහෙම හිතුවා ඒත් මට වැරදුනෙත් එතන .

    අද කාලේ ළමයින්ට නම් ගුටු බැට දෙන්න තහනම්ලු .. අනේ ඉතින් අපි ගුටි කාපු හැටි සිහිවෙද්දී අනාගත පරපුර ගැන බියක් දැනෙනවා ..

    ReplyDelete
  13. මුල්ම වතාවට මේ පැත්තේ ගොඩ වුනේ ..මමත් ඔය පෑන් සීන් එක දැකලා තියෙනවා කොරලා නෑ.එල කතාව..

    ReplyDelete
  14. ඔය පෑන් සෙල්ලම මමත් කලා මතකයි.. :D

    ReplyDelete
  15. සඳරුවා - උඹට කොහෙද බං වැරදිලා තියෙන්තෙ. ගුට් කෑවෙ නැත්නම් ඒ කාලෙන් ඇති වැඩක් නෑ බං.

    චතුර - තැංකූ තැංකූ.. මේ පැත්තෙ ආ‍වට..

    සෝරෝ - හි හී.. සෝරෝලත් පෑන් ගහල වගේ..

    ReplyDelete
  16. අපේ උසස්පෙළ පන්තියේ හිටපු සර් මට මාර වදයක් වෙලා හිටියා. ස්කූල් බස් එකේ ඇවිත් මරදානේ ධවලගිරි හෝටලෙන් කාලා, එතන පච හලලා, ස්කෝලට ඇවිත් පරක්කු පෝලිමේ ගිහින් පන්තියට යනකොට පීරියක් එකෙන් බාගයක්ම ගෙවිලා ඉවරයි. ඉතින් හැමදාම පරක්කු වෙන එකට ගුටි කන එක තමයි කලේ..

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.