Tuesday, August 2, 2011

අමතක වෙන්නෙ නැති දවස්.

ඒ 2008 අවුරුද්ද.... කැම්පස් එකේ 3 වෙනි වසර, අන්තිම මාස හය. හැමෝම ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනිං.

ට්‍රේනිං එකත් සෙට් වුණ තැන අනුව තමා, සමහර එවුන්ට රෑ එළි වෙනකන් වැඩ. සමහර එවුන්ට එච්චරම කට්ටක් නැහැ. කොහොමහරි මාස 6 වේගෙන් ඉවර වේගන යනවා. 

කලින් අපිට හිතුණ වෙලාවට ලෙක්චර්ස් ගිහින් හිතුණ දේ කරපු අපේ එවුන්ට මේක නිකන් හිරේ දැම්ම වගේ වැඩක්. ඒක හින්ද අපිට ඕනෙ වුණා කොහේ හරි ඇවිදලා කාලා බීලා එන්න. අන්තිමට අයිඩියා එක කියල කට්ටියටම දැම්ම මේල් එකක්. 
කට්ටිය කිව්වට හැමදාම සෙට්වෙන 10 -12 ක් විතර. 
ඔන්න තැන තීරණය කරන්නම රිප්ලයි 50 ක් විතර. නුවර එළිය, බදුල්ල, බණ්ඩාරවෙල, ගාල්ල, අනුරාධපුරේ, පොළොන්නරුව. හැබැයි කෝච්චි යන තැන් විතරයි.

ඇත්තටම ඔය කියපු හැම තැනක්ම අපි සෑහෙන්න වාර ගණනක් කවර් කරලයි තිබුණෙ. 
මේ අස්සෙ අපේ හේරා දැම්මා නියම අදහසක්... හේරගේ මල්ලි ඒ වෙනකොට හිටියෙ රජරට කැම්පස් එකේ. එහෙ ගිහින් උන්ගෙම හොස්ටල් එකේ නැවතිලා එහෙ කැන්ටින් එකෙන් කාලා වැවෙන් නාලා එහෙන්ම බයිසිකල් හොයාගෙන මුළු අනුරාධපුරෙයි මිහින්තලෙයි කවර් කරන එක තමයි ප්ලෑන. 
ආයිත් කියන්න දෙයක් නෑ වැඩේ තීන්දුයි. ඔන්න දවස තීරණය කරන්න තවත් රිප්ලයි 60ක් විතර ගියා... ඒකත් හරි.  දැන් ට්‍රිප් එක දවස් 3යි.

අනුරාධපුරේට කෝච්චිය තිබුණෙ උදේ 7යි ගාණකට. ගානට වෙලාවට කට්ටියක් කොටුවෙ ස්ටේෂන් එකේ. තව කට්ටියක් ගම්පහ පැත්තෙන් නගින්නෙ.

පැය 4 යි. 11.30 වෙනකොට අපි අනුරාධපුර ස්ටේෂන් එකේ. මේ පහල තියෙන්න ස්ටේෂන් එක ඉස්සරහ ඉඳන් ගත්ත ‍ෆොටෝ එකක්.



දැන් ඉතින් මිහින්තලේට යන්න ඕනෙ. 
ඊට කලින් මොනවහරි කාලා ඉන්න ඕනෙනේ කියල කඩේකට රිංගුවා. 
මෙතනදි තමා අපේ ජානා ව මතක් වෙන්නෙ. ජානකය මස් මාළු කන්නෙ නෑ. හෙන සිල්වත්. හැබැයි බිත්තර කොත්තුවෙ බිත්තර කෑලි අයින් කරල කොත්තුව විතරක් කනවා. මුගෙ තව කොන්දේසියක් තමයි අපි මස් මාළු කනවනම් මූට ඒ වෙනුවට වෙන මොනා හරි අරන් දෙන්නම වෙනවා. එහෙම නැත්නම් දවසම මුගෙ කන්දොස්කිරියාව අහන් ඉන්න වෙනවා.

කොහොමහරි ජානාටත් කවා පොවාගෙන පැය 3-4 කින් අපි මිහින්තලේ කැම්පස් එකේ. අපේ කැම්පස් එක වගේ ඉන්න ඕනෙ. ඒ අස්සෙ අපේ සමහර එවුන් කලම්බු කැම්පස් ටී ෂර්ට් ඇඳගෙන. 
මේ තියෙන්නෙ  රජරට හොස්ටල් වලට යන පාරෙදි ගත්ත ෆොටෝ එකක්.



ඔය කියන දවස්වල රජරට මොකද්ද ස්ට්‍රයික් එකක් හින්ද ලෙක්චර්ස් එහෙම නවත්තලා තිබුණෙ. කිසි ප්‍රශ්ණයක් නෑ අපිත් මෙහෙ එවුන් වගේම ගිහින් හොස්ටල් එකට රිංග ගත්තා. 
හේරගේ මල්ලිගෙ රූම් එකේ එවුන් ඒක අපිට දීල වෙන වෙන රූම් වලට රිංග ගත්තා.
හොස්ටල් එකේ බිත්තියක තිබ්බ සීගිරි බිතු සිතුවමක් තමයි මේ පින්තූරෙ තියෙන්නෙ.




ඊළඟට අපේ ඒකායන අරමුණ තමයි වැවකට බැහැල ජල ක්‍රීඩා කිරීම. 
මහකනදරාවට ටික දුරයිලු. ඔන්න දැන් යන්න ලෑස්තිය. 
විනාඩි 10 න් බයිසිකල් 10 ක් විතර රෙඩි වුණා. ආ අමතක වුණා නෙ කියන්න. මෙහෙ 100% ක්ම ළමයි හොස්ටල් ඉඳන් කැම්පස් යන්නත් එහෙ මෙහෙ ඇවිදින්නත් පාවිච්චි කරන්නෙ පාපැදි තමයි. බැලු බැලු අත බයිසිකල් වලින් යන කොල්ලො කෙල්ලො.

ඉතින් ඔන්න පාර හොයාගෙන ගිහින් මහකනදරාව වැවට  බැස්ස. ඇත්තටම ඒ වැව බොහොම ගැඹුරු වැවක්ලු. මේ ළඟදි නාන්න ආපු දෙන්නෙක්ද කොහෙද ගිලුණ කියන ආරංචියකුත් යන්තම් වගේ මතකයි. අපිට නම් කිසි අවුලක් වුනේ නැහැ. මෙන්න බලනවනම් පින්තූර.





ඇති වෙනකම්ම නාපු අපි කළුවර වැටීගෙන එනකොට ආපහු හොස්ටල් එකට ආවෙ රෑට මිහින්තලේ නඟින බලාපොරොත්තුවෙනුයි. ඇත්තටම රෑවෙනකොට රජරට කැම්පස් එකට මිහින්තලේ දිව්‍ය විමානයක් වගෙයි පේන්නෙ. පහල තියෙන්නෙ අපි එදා ගත්ත පින්තූර.




මම නම් කියන්නෙ මිහින්තලේ යනවනම් දවල්ට යන්න එපා.





මේ පින්තූරෙ ඉන්නෙ මිහින්තලේ අසිරිය විඳින අපි කට්ටිය.... 


දැන්නම් ඉතුරු ටික ලියන්න බෑ වගේ හිතෙනව. පෝස්ට් එකත් දිග වැඩි වෙන හින්ද ඒ ටික හෙට අනිද්ද වගේ දාන්නම්........


6 comments:

  1. නියම ට්‍රිප් එකක් නේ.මෙහෙත් ඇවිල්ල එහෙනම්.උඩමලුවට එහෙම ගියෙ නෑ?ඉතුරු ටිකත් ලියන්නකො බලන්න.අර මිහින්තලේ පින්තූරටික නම් ලස්සනයි.

    ReplyDelete
  2. අනේ ඔය වගේ ට්‍රිප් එකක් අපිටත් යන්න තියෙනවානම්.....

    ReplyDelete
  3. නියම ට්‍රිප් එකක් නේ. මම් කාලෙකින් අනුරාධපුරේ ගිහින් නෑ. නදී අක්කට නම් ආයේ යන්න කියලා යෑ. අනුරාධපුරේ නේ ඉන්නේ.

    2008 දි අයියා තුන්වෙනි වසරේ. මම් දෙවෙනි වසරේ. හික්ස් :)

    ReplyDelete
  4. නදී - නැතුව නැතුව.. උඩ මළුවට නොයා කොහොමද.. ආ මම හිතුවෙ රජරට කැම්පස් කියල. දැන් බැලුවාම ගෙවල් අනුරාධපුරේ නේ.

    Nisupa - හී.. හී.. එහෙම කියන්න එපා.. යාළුවො ටිකක් සෙට් කරගෙන වැඩි ප්ලෑන් නැතුව යන්නයි තියෙන්නෙ..

    මධුරංග - හරි ෂෝක් නේ. මම 2004 AL.

    ReplyDelete
  5. ජානා ෆේස් බුක් එකේ දාපු කමෙන්ට් ටික මෙන්න

    ජානා - මෙහි මා හට අපාහාස වනලෙස අසත්‍ය කරුනු අන්තර්ගතව ඇති බැවින් නීතිය මගින් මෙයට විරුධව කතයුතු කරමි.... :
    ---
    මේකෙ කිසිම අසත්‍ය තොරතුරක් නෑනෙ බං. කොත්තු සීන් එක අපි හැමෝම දන්න එකක්නෙ... :D
    ---
    ජානා - owamata apahasa karanna hadapu katha...ඵල ඇති රුකටනෙ ගල් ගහන්නෙ
    ---
    ඉසුරු - මිහින්තලේ උඩ විස්තර ටිකත් ආවට පස්සෙම නඩු දාපන්. :)
    ---
    හික් හික් අනිවා... ඒ ටික එනකම් පොඩ්ඩක් ඉවසපන්. ටික දවසයි.

    ReplyDelete
  6. patta kathaawa ban, kiyawanna kiyawanna aasai :D

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.