Thursday, December 9, 2010

ජානක ඇන්ඩ් ද පාටි.

     අද මම කියන්න යන්නේ ට්‍රිප් එකක් ගැන නෙමෙයි ට්‍රිප් එකක් ගිහින් වෙච්ච දෙයක් ගැනයි. ජානකයා මාත් එක්ක තරහ වෙන එකක් නෑනෙ. මේක උනේ අපි කැම්පස් එකේ ෆස්ට් ඉයර් ඉන්න කාලෙ. විභාගෙ එහෙම ඉවර වෙලා හිටියෙ. ඉතින් අපි කට්ටියටම ඕනෙ වුනා කොහේ හරි ට්‍රිප් එකක් යන්න. (මේ ට්‍රිප් එකේ විස්තරෙත් ළඟදීම දානවා) කොහොමහරි අවසානයට තීරණය වුනේ නුවරඑළි + හෝටන් යන්න. කෝච්චියෙ තමයි යන්න තීරණය කළේ. ටිකට් එහෙම කලින් වෙන් කරගෙන තමයි වැඩේට සෙට් වුනේ. 
     පළවෙනි දවසෙ එහෙ මෙහෙ ඇවිදලා දෙවෙනි දවසෙ උදෙන්ම අපි පට්ටිපොළ ස්ටේෂන් එකට ආවෙ එතන ඉඳල පයින්ම හෝටන් ගිහින් එන්න හිතාගෙනයි. ට්‍රිප් එක ඉවරවෙලා ආපහු යන විදිය වත් වෙලාව වත් එතකොට තීරණය කරල තිබුණෙ නෑ. ඒක හින්ද අපි පොඩ්ඩක් ස්ටේෂන් මාස්ටර් එක්ක කතා කරල බැලුව කොළඹට කෝච්චියක් තියෙන වෙලාවල් ගැන එහෙම. එතකොට ස්ටේෂන් මාස්ටර් කියපු දේවල් අහල ඔන්න අපිට පොඩ්ඩක් තේරුණා වැඩේ අපි හිතාගෙන හිටියට වැඩිය පොඩ්ඩක් වෙනස් කියල. අපි ට්‍රිප් එක ඇවිල්ල තිබුණෙත් දීර්ඝ සති අන්තයක. ඒක හින්ද මේ පැත්තෙ ජීවත්වෙන කොළඹ ජොබ් කරන සියළු ජනතාව ආපහු කොළඹ යන කෝච්චියට තමයි අපිට ආපහු යන්න නැකත සෙට්වෙලා තියෙන්නෙ. බදුල්ලෙන් මිසක් කෝච්චියට නඟින්න ලේසි නැහැලු. අපිත් සෙට් එකටත් තේරුණා දවසම පයින් ලෝකාන්තෙට ඇදල ආපහු පැය 9-10ක් කෝච්චියෙ හිටගෙන යන එක පොඩ්ඩක් විතර දරුණු වැඩක් කියල. ටිකට් බුක් කරන එකත් බදුල්ලෙන් මිසක් කරන්න බැරිලු. 
  එහෙම කියලත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ මොනවහරි මේකට කරන්නත් ඕනෙනේ. තව දවසක් මෙහෙ ඉන්න එකත් ලේසි වැඩක් නෙමේ. අපි කෝකටත් කියල පොඩ්ඩක් ස්ටේෂන් මාස්ටර් ට කතා කරල බැලුව අපි මෙන්න මෙහෙම ළමයි ටිකක්ය.. මේ වගක් දැනගත්තෙත් දැන් ය කියල.. වැඩේ ටිකක් ෂේප් වගේ.. කොහොම කොහොම හරි මාස්ටර් අපෙන්ම ෆෝන් එකකුත් ඉල්ලගෙන බදුල්ලට කෝල් එකක් අරගෙන දැන් කතා කරගෙන යනවා. වැඩේ හරි.. දැන් අපි (අපි කිව්වට ස්ටේෂන් මාස්ටර්) ඔන්ලයින් සිස්ටම් එකට ටිකට් බුක් කරන්නයි යන්නෙ.
    ඔන්න මේ වෙලාවට තමයි කොහෙද ඉඳල ජානකය සෙට් වෙන්නෙ. ජානක කියන්නේ මේ අර උතුවන්කන්දෙදි ආච්චිගෙන් පාර අහපු ජානකම තමයි. 
ඔන්න දැන් කෝල් එක යන අතරෙදි ස්ටේෂන් මාස්ටර්ට ඕනෙ වුනා ටිකට් බුක් කරන කට්ටියගෙ නමක්. ඇයි ඉතින් කාටද කොහේටද වගේ විස්තර ඕනෙ නෙ වැඩේට. 
ආයෙ මොනවද අපි කට අරින්නත් කලින් ජානකය ජානක.. ජානක.. කියල කිව්වා. අපිත් ඉතින් ජානක.. ජානක.. කියලම කියල දැම්මා. 
මේ අතරෙදි  දැන් කෝල් එකත් දිගටම යනව. ජානකයටත් එක තැනක ඉන්න බෑනෙ. මූත් ඉතින් සීතලේම එහාට මෙහාට ඇවිද ඇවිද හිටියා. 
එතකොටම ස්ටේෂන් මාස්ටර් බදුල්ල ස්ටේෂන් එකට අනික් විස්තරත් එක්ක නම විදියට කියනව “ලියාගන්න ජානක ඇන්ඩ් ද පාටි කියල” කියල. ඔන්න මේ වෙලාවෙ ජානකයට මේක යන්තම් වගේ ඇහිල කෑ ගහගෙන දුවගෙන එනව “නෑ නෑ ජානක ගයාන් පතිරණ.. ජානක ගයාන් පතිරණ ..” කියල. මළ කෙළියයි මූ හිතල තියෙන්නෙ පොරගෙ නම වැරදියට කිව්ව කියලයි. 
මේ අතරෙදි ස්ටේෂන් මාස්ටරුත් බයවෙලා වගේ අපේ දිහා බැලුව. අපිත් ඔක්කොම නෑ.. නෑ.. හරි ..හරි ..කියල කිව්වා. 
මෙන්න ඒ පාර ජානකය ආපහු කෑ ගහනව “ජානක ගයාන් පතිරණ” කියල. අපිටත් ඉතින් මැරෙන්න හිනා. බොහොම අමාරුවෙන් තමයි මේකට කාරණාව හරියට තේරුම් කරල නිශ්ශබ්ද කෙරෙව්වේ. ඇයි ඉතින් මේ යන්තම් වැඩේ කෙරෙන වෙලාව. කෝල් එකත් ඉවර නැහැ. බැරිවෙලාවක් වත් ටිකට් බුක් කරගන්න බැරිවුනානම් හෙන කට්ටක්නේ කන්න වෙන්නෙ. කොහොම හරි එදා පට්ටිපොළ ස්ටේෂන් එකේ මාස්ටර්ට පිං සිද්ධ වෙන්න හෝටනුත් ගිහින් කෝච්චියෙත් පහසුවෙන් එන්න පුළුවන් වුනා. ස්ටේෂන් මාස්ටර්ගෙ නම නම් මතක නැහැ.
හ්ම්.. ඔන්න ඉතින් ඔහොමයි ජානකය අපිට අමතක නොවන තවත් සිදුවීමක් ජීවිතේට එකතු කළේ. දැන් නම් මේකාත් ලංකාවේ ඉහළ පෙළේ ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් තමයි. මේක කියවල තරහ වෙන එකක් නම් නෑ කියල තමයි මම හිතන්නෙ.
ඔය පහලින් තියෙන්නෙ එදා ස්ටේෂන් එකේදි තවත් යාළුවෙක් ගත්ත ෆොටෝ එකක්. දැන් නම් අඳුරන්නත් අමාරුයි වගේ.

14 comments:

  1. ඔහොමත් මඩ ගහන එක හරිද ආහ්?
    පින්තූරේ ඉන්න ළමයනම් හොඳට දැකල පුරුදුයි... :)

    ReplyDelete
  2. ජානකයා තරහා වෙන එකක් නෑ. මොකද ඒකව සයිබර් අවකාශයට ගෙනාපු නිසා. හෝටන් තැන්න කියන්නේ මරේ මරු පොට් එකක්. කිලෝමීටර් 7ක් විතර ඇවිදින්න තියෙනවා. ඇවිදලා එනකොට හොද ගනන්. ආයෙ ඉතින් පාං කියා ගන්නවත් බැරි තරම අමාරුයි.

    අපිත් දෙසැම්බර් කිට්ටු කරලා ඔය පැත්තේ ගියා. මැරෙන්න සීතලක් තියෙන්නේ. ජානකගේ කතා එහෙමත් දාන්න . මං හිතන්නේ ජානක කියනනේ පුදුම ෆන් එකක් දෙන කොල්ලෙක් වෙන්න ඇති කියලා.

    ආහ් පොඩි දෙයක් !!!!! හොර්ටන් තැන්න කියන්නේ ශ්‍රී ලංකාවේ නොයිදුල් උල්පත් රාශියක් තියෙන තැනක් !!! මේ නිසා කවදාහරි එහේ ගියොත්, හෝර්ටන් තැන්නේ සුන්දරත්වයට එහෙම හානි වන ලෙස හැසිරීමෙන් වලකින්න කියලා පාඨක ඔබෙන් ඉල්ලීමක් කරනවා !!!!

    ReplyDelete
  3. @Gayan Handapangoda - මඩ ගහන එක ඉතින් සෑහෙන්න පුරුදු දෙයක්නේ. ඉතින් අමතක කරන්න අමාරුයි. පින්තූරේ ඉන්න ළමය අඳුරන්නත් බෑ නේද.

    @මධුරංග - තැන්කූ වේවා. ඔව් ඔව් ජානකයා තරහා වෙනව නම් අවුරුදු 3-4 කට කලින්ම පොර මාත් එක්ක තරහ වෙලා. මේක අවුලක් වෙන එකක් නෑ.
    කියල වැඩක් නෑ පට්ටිපොළ ඉඳලම පයින් තමයි. වාහනේක ගිහින් මේ අත්දැකීම නම් ගන්න බැහැ.

    ReplyDelete
  4. මේ ජානා සෑහෙන වෙනස් වෙලා නෙව හ්ම්ම්...

    ReplyDelete
  5. මේ ජානා නෙමෙ බං ඇත්තටම අඳුරගන්න බැරිද මේ ඉන්න එකාව?

    ReplyDelete
  6. හරි හරි දන්නව දන්නව ලොල්

    ReplyDelete
  7. මේ පහනා නේද බොලං පිංතූරෙ ඉන්නෙ...

    ReplyDelete
  8. අඩෝ පට්ට බන්, තව ලියපන් කියවන්න ආසයි, පට්ටිපොළ ඉදන් කොහොමද බන් පයින් ගියේ එපා වෙන්න ඇතිනේ, අපිට අර වාහන යන්න පුළුවන් තැන ඉදන් පයින් ගිහින් එපා වුනා

    ReplyDelete
  9. තුසියා - ලොල් ලොල්
    Chathuranga - පහනා අඳුරන්නත් බෑ නෙහ්.
    GayanNR - මම ෆුල් ඩීටේල් ඇතුව මේක ලියන්නයි ඉන්නේ බං

    ReplyDelete
  10. පට්ටිපොල නං මොනවද පුතා..අපේ කෝස් එකේ 48 මාච් එක නෙව ඔක..
    දිය තලාවෙ ඉඳලා පයිංම කැලෑ මැද්දෙන් බඩ ගාලා සීබ්‍රා නැගලා..හොටන් තැන්නේ දවස් දෙකක් කෑම්ප් ගහලා...ආතල් එකේ ආපහු පයිංම දියතලාවට..48km ලේසිද..?

    ReplyDelete
  11. හහ් හහ් මාරයට නම් ඉතින් ඹ්ව සිම්පල් තමා.
    මොකද්ද බං ඇත්තටම සිබ්‍රා නගිනව කියන්නෙ. මම ඇහුවෙත් අදයි.

    ReplyDelete
  12. සීබ්‍රා කියන්නේ කන්දක්..ඔය පට්ටිපොල දුම්රිය ස්ථානෙට බොහෝම ආසන්නයේ තියෙන්නේ..
    හරියටම කිව්වොත් සීබ්‍රා කන්ද නැගලා ඉවර වෙන්නේ පට්ටිපොල ස්ටෙෂන් එකට ටික දුරකින් තමයි..ඊට පස්සේ රෙල් පාර දිගේ..එක බිම් ගෙයක් පාස් කරලා කෙළින්ම පට්ටිපොල ස්ටෙෂමෙ..
    සීභ්‍රා නගින එක ලේසි නැහැ..අංශක 85හේ කන්ද..ඒකත් තනි කෙළින් කිලෝ මීටර් දෙකක් විතර...

    ReplyDelete
  13. නෑහ්. මම හිතුවෙ සීබ්‍රා නගිනව කියන්නෙ බඩ ගානව වගේ එකක් කියල. විලි ලැජ්ජාවෙ බෑ.
    මම දැක්ක මාරය ඒ දවස්වල ගත්තු ෆොටෝ මූණු පොතේ දාලා තියෙනව. අඳුරන්නත් බෑ. මාර කෝස් එකක් තමයි ඒකත්.

    ReplyDelete
  14. ඔන්න අපි පට්ටිපොල යන එකෙ පොටෝ කෑල්ලක් එවලා ඇති...

    ReplyDelete

කමෙන්ට් එකකුත් දාලම යන්න.