මේ ඉතා වටිනා උපදෙස් මාලාව නිතර නිතර සිහි කිරීමෙන් හා මතක තබා ගැනීමෙන් මහඟු ප්‍රතිඵල අත්වේ.
රෝග ලක්ෂණය | දෝෂය | ගත යුතු ක්‍රියා මාර්ගය |
බීමෙන් කිසිදු රසයක් හෝ තෘප්තියක් නොලැබීම. කමිසයේ ඉදිරිපස තෙත්වීම. | බොන වේලාවේදී කට නිසි පරිදි විවෘත නොවීම හෝ මුහුණේ වැරදි තැන වීදුරුව තබාගෙන සිටීම | තවත් ෂොට් එකක් මිලදී ගන්න. කණ්නාඩියක් ඉදිරිපසට ගොස් තාක්ෂණය නිවැරදි වන තුරු සෑහෙන වාර (ෂොට්) ගණනත් පුරුදු වෙන්න. |
බීමෙන් කිසිදු රසයක් හෝ තෘප්තියක් නොලැබීම හා බියර් අසාමාන්‍ය ලෙස පැහැදිලි හා සුදුමැලි පාටකින් යුක්ත වීම. | වීදුරුව හිස්. | ඔබ සඳහා තවත් ෂොට් එකක් මිලදී ගන්න හැකි අයෙක් සොයා ගන්න. |
පාදවලට සිසිලසක් හා තෙත් ගතියක් දැනීම | ඔබ වීදුරුව වැරදි අතට අල්ලාගෙන සිටී | විදුරුවේ විවෘත කෙළවර සීලිම දෙසට වන සේ අල්ලා ගන්න. |
බා(ර්) එක බොඳවී පෙනීම | ඔබ බලා සිටින්නේ හිස් වීදුරුවේ පතුළ තුළිනි. | ඔබ සඳහා තවත් ෂොට් එකක් මිලදී ගන්න හැකි අයෙක් සොයා ගන්න. |
පාදවලට උණුසුමක් හා තෙත් ගතියක් දැනීම | ඔබගේ ස්වයං පාලනය ගිලිහී යාම. | ලඟම සිටින බල්ලා අසලට යන්න. ටික වෙලාවකින් බල්ලාගේ නොහැදියාව ගැන හිමිකරුට පැමිණිලි කරන්න. අලාභය ලෙස තව ෂොට් එකක් ඉල්ලා සිටින්න. |
බා(ර්) එක ගමන් කරයි. | ඔබව කිසිවකු ඔසවාගෙන යනු ලබයි. | ඔබව ඔසවාගෙන යනු ලබන්නේ තවත් බා(ර්) එකකට දැයි බලන්න. එසේ නොමැති බව හැඟී ගියහොත් පැහැරගෙන යන බවට හයියෙන් කෑ ගසන්න. |
ඔබ ඉදිරිපස බිත්තියේ සිවිලින් ෂීට් සවිකර ඇති බව හා ටියුබ් ලයිට් සවිකර ඇති බව පෙනෙයි. | ඔබ උඩුබැලි අතට බිම වැටී සිටී. | කාගේ හෝ උදව්වෙන් කෙලින් වෙන්න. වීදුරුවේ ඉතිරි තිබේ නම් වහා එය පානය කරන්න. නැතහොත් තව එකක් ගන්න. |
හැම දෙයක්ම බාගෙට අඳුරුවී ඇති බවක් පෙනේ. කටේ දත් අතර සිගරට් කොට පිරී ඇති බවක් හැඟේ. | ඔබ මුනින් අතට බිම වැටී සිටී. | උඩුබැලි අතට බිම වැටී සිටින ආකාරයටම අනුගමනය කරන්න. |
ඔබේ ඇඳ මෙතරම් තද සීතල හා තෙත ගතියෙන් යුක්ත ඇයි දැයි බැලීමට ඔබ නින්දෙන් ඇහැරෙයි. ඔබට නිදන කාමරයේ බිත්ති හෝ සීලිම නොපෙනෙයි. | ඔබ කාණුවේ රාත්‍රිය ගතකර ඇත. | වහා ඔරලෝසුව ගෙන කාණුව විවෘත කරන වේලාව දැයි බලන්න. එසේ නොමැති නම් සිටින ආකාරයෙන්ම වැතිරී සිටින්න. |
හැම දෙයක්ම එකවර අඳුරු වෙයි. | බා(ර්) එක වසනු ලබයි. | ඔබ සන්ත්‍රාසයට හා හදිසි තැති ගැනීමක් බලාපොරොත්තු වන්න. |
ප.ලි. දැන් කට්ටිය මේකට මාව එහෙම අල්ලන්නෙ නෑ. මේක මාර ලොජිකල් එකක් හින්දයි දාන්නෙ.
මැක්සා....මේක හරියට දුක-දුකට හේතුව-දුක නැතිකිරීමේ මාර්ගය වගේ.
ReplyDeleteමගුලයි.... අප්පේ මේ රෝග බර ගානක් මටත් හැදෙනවා... මං හිතුවේ ඒ බිව්වම හැටි කියලා... දැන්නේ තේරෙන්නේ....
ReplyDeleteඔන්න අපි නම් අල්ලගත්තේ නෑ.
ReplyDeleteවෙලාවට මම් බොන්නේ නෑ. ඒ නිසා අවුලක් නෑ.
ෆට්ට ෆට්ට
ReplyDeleteමල්ලිට හොඳට අත්දැකීම් තියෙනවා වගේ... හික්ස්!
රාජ් - හික්.. උඹට එහෙමද බං හිතුණෙ.
ReplyDeleteprasanna86k - නෑහ්... ඔය කියෙන්නේ බේත්.
මධුරංග - ඒ කියන්නේ මේකෙන් ඔයාට වැඩක් වෙන්නෙ නෑනේද. කමක්නෑ වෙන කාටහරි උදව්වක් දෙන්න බැරියැ
ගීතක - අයිය ඉතින් දන්නවනෙ ඇත්ත නැත්ත..
ගත යුතු ක්‍රියා මාර්ග සියල්ලම කට පාඩම් කරගෙන ..වැඩේට බැස්ස..ශොට් 2යි..ඒ ටික මතක් කර ගන්න තව සෑහෙන්න ගන්න වෙයි වගෙයි
ReplyDeleteපට්ටයි ඈ මාර අත් පොත මුද්‍රනය කරලා ලඟ තියාගන්න වටිනවා .. නියමයි මචං .
ReplyDeleteප.ලි:මේ සියලු උපදෙස් පැණිදොඩම් අත්දැකීම් මතබව සලකන්න.
ReplyDeleteඅනේ බොලව් මොකටැයි හැබෑට ඔයතරම් බොන්නේ ඈ?පොඩ් උන් කාලේ ඉදන් ඔහොම බිව්වම ශරීරකූඩුවක් ඉතුරු වෙයියැ?
Weni - හි හී අනිවා ඕව මතක් කර ගන්න එක තමයි වැඩේ.
ReplyDeleteහිස් අහස - පට්ටයි පට්ටයි.. බලපන් කොච්චර වැදගත් දේවල්ද කියල.
නදී - පිස්සුද නදී.. මේක මේ සියළු ලෝවැසි ජනතාව කෙරෙහි පතළ වූ මහා කරුණාවෙන් යුතුව අමාරුවෙන් ට්‍රාන්ස්ලේට් කර දමන ලද්දකි.
ඔක්කොම අප්සට් නම්.. පැඩි දොඩම් ගෙඩියක් දෙකට කපා යටි පතුලේ හා ඔලුවේ උලා අනුභව කරන්න :P
ReplyDeleteපැණි දොඩම් නෙමේ බොල බනියො දෙහි.. දෙහි...
ReplyDeleteWadi dura upades Janagen balaporoththu wanna
ReplyDeleteadoo patta patta...
ReplyDeleteනියම කතාව.ලොල්....අපිටනම් වැඩක් නෑ ඉතිං...:)))
ReplyDelete'සුළඟ' - එළ එළ..
ReplyDeleteNisupa - නෑ නෑ ඕනෙ වෙන්න ඉඩ තියෙනවා.. හි හී..
පරීක්ෂණ නිරීක්ෂණ තුලින් නිගමන වලට ඇවිල්ල තියන හැටි මාර ලස්සනයි...
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteසිරාවටම මම නම් තවම (තවම කිවට ඉස්සරහටත් එහෙම ඉන්න හිතාන ඉන්නවා) ඕවා පාවිච්චි කරලා නම් නැ... දැනට නම් වැඩක් නැ... බට් සිරාවටම ලියලා තියන්වා
ReplyDeleteජය වේවා
හපා & දේවා - තැංකූ තැංකූ.. මොනා වුනත් දැනගෙන ඉන්න එක හොඳයිනේ.
ReplyDeleteමට හැදෙන ලෙඩ මේකෙ නැත්තෙ ඇයි බං. ඊළඟ කොටසින්වත් දානවද..
ReplyDeleteනියමයි ... අපේ උන්ට පෙන්නන්න ඕනෙ වෙලාවක... ඒ තරමට ගති..
ඕව බං උඹේ වයසට හැදෙන ලෙඩ. කොහොමහරි ට්‍රයි එකක් දීපන් ඔය උඩ තියෙන ලෙඩක් හදාගන්න. හී හී...
ReplyDeleteඅත්දැකීමෙන් අඇසුරින් ලියවුනු අගනා ලියවිල්ලක් .. හික් හික් හික්
ReplyDeleteමරැ ලියවිල්ලක්නේ
ReplyDelete