Sunday, December 26, 2010

හේරාගේ ගෙදර සිට උඩරට මැණිකේ සීග්‍රගාමී දුම්රියෙන් ආපසු එන ගමනෙදි සිදුවු සත්‍ය සිදුවීමකි.

මේ කතාන්දරය මම විසින් ලියන ලද්දක් නොව පොඩි එකා විසින් ලියා ජී තැපෑලෙන් එවන ලද්දකි. ඔබ හැමගේ වින්දනය පිණිස මෙසේ ඉදිරිපත් කරමි. මෙය සිදුවූයේ ගිය සති අන්තයේ දියතලාවේ චාරිකා කොට ආපසු කොළඹ එන අතරතුරය. චාරිකාවේ තවත් රසවත් තැන් ලඟදීම බලාපොරොත්තු වන්න.
සැ.යු.  තේරුම් ගැනීමට domain knowledge අවශ්‍ය විය හැක.

දියතලාව සිට තම ජොල් ශරීරය ඔසවා අපහසුවෙන් පැමිණි පුටුවා එතෙක් වෙලා පොර ටෝක්ස් දුන් සුදු චූටියාගේන් කොටුව දුම්රිය ස්ථානයට දුර ඇසුවේය.

ගම්පහ සිට කොටුවට දුම්රියේ ගමන් කලත් සුදු චූටියා දුරක් වේලාවක් නොදනී.

නමුත් මෙතෙක් වෙලා තම පොර ටෝක්ස් අසා සිටි   පුටුවාට චාටර් වීම තමාට පමණක් නොව  ගම්පහ ටේන් සෙට් එකටම වන අපකීර්තියකියි සිතූ චූටියා එකෙනෙහිම තම හිස එලියට දමා වේගයෙන් පසුවන 40 Kmph ලෙස සටහන් වු දුම්රිය වේග සීමාවක් දැක "තව කිලෝමීටර හතලිහයි" මහා පොර ලීලාවෙන් පැවසීය.

ඒවන විටත් දුම්රිය රඹුක්කන පසුකර පොල්ගහවෙළ  බලා එමින් පැවතුණි.
නමුත් අවුලෙන් සිටි පහඳාට චුටියාගේ දුර පිළිගැණිමට නොහැකිවිය.
පොල්ගහවෙළ ආසන්ය්‍යට  පැමිණෙන තෙක් බොහෝවෙලාවක් කල්පනා කල පහඳාට මීරිගම දුම්රිය ස්ථානය පවා 40 -45 km  දුරක් ඇති බව අවබෝධ විය.

එකෙනෙහිම ඌ "පිපිස්සුද චූටි කිලෝමීටර 61 ක් බන් මෙතන්ටම" කියා කිලෝමීටර 61 කණුව පෙන්වීය.
එවිට චුටියා "හරි බන් මම කිව්වෙ හැතැම්ම වලින් ,40  1.6න් වැඩිකරාම කිලෝමීටර 60 ක් විතර" කියා තම ඇඟ බේරාගැනීමේ ඉතා මෝඩ උත්සාහයක නිරත විය.

මෙය ඇසු බව්වා,පුටුවා, පහඳා සහ අසල සිටි රට වැසියෝ සිනහවෙන් ඉපිලෙන්නට විය.

9 comments:

  1. නියම කතාව තමයි.

    ඔය කතාව පුටුවා කිව්වේ ඇත්තටමද කියලා හිතා ගන්න බෑ. මොනවා උනත් පුටුවා කියන්නේ මාරම කොල්ලෙක් කියලා හිතා ගන්න මේ ටිකම ඇති. ගොඩ දවසකට පස්සේ නියම කතාවක් නේ

    හේරාගේ ගෙදර ඉදන් එද්දි තව තව කතා ඇති නේ ? ඒවත් හිමිහිට බ්ලොග් එකේ දාන්න

    ReplyDelete
  2. මධුරංග - පුටුව නෙමේ බං ඹ්ක කිව්වෙ චූට්යා. ඹව් ඹව් තව කතා ගොඩායි. :)

    ReplyDelete
  3. කතාව කියපු එකාගෙ නම කොපි කරලා පේස්ට් කරද්දී කොපි කරන් තියෙන්නේ වැරදි නමක්. මොනා උනත් පට්ට කතාව. අර හෝට් න් තැන්නේ ඉතුරු කතා ටිකත් නිවාඩු පාඩුවේ දාන්න

    ReplyDelete
  4. ඹව් ඹව් මේ පාරත් හෝටන් ගියා. හැබැයි දවස් 3 ක නිවාඩුවක් හින්දා සෑහෙන්න සෙනඟක් ඇවිත් හිටියා. හෝටන් නිකන් පිටකොටුව වගේ එදා.

    ReplyDelete
  5. චූට්යාගේ තව ආතල් කතා නැද්ද හික්ස්! මරු අප්පා
    පුටුවා ජොලෙක් ද?
    අයියා වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කරමු ද?

    ReplyDelete
  6. ඇත්තටම වර්ඩ් වෙරිෆිකේෂන් චෙක් වෙලා කියල මම දැනගෙන හිටියෙ නෑ. තැංකූ තැංකූ මල්ලි කිව්වට.
    තව පෝස්ට් නම් දාන්න හිතේ තියෙනව ඒත් බ්ලොග් ටික කියවල ඉවරවෙනකොට වෙලාව ඉවරයි.

    ReplyDelete
  7. අප්පා ගම කාලානේ :D වලක් හාරලා දෙන්න එපැයි බං ඌට හැංගෙන්න :D වෙලාවට ඌ කෝච්චියෙන් පැන්නෙ නැත්තෙ!!

    ReplyDelete
  8. ගයාන් - හරි හරි බං හෙට දානවා හෙට හෙට..

    චන්දික - හි හී .. ඔවි බං.

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.